- කුලී නිවැසියෝ ඉල්ලීම් ඉල්ලා මහ පාරට
- හර්යාණාවේ රික්ටර් මාපක 3.2ක භූකම්පනයක්
- න්‍යෂ්ටික බලගැන්වීම් අඛණ්ඩව
- කොරියා සෘතුමය රැකියාවලට අවබෝධතා ගිවිසුමක්
- සයිබර් තර්ජන හඳුනා ගැනීමට පර්යේෂණ ඒකකයක්
- ලක්මව රනින් සැරසූ ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩකයන්ට උපහාර
- රක්ෂිත බන්ධනාගාරගත කර සිටි දේශීය ආදායම් නියෝජ්‍ය කොමසාරිස්වරයෙකුට ඇප
- බංග්ලාදේශ ගුවන් අනතුරින් මිය ගිය පිරිස ඉහළට
Author: Suraj Alwis
මිහින් ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි වශයෙන් කටයුතු කරමින් සිටියදී රජයට රුපියල් මිලියන 883 ක පාඩුවක් සිදු කළ යැයි චෝදනා ලැබ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරමින් කොළඹ මහාධිකරණය විසින් ලබා දුන් තීන්දුවක් බල රහිත කළ අභියාචනාධිකරණය එම නඩුව යළි විභාගයට ගන්නා ලෙස නියෝග කර තිබෙනවා. අදාළ මහාධිකරණ තීන්දුවට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව සශ්රී මහේන්ද්‍ර, අමල් රණරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.2007 වසරේ ජූනි මස 27 වැනිදා සහ 2008 වසරේ මැයි මස 29 වැනිදා අතර කාල…
ඉන්දුනීසියාවේ, උතුරු සුලවේසි පළාතේ මුහුදු ප්‍රදේශයේ දී මගී නෞකාවක හට ගත් ගින්නක් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබෙනවා. පුද්ගලයින් දෙසිය අසූ දෙනෙකු පමණ එහි සිට ඇති අතර එකසිය පනස් දෙනෙකු පමණ බේරා ගෙන ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වුණේ. මේ අතර සෝදිසි සහ මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුවෙමින් පවතින බවද සඳහන්. එම පළාත් වේලාවෙන් ඊයේ පස්වරු එකට පමණ පළාතේ අගනුවර වන මනාඩෝ මුහුදේ යාත්‍රා කරමින් සිටියදී K.M බාර්සිලෝනා 5 නෞකාවේ මෙලෙස ගින්නක් හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
දකුණු කොරියාවට දින ගණනාවක් පුරා ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හට ගත් ගංවතුර සහ නායයෑම්වලින් අවම වශයෙන් මේ වන විට පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ආපදා කළමනාකරණ කාර්යාලය නිවේදනය කර ඇති බව විදෙස් වාර්තාවල දැක්වෙනවා. එහිදී වින්දිතයින් 12 දෙනෙකු අතුරුදහන්ව ඇති බවත්, මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවත්, එරට බලධාරීන් පවසනවා. දකුණු කොරියානු දේශීය මාධ්‍ය වාර්තා කරන පරිදි, බදාදා වර්ෂාව ආරම්භ වීමෙන් පසු 10,000 කට ආසන්න පිරිසක් තම නිවෙස්වලින් ඉවත් කර ඇති බව සඳහන්. එමෙන්ම තවත් 41,000 කට වැඩි නිවාස සංඛ්‍යාවක තාවකාලිකව විදුලියද ඇණ හිට තිබෙනවා.
ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන 2027 අදියර ඇතුළුව 2029 සහ 2031 වර්ෂයන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය නම් කර තිබෙනවා. 2027 අදියරේ අවසන් මහා තරගයේ සත්කාරකත්වයට ඉන්දියාවේද බලාපොරොත්තුවක් තිබූ පසුබිමක මෙම තීරණය ගෙන තිබීම විශේෂත්වයක්. සිංගප්පූරුවේ පැවති අයි.සි.සි වාර්ෂික සමුළුවේදී මෙම තීරණය අනුමත කර ඇති බව සඳහන්. ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගය පැවැත්වීමේ දී එංගලන්ත ක්‍රිකට් ආයතනය ඊට දැක් වූ සාර්ථකත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබෙනවා. මේ අනුව 2021 වසරේ පැවැති අවසන් මහා තරගය ඇතුළුව මේ දක්වා පැවැති සෑම අදියරකම 2023 – 2025 අවසන් මහා තරග සඳහා ද සත්කාරකත්වය ලබා දී ඇත්තේ එංගලන්තයයි. 2023…
යාපනය, වඩුක්කෝඩෙයිහි පදිංචි දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇති බවට 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ඊයේ පස්වරුවේ දුරකථන ඇමතුමක් ලැබී තිබෙනවා. මේ අනුව පොලීසිය එම ස්ථානයට පැමිණෙන අවස්ථාවේදී එක් පාර්ශවයක් අනෙක් පාර්ශවයට අයත් යතුරුපැදියක් ගිනි තබා තිබු බවයි සඳහන් වන්නේ. එහිදී පොලීසියටද ගල් – මුල් ප්‍රහාරයක් එල්ල වූ අතර තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය අහසට වෙඩි තබා තිබෙනවා. කාලයක් මුළුල්ලේ එම ගම්මානයේ දෙපිරිසක් අතර පවතින ආරවුලක් යළිත් මෙලෙස ගැටුමක් දක්වා වර්ධනය වී ඇති බවයි පොලීසිය සිදු කළ මුලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අස්වැසුම සුභසාධක ප්රතිලාභ වැඩසටහනට අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය අදින් අවසන් වනවා. එහි දෙවැනි අදියර සදහා අයදුම්පත් 30,000 කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට ලැබී තිබෙනවා. අදාළ අභියාචනා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත භාරදිය හැකි අතර අනතුරුව එම අභියාචනා සුබසාධක ප්රතිලාභ මණ්ඩලයට යොමු කෙරෙනු ඇති. මේ අනූව අදින් පසුව එම අභියාචනා සමාලෝචනය කිරීමට නියමිතයි.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, නිධන්ගත ශිරා ඌණතා රෝගී තත්ත්වයකින් පීඩා විඳින බව, ධවල මන්දිර ප්‍රකාශිකා කැරොලයින් ලීවිට් ප්‍රකාශ කර තිබෙනවා. ඇය මෙම කරුණු අනාවරණය කර ඇත්තේ ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ධවල මන්දිර වෛද්‍යවරයා ලබා දුන් වාර්තාවක් ද මාධ්‍ය හමුවේ උපුටා දක්වමින්. 79 හැවිරිදි ට්‍රම්ප්ගේ පාදවල ඉදිමීම් දක්නට ලැබෙන අතර, අත්වල තැලීම් වැනි පැල්ලම් නිරීක්ෂණය වී ඇතැයිද විදෙස් වාර්තාවල දැක්වෙනවා. මේ අනුව, ඇමෙරිකානු ජනාධිපතිවරයාව වෛද්‍යවරුන් විසින් පරීක්ෂණයකට ද යොමු කර ඇති බවයි ධවල මන්දිර ප්‍රකාශිකාව පවසා ඇත්තේ.
2024 වර්ෂයේ ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් බව ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය පවසනවා. මේ අනුව එම වර්ෂයේ ක්‍රිකට් තරග පාවාදීම්, තහනම් උත්තේජක භාවිත කිරීම් ඇතුළු ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව නවයක් බයි එම ඒකකය සඳහන් කළේ. 2024 වර්ෂයේ ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 27 ක් වන අතර ඊට ක්‍රිකට්, එල්ලේ, හොකී, ජූඩෝ, මේස පන්දු, කබඩි සහ බැට්මින්ටන් ඇතුළු තවත් ක්‍රීඩා රැසක් ඇතුළත්. ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි 2024 වර්ෂයේ පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් සහ ලේජන්ඩ් කුසලාන තරගාවලියේදී සිදු වු සිදුවීම් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි බවද සඳහන්. මේ අතර, මෙම…
සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද විටින්විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ඇතැම් ස්ථානවල මිලිමීටර 50 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවද සඳහන්. බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවෙයි. ඌව, උතුර සහ නැගෙනහිර පළාත්වල අද පස්වරු කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් විටින් විට හමන පැයට කිලෝමීටර 40 ක 50 ක පමණ තද සුළං ද ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා…
ජාතික, ආගමික සහ සාමාජීය සංවර්ධනය උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට නොපසුබටව කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. රජයේ කටයුතුවලදී මහා සංඝරත්නයේ අනුශාසනා අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ, මල්වතු – අස්ගිරි උභය මහා විහාරයීය අනුනායක හිමිපාණන් වහන්සේ ඇතුළු කාරක මහා සංඝ සභික නායක ස්වාමින් වහන්සේලා සමඟ මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේදීයි. මල්වතු-අස්ගිරි මහා නායක හිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා පරිදි ශාසනික මෙන්ම, ජාතික සහ සාමාජීය වශයෙන් සුවිශේෂී කරුණු රැසක් පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. එමෙන්ම ශාසනික වශයෙන් උද්ගතව ඇති ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා බෞද්ධ විහාර දේවාලගම්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222