Author: Suraj Alwis

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලටය විසින් නව ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේනිගත කිරීමේ ලැයිස්තුව එළි දක්වා තිබෙනවා. එම ලැයිස්තුව අනුව එංගලන්ත පිතිකරු ජො රූට් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය හිමි කර ගැනීමට සමත්ව තිබීම විශේෂත්වයක්. දෙවැනි ස්ථානය නවසීලන්ත පිතිකරු කේන් විලියම්සන් විසින් හිමි කරගෙන ඇති අතර තුන් වැනි ස්ථානය හැරී බෲක් විසින් හිමි කර ගත්තා. එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක 06 වැනි ස්ථානයත්, කුසල් මෙන්ඩිස් එහි 10 වැනි ස්ථානයත් හිමි කර ගෙන තිබෙනවා.

තව කියවන්​න

ගතවූ පැය 24 තුළ පාකිස්ථානයේ පංජාබ් ප්‍රාන්තයට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 63 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ගොඩනැගිලි කඩා වැටීමෙන් සහ දියේ ගිලී හෝ විදුලි සැර වැදීමෙන් මෙම මරණ වාර්තා වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. පසුගිය මස අවසානයේ සිට ආරම්භ වූ මෝසම් වැසි හේතුවෙන් පාකිස්ථානයේ මේ දක්වා සිදුව ඇති මරණ සංඛ්‍යාව 180 ක්.

තව කියවන්​න

සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි. ඌව, උතුර සහ නැගෙනහිර පළාත්වල අද පස්වරු කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන්. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් විටින් විට හමන පැයට කිලෝමීටර 40 ක 50 ක පමණ තද සුළං ඇති වන බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින්…

තව කියවන්​න

ඇමෙරිකාවේ, ඇලස්කා ප්‍රාන්තයේ ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබු බව විදෙස් වාර්තාවල දැක්වුණා. රික්ටර් මාපකයේ ඒකක 7.3 ක ප්‍රබලත්වයෙන් යුතුව එම භූ කම්පනය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් ඇලස්කා ප්‍රාන්ත වෙරළබඩ කලාපයට සුනාමි අනතුරු ඇඟවීම් නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා. ඇලස්කාවේ, සැන්ඩ් පොයින්ට් දූපත් ප්‍රදේශයේ සිට කිලෝමීටර් 87 ක් දුරින් සහ කිලෝමීටර් 20 ක් ගැඹුරින් භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

තව කියවන්​න

බොරැල්ල, සර්පන්ටයින් පාර ප්‍රදේශයේදී පසුගියදා වෙළෙඳසැලක සිටි පුද්ගලයෙකුට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊට අදාළ අනුබල දුන් පුද්ගලයින් දෙදෙනෙකු බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය ජූලි අට වැනිදා වෙළෙඳසැලක සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලා ගොස් තිබූ අතර ඒ සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබුවා. මේ අනුව ඊයේ දිනයේ පස්වරු කාලයේ සහස්පුර ප්‍රදේශයේ දී බොරැල්ල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණේ අපරාධය සඳහා යොදා ගත් තවත් ත්‍රිරෝද රථයක්ද සමගින් බවයි පොලිසිය සඳහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30 ක් වූ ඉඹුල්ගස්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා. මේ අතර මෙම…

තව කියවන්​න

බෙල්ජියමේ, බූම්හි, ටුමෝරොලෑන්ඩ් පැවැත්වීමට නියමිත උත්සවයක ප්‍රධාන වේදිකාව ආශ්‍රිතව ගින්නක් හටගෙන ඇති බව විදෙස් වාර්තාවල දැක්වුණා. උත්සවයට දින දෙකකට පෙර මෙම ගින්න ඇති වී තිබෙනවා. හෙට දිනයේදී එම උත්සවයේ පළමු සති අන්තය ආරම්භ වීමට නියමිතව තිබූ බවයි සඳහන් වන්නේ. මෙම ගින්න හේතුවෙන් කිසිදු තුවාලයක් හෝ කිසිඳු ජිවිත හානියක් පිළිබඳ වාර්තා වී නොමැති බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

