- පොලිසියෙන් විශේෂ සෝදිසි මෙහෙයුමක්
- කුලී නිවැසියෝ ඉල්ලීම් ඉල්ලා මහ පාරට
- හර්යාණාවේ රික්ටර් මාපක 3.2ක භූකම්පනයක්
- න්‍යෂ්ටික බලගැන්වීම් අඛණ්ඩව
- කොරියා සෘතුමය රැකියාවලට අවබෝධතා ගිවිසුමක්
- සයිබර් තර්ජන හඳුනා ගැනීමට පර්යේෂණ ඒකකයක්
- ලක්මව රනින් සැරසූ ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩකයන්ට උපහාර
- රක්ෂිත බන්ධනාගාරගත කර සිටි දේශීය ආදායම් නියෝජ්‍ය කොමසාරිස්වරයෙකුට ඇප
Author: Suraj Alwis
රත්මලාන සහ යාපනය ගුවන්තොටුපල අතර සෘජු අභ්‍යන්තර ගුවන් ගමන් සේවාවක් ක්‍රියාත්මක කිරීම සඳහා මෙරට සමාගමක් වෙත සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ගුවන් ගමන් යානා මෙහෙයුම් බලපත්‍රය පිරිනමා තිබෙනවා. මෙම ගුවන් ගමනට පැය එකයි මිනිත්තු 20 ක කාලයක් ගත වන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කළේ. සෙස්නා 284 වර්ගයේ ගුවන් යානයක් ඒ සඳහා යොදා ගැනීමට නියමිතව තිබෙනවා.
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ සහභාගි වන අවසන් තරගය මෙය වීමද විශේෂත්වයක්. 2025 – 2027 අයි.සි.සි ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවත්වෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට තරග දෙකක් ඇතුළත්. මේ අනුව දෙරට අතර පළමු තරගය ගාල්ලේදී අද ආරම්භ වන අතර පළමු තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ දිනයේදී සිය අවසන් පුහුණු සැසියටද එක්ව තිබුණා. දෙපිලේ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ටෙස්ට් තරගාවලියේ ශූරයින්ට පිරිනැමෙන කුසලානය ගාල්ල ක්‍රීඩාංගණයේදී ඊයේ…
ඊශ්‍රායලය විසින් ඉරානයේ රාජ්‍ය ප්‍රවෘත්ති නාලිකාවක මැදිරි සංකීර්ණයට ප්‍රහරයක් එල්ල කර තිබෙනවා. ඉරාන මාධ්‍ය පැවසුවේ, නිවේදිකාවක් ඊශ්‍රායලය පිළිබඳ සජීවී විවේචන ඉදිරිපත් කරමින් සිටියදී මෙම ප්‍රහරය එල්ල වී ඇති බවයි. ප්‍රහාරයෙන් පසු රූපවාහීනි මැදිරිය දූවිලිවලින් පිරී යන අයුරු ද සජීවීව පටිගත වී තිබෙනවා. පසුව නාලිකාව සජීවි විකාශය හදිසියේම නවතා ඇති අතර පෙර පටිගත කරන ලද වැඩසටහන් විකාශය කිරීම ආරම්භ කළ බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. මෙම සිදු වීමට පැයකට පමණ පෙර ඊශ්‍රායලය ටෙහෙරානයේ රූපවාහිනී මැදිරියෙන් ඉවත් වන ලෙසද අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව සඳහන්.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සම්බන්ධයෙන් විමර්ශනය කරන පරීක්ෂණ කමිටුව ඉදිරියේ තවත් සාක්ෂිකරුවන් තිදෙනෙකු සාක්ෂි ලබා දී තිබෙනවා. පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල, බරපතල අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුවේදී ඊයේ දිනයේදී තවත් සාක්ෂිකරුවන් තිදෙනෙකු විසින් මෙලෙස සාක්ෂි ලබා දී තිබෙනවා. මෙම කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී පෙරවරු 9.30 සිට පස්වරු 07.30 දක්වා මෙලෙස සාක්ෂි ලබා…
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත් වූ අපේක්ෂකයින්, දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 2,433 ක් ආදායම් වියදම් වාර්තා ලබා දී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, අදාළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් ලබා දී ඇති බවයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා මේ බව සඳහන් කළා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222