Author: Aditha Nawod Akalanka

උතුරු චිලී රාජ්‍යයේ ප්‍රභල භූකම්පනයක් සිදු වී තිබෙනවා. භූ කම්පනයේ ප්‍රභලත්වය රික්ටර් මාපකයේ ඒකක 6.4 ක් බවයි ඇමරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කළේ. උතුරු චිලී රාජ්‍යයේ ගොඩනැගිලි රාශියක් භූ කම්පනයෙන් හානියට ලක් වී ඇති බවයි විදෙස් මාද්‍ය වාර්තා කළේ. භූ කම්පනය හේතුවෙන් ප්‍රදේශ ගසක විදුලි විසන්ධි වීම් ද වාර්තා වනවා.

තව කියවන්​න

ජුනි මස 10 වනදා සිට දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං ද බලාපොරොත්තු වියහැකි බවයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව, අවධානයෙන් පසුවන ලෙසද මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

තව කියවන්​න

විපක්ෂ නාවක සජිත් ප්‍රේමදාස මහතා හජ් දිනය වෙනුවෙන් සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබුණා. එහි දැක්වෙන්නේ ප්‍රචණ්ඩත්වයෙන් තොර අර්ථවත් ජීවන රටාවක් ගොඩ නැගීම සදහා සියලු දෙනා එක් විය යුතු බවයි. ”Let’s line up for a meaningful lifestyle without violence. Let’s join together for a violent and meaningful life style. Let us unite for a meaningful life free from violence.”

තව කියවන්​න

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හජ් උත්සවය වෙනුවෙන් සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. එම පණිවුඩය පහතින් ”ආත්මාර්ථකාමීත්වය බැහැරකරමින් ද සහජීවනයේ මහිමය පසක් කරමින් දල සාමුහිකවත්ල සහෝදරත්වයෙන් යුතුවත්ල හජ් වන්දනාවේ යෙදෙන අප රටෙත් ලොව පුරාත් විසිරී පැතිරී සිටින සහෝදර මුස්ලිම් ජනතාව අද දින මහත් බැතියෙන් හජ් උත්සවය සමරති එලෙස ඔවුන් සමරන හජ් උත්සවයේ මෙවර විශේෂත්වය වන්නේල ඔවුන්ගේ එම දැක්ම සමඟ පෑහෙන ප්‍රතිපත්තියකින් යුතු රජයක් යටතේ මෙවර හජ් උත්සවය සමරන්නට ඔවුනට ඉඩහසර සැලසි තිබීම ය මන්ද අපගේ රජයේ අරමුණ වන්නේ ද සැමට සාධාරණව සම්පත් බෙදී යනල පරාර්ථකාමී ජන සමාජයක් රටතුළ නිර්මාණය කිරීම ය නබිතුමන් තම පුතණුවන් වූ ඉස්මායිල් නබිතුමන්ව දෙවියන් වෙනුවෙන්…

තව කියවන්​න

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හජ් දිනය වෙනුවෙන් ලෝකවාසී ඉස්ලාමීය බැතිමතුන් වෙත සුභ පැතුම් පනිවුඩයක් නිකුත් කර තිබෙනවා. රටක් ලෙස අප ඉදිරියේ ඇති අභියෝග ජය ගනිමින් අප අපේක්ෂා කරන දියුණු සහ ශිෂ්ටසම්පන්න රට ගොඩනැඟීම වෙනුවෙන් අවශ්‍ය සමාජ, ආර්ථික සහ දේශපාලන පරිවර්තනය සිදු කිරීමේදී සියලුදෙනාගේ සාමුහික උත්සාහය, මැදහත්වීම සහ සහභාගිත්වය ඉතා වැදගත් බවයි ජනාධිපතිවරයා නිකුත් කළ හජ් සුබ පැතුම් පණිවුඩයේ දක්වා ඇත්තේ. එකිනෙකා දෙස සැකයෙන් සහ වෛරයෙන් බලන සමාජයක් වෙනුවට සහෝදරත්වයෙන් සහ ප්‍රේමයෙන් සියලුදෙනා එක්ව දිවි ගෙවන දියුණු සහ ශිෂ්ට සම්පන්න රටක් ගොඩනැඟීමට රජය දරන උත්සාහයේදී සිය ශුද්ධ වූ විශ්වාසය සමඟින් සියලු ඉස්ලාම් බැතිමතුන් එක්ව සමරන හජ් සැමරුම, මහඟු ආශිර්වාදයක් බවද…

තව කියවන්​න

මෙරට ඉස්ලාමීය බැතිමතුන් මහත් හරසරින් සමරන හජ් උත්සවය අදට යෙදී තිබෙනවා. ඉස්ලාමීය මාස ක්‍රමය අනුව දුල් හජ් මස දස වැනි දිනයේදී පවත්වන උත්සවය මෙම නමින් හැඳින්වෙයි. ඉස්ලාමීය බැතිමතුන් අනිවාර්යයෙන්ම ඉටුකළ යුතු ප්‍රධාන වගකීම් පහ අතරින් අවසන් වගකීම හජ් වන්දනාව වනවා. ඇති නැති පරතරය සහ විවිධ භේද දුරලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ප්‍රධාන අරමුණයි. සෞදි අරාබියේ මක්කම පැවැත්වෙන හජ් වන්දනාව හජ් උත්සවයේ උත්කර්ෂවත් අවස්ථාව ලෙස සැලකෙනවා.

තව කියවන්​න

ජාතික පොසොන් සතිය අද සිට ආරම්භ වනවා. ඒ අනුව ලබන 13 වනදා දක්වා පොසොන් සතිය ක්‍රියාත්මක වෙන අතර අනුරාධපුර නගරය, මිහින්තලය සහ තන්තිරිමලය යන සිද්ධස්ථාන කේන්ද්‍ර කරගනිමින් ජාතික පොසොන් උත්සවය පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.. ජාතික පොසොන් උත්සවය සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කේ.පී.ආර්. විමලසූරිය මහතා සදහන් කළා..

තව කියවන්​න

නාවින්නේ සිට පාදුක්ක දක්වා දුම්රිය රක්ෂිතයේ අනවසරයෙන් පදිංවිව සිටි පවුල් නැවත පදිංචි කිරීම වෙනුවෙන් ඉදිකරන ලද කොට්ටාව, මාලපල්ල පර්ල් සිටි රෙසිඩන්සීස් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත් කර තිබෙනවා. ඒ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ ප්‍රවේශ අයිතිය තුළ පදිංචිව සිටි අනවසර පවුල් නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය සිදු කෙරුණා. ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වයෙන් ඉදිකරන ලද මෙම නිවාස සංකීර්ණය මහල් 12කින් සහ නිවාස ඒකක 120 කින් සමන්විත අතර, ව්‍යාපෘතියේ ඉදිකිරීම් පිරිවැය රුපියල් මිලියන 2,175 ක්. මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මෙම නිවාස සංකීර්ණයේ සිට මාලපල්ල දුම්රිය ස්ථානය දක්වා දිවෙන…

තව කියවන්​න

බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස කේ.ජී.පී. පුෂ්පකුමාර මහතා පත් කර තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්. මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී කේ.ජී.පී. පුෂ්පකුමාර මහතා වෙත භාර දෙනු ලැබුවා.

තව කියවන්​න

උතුරේ සමූහ මිනී වළවල් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් මහතා පවසනවා. වැල්ලවත්ත ප්‍රදේශයේ විශේශ මාධ්‍ය හම්වක් කැදවමින් ඔහු මේ බව සදහන් කළා. https://youtu.be/FSLHXc_fWME?feature=shared

තව කියවන්​න