Author: Aditha Nawod Akalanka

වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින්ගේ සංගමය තුන්වැනි දිනටත් සිදුකරමින් සිටින වැඩවර්ජනය අද පෙරවරු 8.00ට අවසන් කිරීමට තීරණය කර තිබෙනවා. පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ වෘත්තිය සංගම් 4ක් ඊයේ පෙරවරුවේ සිය වර්ජනය අතහැර දැමූ අතර වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින් පමණක් ඊයේ දිනයේත් වර්ජනයේ නිරත වුනා. ඒ අනුව අද උදෑසන 8.00ට සිය වැඩ වර්ජනය අවසන් කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

තව කියවන්​න

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.

තව කියවන්​න

සමූපකාර බැංකු පද්ධතිය ඇතුළු සමූපකාර ක්ෂේත්‍රය විධිමත් කිරීම සඳහා නව නීති කඩිනමින් ගෙන ඒමට දැනටමත් කටයුතු අරම්භකර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ඒ මහතා මේ බව පවසා සිටියා. සමූපකාර බැංකු රැසක මූල්‍ය අක්‍රමිකතා ඇතුළු අවිධිමත් කටයුතු සිදුවන බවට දිගින් දිගටම පැමිණිලි ලැබී ඇති බැවින් ඒවා නිවැරදි ලෙස නියාමනය කරමින් විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා නව නීති ගෙන ඒම අත්‍යවශ්‍ය බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා. මෙම තත්ත්වය නිසා මහජනතාවගේ පහසුව වෙනුවෙන් ඇති සමූපකාර බැංකු ක්‍රමයෙන් ජනතාවගෙන්…

තව කියවන්​න

මෙවර අයවැය මගින් වෙන් කළ මූල්‍ය ප්‍රතිපාදන යටතේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදීයි මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා. යාං ඔය, ගල්ඔය සහ මහවැලි ව්‍යාපෘති මෙන්ම කුඩා වැව් ප්‍රතිසංස්කරණ කටයුතු ඇතුළුව වාරිමාර්ග ක්ෂේත්‍රයට අදාළව ආරම්භ කර ඇති ව්‍යාපෘති පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවයි වාර්තා වුනේ. මෙවර අයවැය ප්‍රතිපාදන යොදා ගනිමින් සිදු කෙරෙන ව්‍යාපෘති පිළිබඳ සමීපව අධ්‍යයන කරමින් එම ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. වාරිමාර්ග ක්ෂේත්‍රයේ පවතින…

තව කියවන්​න

යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 03 දෙනෙකු ජීවිතක්ශයට පත්ව ඇති බවයි යුක්‍රේන ආරක්ශක අමාත්‍යංශය නිවේදනය කළේ. ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති පිරිස 29 ක්. ඩ්‍රෝන යානා 50 ක් මෙම ප්‍රහාරය සදහා යොදා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තව කියවන්​න

මේ වසරේ පළමු මාස පහ තුළ දී විදෙස් සංචාරකයන් දසලක්ෂ විසිනවදහස් අටසිය තුන්දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා. මැයි මාසයේ දී විදෙස් සංචාරකයන් එක්ලක්ෂ තිස්දෙදහස් නවසිය දහනවදෙනෙකු මෙරටට පැමිණියා. මෙම වසරේ දී වැඩිම විදෙස් සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ පසුගිය ජනවාරි මාසයේ දීයි. සෑම මාසයකම පාහේ දිවයිනට වැඩි සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනුයි.

තව කියවන්​න

ක්‍රිකට් ක්‍රීඩාව සදහාත් ක්‍රීඩා සමාජ වෙනුවෙන් ලෝක ශූරතා තරගාවලියක් සංවිධාන කිරීමට යළි අවධානය යොමුව තිබෙනවා. ඒ, මීට පෙර පැවැතිChampions League T20 තරගාවලිය අවසන් වරට පවත්වා වසර 10 කට වැඩි කාලයක් ගතව ඇති පසුබිමකයි. ක්‍රීඩා සමාජ සදහා මීට පෙර පැවැතිChampions League T20 තරගාවලිය 2009 වසරේ සිට 2014 දක්වා පැවැති අතර, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය, ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය හා දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය විසින් තරගාවලිය සංවිධාන කර තිබුණා. කෙසේ වෙතත්, එම තරගාවලිය යටතේ පැවැත්වුණේ තරග වාර හයක් පමණක්. ප්‍රේක්ෂක ප්‍රතිචාර අවම වීම නිසා එම තරගාවලිය 2014 වසරෙන් පසුව අත්හැර දමා තිබෙනවා. එංගලන්ත ක්‍රිකට් ආයතනය මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාව සදහාත් මෙවැනි තරගාවලියක…

තව කියවන්​න

මාලි රාජ්‍යයේ රැදී සිටි රුසියානු වැග්නර් කුලී හේවා බලකා කණ්ඩායම් එම රාජ්‍යයෙන් ඉවත්ව යාමට තීරණය කර තිබෙනවා. රුසියානු වැග්නර් කුලී හේවා සන්නද්ධ කණ්ඩායම් වසර තුන හමාරක කාලයක් මාලි රා්‍යයේ රැදී සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. වැග්නර් හේවා සන්නද්ධ කණ්ඩායම නිවේදනය කළේ මාලි රාජ්‍ය තුල ක්‍රියාත්මකව තිබූ බටහිර අප්‍රිකානු සන්නද්ධ කන්ඩායම් වලට එරෙහි මෙහෙයුම් සාර්ථකව අවසන් කර ඇති නිසා මෙම තීරණය ගත් බවයි.

තව කියවන්​න

ගාසා තීරය වෙත ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාද්‍ය වාර්තා කළේ හජ් දිනයේ ආරම්භයත් සමගින් මෙම ප්‍රහාරය සිදු කර ඇති බවයි. ප්‍රහාර හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 42 දෙදෙනෙකු ජීවිතක්ශයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර ගාසා තීරයේ මානුශීය ආධාර කදවුරු තව දුරටත් වසා දැමීමටයි එක්සත් ජනපදය තීරණය කර ඇත්තේ.

තව කියවන්​න

අවාර සමයේදී ද සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් අතරයි. අවාර සමය තුළ ශ්‍රී ලංකාව සංචාරක ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම, ඩිජිටල් අළෙවිකරණ ක්‍රමවේද භාවිතයෙන් ශ්‍රී ලංකා සංචාරක සන්නාමය ඉහළට ඔසවා තැබීම පිළිබදව මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. සංචාරක කර්මාන්තයට අවශ්‍ය කුසලතා හා පුහුණුව ඇති කිරිමෙන් එම ක්ෂේත්‍රයේ මානව සම්පත වැඩිදියුණු කිරීම හා සංචාරක කර්මාන්තයට විදෙස් ආයෝජන ආකර්ෂණය කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවයි වාර්තා වුනේ. සංචාරක ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වූ අතර, එම කර්මාන්තය දියුණු කිරීම සඳහා…

තව කියවන්​න