තව කියවන්​න

ශ්‍රී ලංකාවට එරෙහිව පළමු වරට විස්සයි විස්ස තරගාවලියක් ජය ලබන්නට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ රාත්‍රියේදී සමත් වුණා. ඒ, ශ්‍රී ලංකාව සමඟ පැවති තුන්වැනි සහ අවසන් විස්සයි විස්ස තරගය කඩුලු 8 කින් ජය ගැනීමත් සමඟයි. කොළඹ, ආර්. ප්‍රෙමදාස ක්‍රීඩාංගණයේ දී පැවති තීරණාත්මක තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ඊයේ පැවති තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් දෙකක් සිදු කරමින් තරගයට පිවිසුණා. මේ අනුව පසුගිය තරග දෙකේදී අසාර්ථක වූ අවිශ්ක ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්නට ඊයේ තරගය අහිමි වෙද්දී කලකට පසුව දිනේෂ් චන්දිමාල්ට සහ කමිඳු මෙන්ඩිස්ට අවස්ථාව ලබා දීම මෙහිදී සිදු වුණා. මෙහිදී ශ්‍රී ලංකා ඉනිම…

තව කියවන්​න

ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අද යළි රැස්වීමට නියමිතයි. පසුගිය 15 වැනිදා ශ්‍රී ලංකා විදුල බල සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ මෙම කාරක සභාවේ දී පළමු වරට සලකා බැලීම සිදු කෙරුණා. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති අදාළ රැස්වීම සඳහා බලශක්ති අමාත්‍යංශය, නීතිපති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය ඇතුළු ආයතන ගණනාවක් නියෝජනය කරමින් නිළධාරීන් ඒ සඳහා සහභාගී වු බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළා. එහිදී මහජන උපයෝගීතා කොමිෂන් සභාව මෙම පනත් කෙටුම්පත සංශෝධනය කිරීමට අදාළව ඉදිරිපත් කර තිබු යෝජනා සහ නිර්දේශ කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති…

තව කියවන්​න

රම්බොඩ, ගැරඬිඇල්ල බස් අනතුරෙන් විපතට පත්වූවන් වෙනුවෙන් උපරිම අයුරින් සහන සලසා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරලී අනතුරක් සිදු වූයේ පසුගිය මැයි 11 වැනිදායි. කතරගම ඩිපෝවට අයත් මෙම බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු ඇතුළු පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. අනතුරින් තුවාල ලැබූ ප්ද්ගලයින් සංඛ්‍යාව 61 ක්. මිය ගිය පුද්ගලයින්ගේ අවසන් කටයුතු සඳහා දායකත්වය ලබා දුන් අතර තුවාල ලැබූවන්ගේ අවශ්‍යතා සොයා බැලීම සඳහා උපරිම පියවර ගත් බවයි ලංකා ගමනාගමන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ. මිය ගිය එක් පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් 25,000 බැගින් ද, තුවාල ලැබූවන්ට රුපියල් 10,000 බැගින් ද, රියදුරෙකුට රුපියල් ලක්ෂයක…

තව කියවන්​න

2026 අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට අදාළ පූර්ව අයවැය සැලසුම සහ සංවර්ධන දිශානතිය සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡා පැවැත්වුණා. එම සාකච්ඡාවේදී ඉදිරි අයවැය සකස් කිරීම සම්බන්ධ වත්මන් තත්ත්වය පිළිබඳ ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් විමසීමක් සිදු කර තිබෙනවා. එහිදී මුදල් අමාත්‍යංශ නිලධාරීන් සදහන් කර සිටියේ මේ වන විට අයවැය යෝජනා කැඳවීමේ චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි. අදාළ වියදම් සීමා තුළ ඒ ඒ ආයතනවලට අදාළව අයවැය ඇස්තමේන්තු ඉදිරිපත් කිරීමට ලබන 31 වැනිදා දක්වා කාලය ලබා දී ඇති බවද එහිදී මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ජනාධිපතිවරයා වෙත දන්වා ඇතැයි සඳහන්.…

තව කියවන්​න