Author: Aditha Nawod Akalanka

කොටස් වෙළදපොලේ අද දැවැන්ත කොටස් පහළ යාමක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව අද සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 500.39 කින් පහත fාස් ඇති බවයි වාර්තා වන්නේ. අද වාර්තා වූ කොටස් මිල දර්ශකය ඒකක 16,456.10 ක්. මෙය 2022 අප්‍රේල් මස 26 වන දින කොටස් වෙළදපොළ බිද වැටීමන් පසු ඉතිහාසයේ දිනක් තුල එක වර කොටස් මිල දර්ශකය බිද වැටුණූ අවස්ථාවයි. අද කොටස් වෙළදපොලේ ගණුදෙණු පිරිවැටුප වාර්තා වී තිබුණේ රුපියල් බිලියන 6.35 ක් ලෙසයි.

තව කියවන්​න

පාස්කු ප්ර්හාරය පිළිබඳ සොයාබැලීම සඳහා විශ්රාිමික ශ්රේපෂ්ඨාධිකරණ විනිසුරු එස්ග අයිග ඉමාම් මහතාගේ ප්රරධානත්වයෙන් පත්කළ පරීක්ෂණ කමිටු වාර්තාව පිළිනොගන්නා බව කොළඹ අගරදගුරු පදවියේ මාධ්යා ප්රනකාශක සිරිල් ගාමිණී ප්රිනාන්දු පියතුමා පැවසුවාග අද කොළඹදී පැවති මාධ්යර හමුවකදී ඔහු මේ බව පැවසීයග සිරිල් ගාමිණී ප්රීනාන්දු පියතුමා මෙහිදී පවසුවේ ඉමාම් කමිටු වාර්තාවේ අන්තර්ගතව ඇත්තේ පිල්ලෙයාන් සහ සුරේෂ් සලෙයි යන අයගේ කටඋත්තර සහ සාක්ෂි සටහන් පමණක් බවත්ල ඊට අසාද් මවුලානාගේ කිසිදු සාක්ෂි විමසීමක කටඋත්තර ගැනීමක් හෝ ප්රසශ්න කිරීමක් සිදුව නොමැති බවයි. එනිසා පළමුව කළ යුතු දේ නොකරල වෙනත් පුද්ගලයන්ගේ කටඋත්තර පමණක් සටහන්කර ගැනීම හේතුවෙන් ඉමාම් කමිටු වාර්තාව පිළිනොගන්නා බව උන් වහන්සේ වැඩිදුරටත් පැවසුවා

තව කියවන්​න

2025 ජනවාරි මාසය තුල මෙරට සංචාරකයින්ගේ පැමිණීම 252,761 ක්බ සංචාරක අමාත්‍යංශය නිවේදනය කරනවා.එය ඉතිහාසයේ පළමු වතාවට මාසයක් තුල පැමිණි වැඩිම සංචාරක සංඛ්‍යාවයි. 2024 වසරේ ජනවාරි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 208,253 ක්.

තව කියවන්​න

මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය විසින් වීසා ඉල්ලුම් කරන අපේක්ෂකයින් සදහා විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා. පෙබරවාරි මස 08 වනදා සිට වීසා සම්බන්ධ සියලුම ලේකණ ඉදිරිපත් කිරීම සහ එකතු කිරීම ඪත්‍ී කුරියර් සේවාව හරහා සිදු කළ යුතු බව එම නිවේදනයේ දන්වා නිබෙනවා. ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේ වීසා සම්බන්ධ පැකේජ නිරීක්ෂණය කිරීම සහ ඒ සම්බන්ධ කාර්යන් කාර්යක්ශම කිරීම මෙහි ප්‍රධානතම අරමුණ බවයි. මේ සම්බන්ධයෙන් වැඩි දුර විස්තර www.ustraveldocs.com/lk වෙත පිවිසීමෙන් ලබා ගත හැකියි.

