Author: Suraj Alwis

මීගහවත්ත පොලිස් වසමේ, දෙල්ගොඩ ප්‍රදේශයේ කුලී කාමරයක් තුළ සැක කටයුතු ලෙස කාන්තාවක මිය ගොස් තිබෙනවා. මේ අනුව මීගහවත්ත පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. මියගිය කාන්තාව වයස අවුරුදු 49 ක් වූ දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක්. මෙම කාන්තාව නවාතැන්ගෙන සිටි කාමරයෙන් දුඟදක් හැමීම හේතුවෙන් කුලී කාමරයේ හිමිකරුවන් සිදු කළ සොයා බැලීමේදී එම කාමරයේ තිබී මෙම කාන්තාවගේ මෘත ශරීරය සොයා ගැනුණා. අදාළ කාන්තාවගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණ වි නොමැති අතර, මීගහවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

තව කියවන්​න

කතානායක, ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. මේ අනුව, පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා සේවකයින්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත, සේවකයින්ගේ අයවැය සහන දීමනාව සංශෝධන පනත් කෙටුම්පත සහ සේවකයින්ගේ ජාතික අවම වේතනය සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතයි. අද පස්වරු 05.00 සිට පස්වරු 06.00 දක්වා විපක්ෂය ගෙනෙනු ලබන යෝජනාවකට අනුව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වෙනු ඇති.

තව කියවන්​න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය එම ධුරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයට යළි එක්වීමේ අරමුණින් ඇය මෙලෙස එම ධුරයෙන් ඉවත්ව ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

තව කියවන්​න

පාපන්දු ලෝකයේ සදාකාලික වාද විවාදයන්ට තුඩු දෙන ක්‍රීඩකයින් වන ලියනෝල් මෙසී සහ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අතර පැවති තවත් වාර්තා සටනකින් ලියනෝල් මෙසී ජයග්‍රහණය කර තිබෙනවා. ඒ, පාපන්දු ඉතිහාසයේ දඬුවම් පහර නොවන වැඩිම ගෝල සංඛ්‍යාව වාර්තා කරමින් වීම විශේෂත්වයක්. ඔහු මෙම සුවිශේෂී වාර්තාව පිහිටුවනු ලැබුවේ ඉන්ටර් මිආමි කණ්ඩායම සහ නිව් යෝර්ක් රෙඩ් බුල්ස් සමඟ පැවති තරගයේදීයි. එම තරගයේදී විශිෂ්ට ගෝල ද්විත්වයක් වාර්තා කිරීමට ආර්ජන්ටිනානු සුපිරි තරුව වූ ලියනෝල් මෙසී සමත් වූ අතර, ඔහුගේ දඬුවම් පහර නොවන ගෝල සංඛ්‍යාව 764 ක් දක්වා ඉහළ ගියා. ආර්ජන්ටිනානු පාපන්දු පුරාවෘත්තය වන ලියනෝල් මෙසී, සිය විශිෂ්ට ගෝල රැස් කිරීමේ හැකියාවෙන් යළිත් වරක් වාර්තා පොත් අලළුත් කරමින්, මෙතෙක්…

තව කියවන්​න

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බ්‍රිතාන්‍යයේ සහ මාලදිවයිනේ සංචාරයකට සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හෙට දිනයේ සිට එක්සත් රාජධානියේ සහ මාලදිවයිනේ සිව් දින සංචාරයක් සඳහා පිටත්ව යාමට නියමිත බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ. ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කර ගැනීම ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයේ ප්‍රධාන අරමුණයි. මේ අනුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ බ්‍රිතාන්‍ය සංචාරය දෙපාර්ශවයටම තීරණාත්මක බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. මෙම සංචාරයේදී 2030 වසර වන විට ද්විපාර්ශ්වික වෙළෙඳාම් ඩොලර් බිලියන 60 සිට දෙගුණ කිරීමට මග පෑදීමට නියමිත ඉන්දු – බ්‍රිතාන්‍ය නිදහස් වෙළෙඳ ගිවිසුම විධිමත් කිරීමටද නියමිතයි. මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පළමුව බ්‍රිතාන්‍යය බලා පිටත්ව යන අතර…

