Author: Aditha Nawod Akalanka

මෙරට ඉස්ලාමීය බැතිමතුන් මහත් හරසරින් සමරන හජ් උත්සවය අදට යෙදී තිබෙනවා. ඉස්ලාමීය මාස ක්‍රමය අනුව දුල් හජ් මස දස වැනි දිනයේදී පවත්වන උත්සවය මෙම නමින් හැඳින්වෙයි. ඉස්ලාමීය බැතිමතුන් අනිවාර්යයෙන්ම ඉටුකළ යුතු ප්‍රධාන වගකීම් පහ අතරින් අවසන් වගකීම හජ් වන්දනාව වනවා. ඇති නැති පරතරය සහ විවිධ භේද දුරලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ප්‍රධාන අරමුණයි. සෞදි අරාබියේ මක්කම පැවැත්වෙන හජ් වන්දනාව හජ් උත්සවයේ උත්කර්ෂවත් අවස්ථාව ලෙස සැලකෙනවා.

තව කියවන්​න

ජාතික පොසොන් සතිය අද සිට ආරම්භ වනවා. ඒ අනුව ලබන 13 වනදා දක්වා පොසොන් සතිය ක්‍රියාත්මක වෙන අතර අනුරාධපුර නගරය, මිහින්තලය සහ තන්තිරිමලය යන සිද්ධස්ථාන කේන්ද්‍ර කරගනිමින් ජාතික පොසොන් උත්සවය පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.. ජාතික පොසොන් උත්සවය සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කේ.පී.ආර්. විමලසූරිය මහතා සදහන් කළා..

තව කියවන්​න

නාවින්නේ සිට පාදුක්ක දක්වා දුම්රිය රක්ෂිතයේ අනවසරයෙන් පදිංවිව සිටි පවුල් නැවත පදිංචි කිරීම වෙනුවෙන් ඉදිකරන ලද කොට්ටාව, මාලපල්ල පර්ල් සිටි රෙසිඩන්සීස් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත් කර තිබෙනවා. ඒ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ ප්‍රවේශ අයිතිය තුළ පදිංචිව සිටි අනවසර පවුල් නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය සිදු කෙරුණා. ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වයෙන් ඉදිකරන ලද මෙම නිවාස සංකීර්ණය මහල් 12කින් සහ නිවාස ඒකක 120 කින් සමන්විත අතර, ව්‍යාපෘතියේ ඉදිකිරීම් පිරිවැය රුපියල් මිලියන 2,175 ක්. මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මෙම නිවාස සංකීර්ණයේ සිට මාලපල්ල දුම්රිය ස්ථානය දක්වා දිවෙන…

තව කියවන්​න

බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස කේ.ජී.පී. පුෂ්පකුමාර මහතා පත් කර තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්. මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී කේ.ජී.පී. පුෂ්පකුමාර මහතා වෙත භාර දෙනු ලැබුවා.

තව කියවන්​න

උතුරේ සමූහ මිනී වළවල් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් මහතා පවසනවා. වැල්ලවත්ත ප්‍රදේශයේ විශේශ මාධ්‍ය හම්වක් කැදවමින් ඔහු මේ බව සදහන් කළා. https://youtu.be/FSLHXc_fWME?feature=shared

තව කියවන්​න

අධ්‍යාපන, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පත් කර තිබෙනවා. කාරක සභාවේ මංගල රැස්වීම අද පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය වී.එස්. රාධක්‍රිෂ්ණන් මහතා විසින් යොජනා කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ මහතා එම යෝජනාව ස්ථිර කර තිබෙනවා.

තව කියවන්​න

ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා අනු කමිටුවක් පිහිටුවීමට තීරණය කර තිබෙනවා. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යංශීය උපදේශක කාරක සභාව විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුනේ. ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන් බහුලව මෙම ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් පීඩාවට පත්ව ඇති අතර එම කරුණු සලකා බලමින් අමාත්‍යංශීය කාරක සභාවේ මන්ත්‍රීවරුන්ගේ යෝජනාවක් අනුව මෙම තීරණය ගත් බවයි අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේ. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රිනී සමන්මලි ගුණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව විමර්ශනය කර සුදුසු පියවර ගැනීමට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීම සඳහා මෙම කමිටුව පත් කර ඇති බවයි වාර්තා වුනේ. අමාත්‍යවරයා පැවසුවේ…

තව කියවන්​න

ගාසා තීරයට ඊශ්‍රායල සිදු කරන ප්‍රහාර ඉහළ දැමීමත් සමග ගාසා තීරයේ සියලුම ආධාර මධ්‍යස්ථාන වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කර ඇත්තේ ආධාර මධ්‍යස්ථාන වෙත ජනතාව ඒකරාශී වීම අනතුරු දායක වන බවයි. මේ වන විට ගාසා තීරයේ මන්දපෝෂනයෙන් පෙළෙන ළමුන් සංඛ්‍යාවද ඉහළ යන බවයි එම සංවිධානය වැඩි දුරටත් සදහන් කර ඇත්තේ.

තව කියවන්​න

අයවැය මගින් වෙන් කළ මූල්‍ය ප්‍රතිපාදන යටතේ නාගරික සංවර්ධන, ඉදිකිරිම් සහ නිවාස අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබුණා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා ක්‍රියාත්මක නගර සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය, කොළඹ දිස්ත්‍රික්කයේ ඇළ මාර්ග පවිත්‍රතා සහ කසළ කළමනාකරණ ව්‍යාපෘති, ජල ව්‍යාපෘති සහ නිවාස ආධාර ව්‍යාපෘතිවල ක්‍රියාකාරිත්වය සහ වත්මන් ප්‍රගතිය මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. මෙම සෑම ව්‍යාපෘතියක්ම සැලසුම් කළ ලෙස නියමිත කාල පරිච්ඡේදය තුළ අවසන් කිරීමට වගබලා ගන්නා ලෙස මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරින්ට උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා…

තව කියවන්​න

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය හෙවත් ජයිකා ආයතනයේ නව ප්‍රධාන නියෝජිත කෙන්ජි කුරෝනුමා මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා. මෙම හමුව පවත්වා ඇත්තේ පාර්ලිමේන්තුවේදීයි. ශ්‍රී ලංකාව හා ජපානය අතර දිගුකාලීන සංවර්ධන හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කළ යුතු බවයි අග්‍රාමාත්‍යවරිය මෙහිදී පවසා ඇත්තේ. සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය සදහා අඛණ්ඩව සහාය ලබා දීමේ හැකියාව පිළිබඳව ජයිකා නව ප්‍රධාන නියෝජිත කෙන්ජි කුරෝනුමා මහතා අදහස් පළකර තිබෙනවා. නව පත්වීම වෙනුවෙන් අග්‍රාමාත්‍යවරිය කුරෝනුමා මහතාට සුබපැතුම් එක් කිරීම මෙහිදී සිදු කරනු ලැබුවා. ජයිකා ආයතනය ශ්‍රී ලංකාවට ලබාදෙන තාක්ෂණික සහයෝගීතාවය පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය සිය ස්තුතිය පළ කර තිබෙනවා. තාක්ෂණික අංශයේ සහයෝගිතා ඉලක්ක සඳහා…

තව කියවන්​න