Author: Aditha Nawod Akalanka

2025 සාගර දින ජාතික වැඩසටහන ජූනි 08 වැනිදා පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරාය නගරයේදී පැවැත්වෙන බව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ජගත් ගුණසේකර මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. 2025 ජගත් සාගර දිනයේ තේමාව වන්නේ “අපි රකින අසිරිමත් මහ සයුර සුරකිමු” යන්නයි.

තව කියවන්​න

යුක්‍රෝනයේ අග නුවර වන කියෙව් නගරය වෙත රුසියාව විසින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. මේ වන විට ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ශයට පත්ව ඇති බවයි යුක්‍රේන ආරක්ශක අමාත්‍යංශය නිවේදනය කළේ. පසුගිය පළමු වන දින යුක්‍රේනය විසින් රුසියාවේ ගුවන් ආරක්ශක කදවුරු වෙත සිදු කළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් යුක්‍රේනය මෙම ප්‍රහාරය සිදු කර තිබෙනවා. එක්සත් ජනපද ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් ඊයේ නඅනතුරු ඇගවීමක් සිදු කළ අතර එහිදී ඔහු සදහන් කළේ යුක්‍රේනයේ ප්‍රහාරය සදහා නිසැක වශයෙන්ම ප්‍රතිචාර දක්වන බවට රුසියානු ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කළ බවයි.

තව කියවන්​න

වාරි මහිම අපේ උරුමය වැඩසටහන යටතේ ගල්ඔය වාරි පුනරුත්ථාපන ව්‍යාපෘතිය අම්පාර දිස්ත්‍රික්කයේ නෙයිනකාඩු ප්‍රදේශයේ දී ආරම්භ කෙරුණා. ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ කෘෂි කර්ම සහ පශු සම්පත් අමාත්‍ය කේ ඩී ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්. අවිධිමත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ගල්ඔය ගංගා නිම්නයේ සුළු වර්ෂාවකදී වුව ද ගංවතුර ඇති විමේ තත්ත්වයක් මතුව තිබෙනවා. එමගින් දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවගේ වගාවන් හානි වීම , අස්වැන්න අඩු වීම ද සිදුව ඇති බවයි වාර්තා වුනේ. ඊට විසඳුම් සපයමින් රුපියල් මිලියන නවසියක ප්‍රතිපාදන යටතේ ගල්ඔය වාරි පුනරුත්ථාපන ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා. මෙමගින් අක්කර විසිහත්දහසකට බාධාවකින් තොරව ජලය සැපයීමට හැකි වනු ඇති.

තව කියවන්​න

සම සෞඛ්‍ය ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය ආරම්භ කළ වැඩවර්ජනය හෙට දිනයේත් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. සමසෞඛ්‍ය උපාධිධාරීන් බඳවාගැනීමේදී මතුව ඇති ගැටලු සහ උසස්වීම් ඇතුළු කරුණු 5ක් මුල්කරගනිමින් මෙම වැඩවර්ජනය ඊයේ උදෑසන 8ට ආරම්භ කර තිබුණා. පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පැවසුවේ ඊයේ දිනයේ වර්ජනය සඳහා වෛද්‍ය රසායනාගාර පර්යේෂණ වෘත්තිකයන්, ඖෂධවේදීන් ඇතුළු පරිපූරක වෛද්‍ය සේවාවට අයත් වෘත්තීන් 5ක් එක්වූ බවයි. කෙසේවෙතත් පිළිකා රෝහල, මාතෘ සහ ළමා රෝහල්, වකුගඩු රෝහල් සහ මධ්‍යම ලේ බැංකුව ඇතුළු විශේෂිත ආයතනවල වර්ජනය ක්‍රියාත්මක වී නැහැ. කෙසේවෙතත් පොරොන්දු වූ පරිදි මේ වනතෙක් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අදාළ…

තව කියවන්​න

ජගත් පරිසර දිනයට සමගාමීව ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය විසින් ක්‍රියාවට නංවන ලද රුක් රෝපණ වැඩසටහනක් අද ආරම්භ කෙරුණා. ඒ කොල්ලුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ සිට වැල්ලවත්ත දෙසට ඇති කොළඹ සමුද්‍ර මාවත වෙරළ තීරයේ දීයි. ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කරමින් “තක්කඩ පැළ” 1600 ක් සිටුවීම අද ආරම්භ කෙරුණු අතර එය ඉදිරියේදී පැළ 6000ක් දක්වා වැඩි කිරීමටයි සැලසුම් කර ඇත්තේ. රාජ්‍ය, පෞද්ගලික හා මහජන සහභාගීත්වයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනවා. ලවණ පරිසරයට ඉතා හොඳින් ඔරොත්තු දෙන ශාක විශේෂ දෙකකින් යුත් මෙම “තක්කඩ ශාකය” රතු දත්ත ලැයිස්තු වාර්තාවට අනුව වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාක විශේෂයක්. ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය පරිසර හා රථ…

