- නිලන්ත වෙනුවෙන් ගම්මන්පිල හඬ අවදි කරයි ! – VEDIO –
- හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද කපන්න කැබිනට් අනුමැතිය – VEDIO –
- හිටපු ලොක්කෝ හොරෙන්ම චෛත්‍යයක් විකුණලා මිහින්තලා නායක හිමිගෙන් අනාවරණයක් ! VEDIO
- ඇත්ත අන්තරේ විස්තරේ හිටපු කැඳවුම්කරු වසන්ත කියයි !
- නව අධ්‍යාපන ප්‍රතිස්කරණ ගැන විපක්ෂය කියන දේ .. – VEDIO
- හිටපු ඇමැති මනුෂගේ පෞද්ගලික ලේකම්ට ඇප
- සද්ධන්තයින් තිදෙනෙකුගේ සිරුරු කොටස් රක්ෂිතයකින් හමුවෙයි
- යතුරු පැදියෙන් වැටී ටිපර් රථයට යටවී අවසන් ගමන් යයි
Author: Suraj Alwis
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේදී සිදු කරන ලද විදෙස් සංචාරයන් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ දැනුම් දී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණය හමුවේ කරුණු වාර්තා කරමින් පවසා ඇත්තේ පොදු දේපොළ පනත යටතේ අදාළ විමර්ශනය සිදු කෙරෙන බවයි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලත් අද පස්වරු කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද සඳහන්. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුර, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර 30 ක 40 ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ…
කටාර් රාජ්‍යයේ සහ ඉරාකයේ පිහිටි අමෙරිකානු කඳවුරු ඉලක්ක කර එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරය මැදපෙරදිග රටවල් කිහිපයක් හෙළා දැක තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සවුදි අරාබිය, කටාර්, ඊජිප්තුව, ඉරාකය සහ ජෝර්දානය යන රටවල් මෙම ප්‍රහාරය හෙළා දැක ඇති බවයි. කටාර්හි පිහිටි අමෙරිකානු හමුදා කඳවුරකට සහ ඉරාකයේ පිහිටි අමෙරිකානු කඳවුරකට ඉරානය විසින් ඊයේ මිසයිල ප්‍රහාර එල්ල කළා. කටාර්හි පිහිටි අල් උදෙයිඩ් හමුදා කඳවුරට එල්ල වූ ප්‍රහාරය සාර්ථකව ව්‍යාර්ථ කළ බව කටාර් රජය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණා. ඉරානය විසින් මිසයිල ප්‍රහාර 12 ක් අදාළ කඳවුර වෙත එල්ල කර ඇති අතර ඉන් 11 ක්ම විනාශ කිරීමට හැකි වූ බවයි ඔවුන් පෙන්වා…
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ ගුවන් ගමන් අද සාමාන්‍ය පරිදි සිදු කරන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා. පවතින තත්ත්වය හමුවේ යම් යම් ප්‍රමාදයන් සිදු වුවද සාමාන්‍ය පරිදි සැළසුම් කළ සියලු ගුවන් ගමන් සිදු වන බව එම අධිකාරිය සඳහන් කළා. මේ අතර සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරන්නේ, කිසියම් ගුවන් යානයක් ශ්‍රී ලංකාව වෙත ගොඩ බෑම සඳහා ඉල්ලීමක් කළහොත් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොල සහ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල ඒ වෙනුවෙන් සූදානම් කර ඇති බවයි.
තාවකාලිකව වසා දැමුණු මැදපෙරදිග ගුවන් කලාප යළි විවෘත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කටාර් ගුවන් කලාප ඇතුළු වසා දැමුණු අනෙකුත් සියලුම ගුවන් කලාප මෙලෙස විවෘත කර ඇති බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ. ඉරානය විසින් කටාර්හි පිහිටි අමෙරිකානු හමුදා කඳවුරකට සහ ඉරාකයේ පිහිටි අමෙරිකානු කඳවුරකට ඊයේ දිනයේදී මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ මැදපෙරදිග ගුවන් කලාප කිහිපයක් මෙලෙස වසා දැමීමටයි එම කලාපවල බලධාරීන් පියවර ගනු ලැබුවේ.