තව කියවන්​න

ඉන්දියාවේ උප ජනාධිපති ජග්දීප් ධන්කාර් සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. සෞඛ්‍ය හේතුන් සඳහා ප්‍රමුඛත්වය ලබා දීම සඳහා තමන් ඉල්ලා අස්වන බවයි ඔහු නිවේදනය කර ඇත්තේ. 2022 වසරේ සිට උප ජනාධිපති ධුරයේ කටයුතු කර ඇති ජග්දීප් ධන්කාර් සිය ධුරයෙන් ඉල්ලා අස්වන විට 74 වැනි වියෙහි පසු වුණා. සෞඛ්‍ය සේවාවට ප්‍රමුඛත්වය ලබා දීම සහ වෛද්‍ය උපදෙස් පිළිපැදීම සඳහා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 67(අ) වගන්තියට අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි, මම මෙම උප ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වනවා යනුවෙන් උප ජනාධිපති කාර්යාලය විසින් නිකුත් කරන ලද ලිපියක ජග්දීප් ධන්කාර් සඳහන් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

තව කියවන්​න

සීදූව ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. සීදූව, රාජපක්ෂපුර 12 වැනි පටුමගේ දී ඊයේ රාත්‍රී 8 යි15 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබුණා. සීදූව නගර සභාවේ ජාතික ජන බලවේගය පක්ෂය නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරියකගේ පියා ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි වාර්තා වුණේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබෙනවා. අනතුරුව වෙඩි වැදී තුවාල ලැබූ 55 හැවිරිදි පුද්ගලයා රාගම ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කෙරුණා. ඔහු යුද හමුදාවේ සේවය කර විශ්‍රාම ලැබූ පුද්ගලයෙකු වන අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී…

තව කියවන්​න

යෝජිත විදුලි බල පනත හකුලා ගන්නා තුරු අඛණ්ඩව සටන් වැදීමට සූදානම් බව ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති පවසනවා. ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඊයේ කොළඹදී කැඳවමින් ඔවුන් සඳහන් කළේ විරෝධයේ පළමු අදියර අද සිට ආරම්භ කරන බවයි. අසනීප නිවාඩු වාර්තා කරමින් විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී වෘත්තීය සමිති 28 ක නියෝජිතයින් මෙලෙස අද විරෝධතාවක් සිදු කිරීමටයි සැළසුම් කර ඇත්තේ.

තව කියවන්​න

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම සබරගමුව පළාතේත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර පනහක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවද සඳහන්. මේ අනුව වයඹ සහ උතුරු පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, උතුර, උතුරු-මැද, වයඹ, මධ්‍යම, දකුණු සහ සබරගමුව යන පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැයට කිලෝමීටර 55 ක 60 ක පමණ තද සුළං ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන…

තව කියවන්​න

වෙඩි තැබීමේ සිද්ධි දෙකකට අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු කිරිබත්ගොඩ පොලිස් වසමේදී සහ නිකවැරටිය පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරුවන්ගෙන් එක් පුද්ගලයෙකු ඊයේ අළුයම අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරු පෙරේදා දිනයේදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. එක් සැකකරුවෙකු පසුගිය ජුනි මස 30 වැනිදා රාත්‍රී කාලයේ කහවත්ත පොලිස් වසමේ යා ඉන්න ප්‍රදේශයේදී නිවසක සිටි පුද්ගලයින් දෙදෙනෙකු ජීප් රථයකින් පැමිණි පොලිස් නිලධාරින් යැයි පැවසූ පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇන්දාන පාරේ පාලු ස්ථානයකට රැගෙන ගොස් එක් පුද්ගලයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙකු බව පොලීසිය පවසනවා. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථායේදී ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 ක් සහ…

තව කියවන්​න