තව කියවන්​න

ඉන්දුනීසියාව සමඟ සාකච්ඡා කරමින් පවතින වරණීය වෙළඳ ගිවිසුම ඉක්මණින් අවසන් කිරීමට රජය අපේක්ෂා කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ ඉන්දුනීසියානු තානාපති දේවි ගුස්ටිනා ටොබින් මහත්මිය සමග පැවති සාකච්ඡාවකදීයි. ශ්‍රී ලංකාව සමඟ ඉන්දුනීසියාව දිගු කලක් තිස්සේ පවත්වන මිත්‍ර සබඳතාව පිළිබඳව ද ප්‍රසාදය පළ කළ අමාත්‍යතුමා එම සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීමට රජය කටයුතු කරන බවද අවධාරනය කර තිබෙනවා. ඉන්දුනීසියාව අමුද්‍රව්‍ය සඳහා නිකල් ආදි ඛණිජ සම්පත් අපනයන කරන බව පෙන්වා දුන් තානාපතිවරිය ඛණිජ වැලි ආදිය අපනයනය කරනු ලබන රටවල්වල එකමුතුවක් ඇති කර ඛණිජ ද්‍රව්‍ය අගය එකතු කළ නිෂ්පාදන ලෙස සෙසු රටවලට අපනයනය කිරීම පිළිබඳව මෙහිදී යෝජනා කර…

තව කියවන්​න

රුසියානු ගුවන් හමුදා කදවුරු සදහා යුක්‍රෝනය සිදු කළ ඩ්‍රෝන ප්‍රහාර සදහා රුසියාව ප්‍රතිචාර දැක්වීම සදහා සූදානම් වන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් පවසනවා. ඔහු මේ බව පවසා ඇත්තේ රුසියානු ජනාධිපති ව්ලැදිමියර් පුටින් සමග සිදු කළ දුරකථන සංවාදයකින් අනතුරුවයි. කෙසේ වෙතත් ඇමෙරිකානු ජනපතිවරයාගේ මෙම ප්‍රකාශය රුසියානු ආරක්ශක අංශ විසින් ප්‍රතික්ශේප කර තිබෙනවා. පසුගිය පළමු වන දින යුක්‍රේන ආරක්ශක අංශ විසින් රුසියානු හමුදා ගුවන් කදවුරු වෙත ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබුණා.

තව කියවන්​න

රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා ග ජනධිපති අරමුදලෙන් මුදල් ලබාගැනීම හා කතාබහට ලක්ව තිබෙන බහලුම් 323 මුදාහැරීම ගැන ප්‍රකාශ ලබාදීම සඳහා ඔහු පැමිණ ඇති බවයි සඳහන් වන්නේ ග

තව කියවන්​න

වාහන ආනයනයෙන් රජය අපේක්ෂා කළ රුපියල් බිලියන 450ක ආදායම වසර අවසානය වනවිට ළඟා කරගත හැකි වනු ඇතැයි මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී ප්‍රකාශ කර තිබෙනවා. ඔවුන් සඳහන් කළේ වසරේ ගතවූ පළමු මාස පහ තුළ පමණක් වාහන ආනයනයෙන් රුපියල් බිලියන 136ක ආදායමක් ලබාගෙන ඇති බවයි. මේ අතර ආන්දෝලනාත්මක කන්ටේනර් 323ක් රේගුවෙන් නිදහස් කිරීමේ සිදුවීම පිළිබඳ පරීක්ෂණ කමිටුවේ වාර්තාව ලබන සතියේදී ඉදිරිපත් කිරීමට නියමිත බවද එහිදී අනාවරණය වුනා.

තව කියවන්​න

ජාතික පොසොන් උත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්ගඑන්ගකේ රත්නායක මහතා පවසනවාග මේ අතර බුදු දහමට නොගැලපෙන හොල්මන් මන්දිර ලඔළු බක්කන් නැටවීම වැනි විනෝද කටයුතු නතර කරන ලෙසයි මහාසංඝරත්නය ඉල්ලා සිටින්නේ ග

තව කියවන්​න