කිසිදු සටන් විරාමයක් හෝ හමුදා මෙහෙයුම් නැවැත්වීමේ තීරණයක් සම්බන්ධයෙන් වූ ගිවිසුමක් ගෙන නොමැති බව ඉරානය ප්‍රකාශ කර තිබෙනවා. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ. ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ඊශ්‍රායල ප්‍රහාර නතර කරන්නේ නම් ඉරානය ද ඒ පිළිබඳ එකඟතාවයකට පැමිණිය යුතු බවයි. කෙසේ වෙතත් ඊශ්‍රායල ප්‍රහාර හමුවේ සිය හමුදා මෙහෙයුම් අවසන් මිනිත්තුව දක්වා සිදු කරන බවයි ඉරාන විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ. මේ අතර ඉරානය සහ ඊශ්‍රායලය අතර පූර්ණ සටන් විරාමයක් සඳහා එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණා. සිය සමාජ මාධ්‍ය තුළ සටහනක්…
මැදපෙරදිග ගුවන් කලාප කිහිපයක ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එලෙස ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇත්තේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හෙවත් ඩුබායි, බහරේනය, කුවේටය, සවුදි අරාබිය, ලෙබනනය, ජෝර්දානය සහ භාරේනයයි. මේ අතර, වාණිජ ගුවන් ගමන් අවලංගු කිරීම, ප්‍රමාද කිරීම හෝ නැවත හරවා යැවීම සිදු වෙමින් පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
කටාර් හි අගනුවර වන දෝහා අසල පිපිරීම් ඇසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එම විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ, එක්සත් ජනපදය, කටාර් රාජ්‍යයේ අගනුවර වන දෝහා හි පිහිටි අමෙරිකානු හමුදා කඳවුර අසල මෙම පිපිරීම් හඩ ඇසුණු බවයි. මේ අතර ඉරානයේ ඉස්ලාමීය ආරක්ෂක බළකාය පවසා ඇත්තේ, කටාර්හි අමෙරිකානු අල් උඩෙයිඩ් ගුවන් කඳවුර ඉලක්ක කර ගනිමින් පළි ගැනීමේ මිසයිල ප්‍රහාරයක් දියත් කළ බවයි. තවද ඉරාකයේ අමෙරිකානු කඳවුරු ඉලක්ක කර ගනිමින් මිසයිල මෙහෙයුමක් ආරම්භ කර ඇති බවද ඉරානයේ තස්නීම් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබෙනවා. මේ අතර කටාර් එයාර්වේස් ගුවන් සමාගම සිය ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම තීරණය කළා. එමෙන්ම බලපෑමට ලක් වූ ඕනෑම…
මැදපෙරදිග වෙත පියාසර කළ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් ගුවන් යානා යානා පහක් වෙනත් ගුවන්තොටුපොළවල් වෙත හරවා යවා තිබෙනවා. මස්කට් ගුවන් තොටුපොල සහ ඩුබායි ගුවන් තොටුපොල වෙත ගුවන් යානා දෙක බැගින් මෙලෙස ගුවන් යානා හතරක් හරවා යවා ඇති අතර, රියාද් අගනුවර ගුවන් තොටුපොල වෙත එක් ගුවන් යානයක් හරවා යවා ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ඩුබායි බලා පියාසර කළ ෆිට්ස් එයාර් ගුවන් යානයක්ද මස්කට් නුවර වෙත හරවා යවා තිබුණා. නමුත් එම ගුවන් යානය මස්කට් ගුවන් තොටුපොලේ ගොඩ බෑම සඳහා අවසර නොලැබීම හේතුවෙන් යළි ඩුබායි වෙත හරවා යවා තිබෙනවා. මෙම ගුවන්යානා කුවේටය, අබුඩාබි සහ දෝහා කටාර් වෙත පියාසර කළ ගුවන් යානා…
අමෙරිකාව – ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය අද විශේෂ හමුවක් කැඳවා තිබෙනවා. අමෙරිකාව සිදු කළ ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනයක් අවශ්‍ය බවට ඉරානය ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය වෙත දැනුම් දී ඇති පසුබිමක මෙම විශේෂ හමුව කැඳවීමද විශේෂත්වයක්. ඒ අනුව, අද රැස්වන ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කළේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222