Author: Suraj Alwis

මෙරට දේශපාලනයේ කෘතහස්ථ දේශපාලනඥයෙකු වූ හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍යවරයා මිය යන විට අසූ දෙවැනි වියෙහි පසු වුණා. වර්ෂ 1960 දී එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු ලෙස ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි ඔහු 1983 වසරේ දී ජේ.ආර් ජයවර්ධන මහතාගේ රජය යටතේ කැස්බෑව මැතිවරණ බලප්‍රදේශයෙන් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්ව පසුව 1989 වසරේදී සහ 2002 වසරේදී එක්සත් ජාතික පක්ෂ රජයන්හි රනිල් වික්‍රමසිංහ මහතා යටතේ සංචාරක අමාත්‍යවරයා ලෙසද කටයුතු කළා. 2006 වසරේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවට එක්වූ ඔහු 2007 වසරේ ජනවාරි මාසයේදී ක්‍රීඩා හා පොදු විනෝද කටයුතු පිළිබඳ…

තව කියවන්​න

කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කහවත්ත මූලික රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පවසනවා. කහවත්ත, යාඉන්න, කොස්කෑල්ල ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රීයේ පැමිණි පුද්ගලයින් සිව්දෙනෙකු නිවසේ සිටි තරුණයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඇති බව සඳහන්. අනතුරුව ඔවුන් දෙදෙනා පාලු ප්‍රදේශයකට රැගෙන ගොස් වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ විසි දෙහැවිරිදි තරුණයෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර විසි හත් හැවිරිදි අනෙක් තරුණයා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බව පොලීසිය සඳහන් කළා. මෙම වෙඩි තැබීම කවුරුන් විසින් කුමන හේතුවක් මත සිදුකළේ ද? යන්න මෙතෙක් අනාවරණය වී…

තව කියවන්​න

ඊයේ මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ගත්තා. මේ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් පහළොවකින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් දෙසිය අසූ නවයක් වනවා. එමෙන්ම ඔක්ටේන් අනු දෙක වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් දොළහකින් ඉහළ නැංවෙන අතර එහි නව මිල වන්නේ රුපියල් තුන්සිය පහක්. ලංකා භූමිතෙල් මිල ද රුපියල් හතකින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් එකසිය අසූ පහක් වනවා. මිට අමතරව ඔක්ටේන් අනු පහ වර්ගයේ පෙට්‍රල් සහ ලංකා සුපර් ඩීසල් මිල නොවෙනස්ව පවතිනු ඇති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම් දෙන්නේ. මේ…

තව කියවන්​න

ඇමරිකාවේ තාක්‍ෂණ සමාගම් සඳහා පැන වූ ඩිජිටල් සේවා බද්ද අවලංගු කිරීමට කැනඩාව තීරණය කර තිබෙනවා. ඇමරිකාව සමග ඇණහිට ඇති වෙළෙඳ සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යාම එහි අරමුණ බවයි කැනේඩියානු මුදල් අමාත්‍යාංශය පවසන්නේ. ඇමර්සන් ඇතුළු ඇමරිකාවේ තාක්‍ෂණ සමාගම් සඳහා මෙම බද්ද පැනවීමත් සමග කැනඩාව සමග වෙළෙඳ සාකච්ඡාවලින් ඉවත්වීමට ඇමරිකාව තීරණය කරනු ලැබුවා. ඒ අදාළ බද්දෙන් වසරකට ඩොලර් බිලියන දෙකක පමණ මුදලක් අහිමිවන බව සඳහන් කරමින් බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. කෙසේ වෙතත් එම බද්ද අවලංගු කිරීමෙන් පසු අග්‍රාමාත්‍ය මාර්ක් කර්නි ලබන විසි එක් වැනිදා ඇමරිකානු ජනාධිපතිවරයා සමග වෙළෙඳ ගිවිසුමක් සඳහා වන සාකච්ඡා යළි ආරම්භ කරන බවයි කැනඩාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

තව කියවන්​න

තායිලන්තයේ බැංකොක් අගනුවරදී දැවැන්ත විරෝධතාවයක් පවත්වා ඇති බව අරට මාධ්‍ය වාර්තා කරනවා. ඒ තායිලන්තයේ වත්මන් අගමැති පේටොන්ටාන් ෂිනවත්‍රාගේ රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් බවයි සඳහන් වන්නේ. කාම්බෝජය සමඟ පවතින දේශසීමා අර්බුදය සහ මීට සති දෙකකට පමණ පෙර මාධ්‍යය වෙත ලැබී තිබූ අග්‍රාමාත්‍යවරියගේ රහස් දුරකථන සංවාදයකට විරෝධය දක්වමින් ජනතාව මෙලෙස විරෝධතා ආරම්භ කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරිය, කාම්බෝජයේ හිටපු අගමැති හන් සෙන් සමඟ සිදු කර තිබූ මෙම මතභේදාත්මක දුරකථන සංවාදය පිළිබඳ දැඩි කතාබහක් ඇතිව තිබුණා. මේ අනුව එම දුරකථන ඇමතුම මඟින් ඇය තම රටට හානි වන ආකාරයේ සහ සිය හමුදා ප්‍රධානියෙකු පිළිබඳ විරුද්ධවාදී අදහස් පල කර තිබීම හේතුවෙන් මෙලෙස විරෝධතා ආරම්භ වී ඇති…

තව කියවන්​න

ජාතික මදුරු මර්දන සතිය අද සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මේ අනුව අද සිට ලබන ජූලි මස පස් වැනිදා දක්වා මෙම විශේෂ මදුරු මර්දන සතිය ක්‍රියාත්මකයි. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ වසරේ අවසාන මාස පහ තුළ වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ අප්‍රේල් මාසයේ සහ මැයි මාසයේ බවයි. මේ අතර අප්‍රේල් මාසයේදී ඩෙංගු රෝගීන් 5,175 ක් සහ මැයි මාසයේදී ඩෙංගු රෝගීන් 6,025 ක් වාර්තා වී ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා.

තව කියවන්​න

බෝ නොවන රෝගවල වර්ධනයත් සමග මෙරට සෞඛ්‍ය සේවාව සංකීර්ණ මහජන සෞඛ්‍ය අභියෝගවලට මුහුණ දෙමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ 92 වැනි වාර්ෂික සැසිවාරයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. නවෝත්පාදනය සහ ඩිජිටල් පරිවර්නතය වැළඳ ගැනීම යන තේමාව යටතේ මෙවර සැසිය පැවැත්වුණා. සාමාජිකයින් 1900 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය දන්ත වෛද්‍ය වෘත්තියේ මව් ආයතනය ලෙසයි සැලකෙන්නේ. මෙරට දන්ත සත්කාර සේවා විධිමත් කිරීම දන්ත වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළව අධ්‍යාපනය සහ පර්යේෂණවල ඉහළම ප්‍රමිතීන් ආරක්ෂා කිරීමට කටයුතු කිරීම සංගමයේ කාර්යභාරය වන බවයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා…

තව කියවන්​න

මාස කිහිපයක් ඇතුළත යුරේනීයම් බලගැන්වීමේ කටයුතු යළි ආරම්භ කිරීමේ හැකියාව ඉරානයට පවතින බව ජාත්‍යන්තර පරමානුක බලශක්ති ආයතනයේ ප්‍රධානී රෆායෙල් ග්‍රෝසි පවසනවා. අමෙරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත දැඩි ප්‍රහාර එල්ල කළ ද ඒවා සම්පූර්ණයෙන් විනාශයට පත්ව නොමැති බවයි ඔහු පෙන්වා දී ඇත්තේ. මෙම තත්ත්වය තුළ සිය න්‍යෂ්ටික වැඩසටහන් යළි ආරම්භ කිරීමේ හැකියාව ඉරානයට පවතින බව පරමානුක බලශක්ති ආයතන ප්‍රධානීයා ප්‍රකාශ කර තිබෙනවා. අමෙරිකානු ප්‍රහාර හමුවේ ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන සම්පූර්ණයෙන් විනාශයට පත්වීමක් සිදුව නොමැති බවට මීට පෙරද වාර්තා පල වී තිබුණා. කෙසේ වෙතත් එම වාර්තා ප්‍රතික්ෂේප කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ ඉරානය යළිත් යුරේනියම් බල ගැන්වීමේ කටයුතු ආරම්භ…

තව කියවන්​න

ලොව වියළි බවින් අධිකම ස්ථානය ලෙස සැලකෙන ඇටාකමා කාන්තාරය හිමෙන් වැසී ගොස් තිබෙනවා. මෙලෙස එම කාන්තාරය හිමෙන් වැසී ගිය දුර්ලබ දර්ශන පෙලක්ද මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වනවා. දකුණු අමෙරිකානු රාජ්‍යයක් වූ චිලී හි පිහිටා ඇති මෙම කාන්තාරය මීට පෙර හිමෙන් වැසී ගොස් තිබුණේ මීට වසර 10 කට පමණ පෙර බවයි සඳහන් වන්නේ.

තව කියවන්​න

පාකිස්තානයට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් හතළිස් පස් දෙනෙකු මිය ගොස් ඇති බව එරට ආපදා කළමනාකරණ නිලධාරීන් පවසනවා. මිය ගිය අය අතර කුඩා දරුවන් දස දෙනෙකු සිටින බවද එරට මාධ්‍ය වාර්තා සඳහන් කළා. මේ අතර, තවත් පුද්ගලයින් හැට තුන් දෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන්. එමෙන්ම වර්ෂාවත් සමඟ ඇති වු ගංවතුර තත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක ගමනා ගමනයට ද බාධා එල්ල වී තිබෙනවා. කෙසේ වෙතත් පාකිස්තානයට බලපා ඇති වර්ෂාපතන තත්වය ඉදිරි දින කිහිපයදීත් බලාපොරොත්තු විය හැකි බවයි එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ.

තව කියවන්​න