තව කියවන්​න

ජනවාරි මස 26 වනදා වන විට රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 156 දෙනෙකු මිය ගොස් ඇති බව ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති විශේශඥ වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා පැවසුවේ මෙම අනතුරු වැලැක්වීම සදහා රජය විසින් කාර්ය සාධක බලකායක් පිහිටවුය යුතු බවයි.

තව කියවන්​න

රුසියාව විසින් යුක්රේනයේ පොල්ටාවා නගරයට එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තිබෙනවා. ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඒ අතර ළමුන් සිව්දෙනෙකුද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත්, සුන්බුන් අතර සිටි පුද්ගලයින් 22 දෙනෙකු බේරා ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම් කටයුතු කර ඇති බව සඳහන්.

තව කියවන්​න

මෙරට ඉතිහාසයේ ලෝක බැංකුවෙන් ලැබෙන වැඩිම ණය ආධාරය මෙම වසරේදී ප්‍රදානය කිරීමට ලෝක බැංකුව එකඟ වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. කුරුණෑගල පැවැති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ, පවතින ගුරු පුරප්පාඩු පිරවීම සහ සරසවි සිසුන්ගේ මහපොළ ශිෂ්‍යාධාරය වැඩි කිරීම ඇතුළු සහන රැසක් එළැඹෙන අයවැයේදී ලබා දෙන බවයි.

තව කියවන්​න

උඩවලව රක්ෂිත ප්රදේශයේ ගංජා හේනක් පොලිස් විශේෂ කාර්ය බළකායේ උඩවලව නිලධාරීන් විසින් වටලා තිබෙනවා. එහිදී අඩි 04ක් පමණ උසට වවා තිබූ කංසා ශාක 2153ක් සොයා ගැනීමටද නිලධාරීන් සමත් ව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 31 හැවිරිදි වියේ පසුවන තණමල්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකිග සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරති

තව කියවන්​න

තරුණ ප්‍රජාව තුල ලිංගික රෝග ඉහළ යමින් පවතින බව රජයේ ප්‍රජා වෛද්‍ය විශේශඥවරුන්ගේ සංගමය පවසනවා. විශේශඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරප්පේලි මහත්මිය පැවසුවේ සමාජ මාධ්‍ය භාවිතය ඉහළ යාම මේ සදහා ප්‍රධානතම හේතුව වී ඇති බවයි. වයස අවුරුදු 15 ත් 24 ත් අතර තරුණයින්ගේ ලිංගිකාශ්‍රිත රෝග සීඝ්‍ර ලෙස ඉහළ යන බවත් එම වයස් වත තරුණ ගැහැණු දරුවන් ගැබ් ගැනීමද ඉහළ ගොස් ඇති බවයි වෛද්‍යතුමිය වැඩි දුරටත් සදහන් කළේ. ලිංගිකාශ්‍රිත රෝග වලින් මේ වන විට වැඩිපුරම වාර්තා වන රෝගය වනුයේ ්‍යෂඪ ඒඩ්ස් රෝගයයි.

තව කියවන්​න

ඇමෙරිකාවේ ෆිලඩෙල්ෆියා ප්‍රදේශයේදී ගුවන් යානයක් ගොඩනැගිලි කිහිපයක් මතට කඩා වැටී අනතුරක් සිදු වුනේ පසු ගිය සෙනසුරාදායි. අනතුරට ලක් වුනේ මෙක්සිකෝවට අයත් වෛද්‍ය සැපයුම් ගුවන් යානයක්. ෆිලාඩෙල්ෆියා පොලීසිය ඊයේ රාත්‍රියේ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ අනතුරින් ගුවන් යානයේ ගමන් ගත් සියලුම දෙනා ජීවිතක්ශයට පත් වි ඇති බවයි. අනතුර සිදු වන අවස්ථාවේ ගුවන් නියමුවන් දෙදෙනෙක් , එක් රෝගියෙක් ,වෛද්‍යවරුන් දෙදෙනෙක් සහ රෝගීයාගේ පවුලේ ඥාතියෙක් ගුවන්යානයේ සිට තිබෙනවා. ගුවන් යානය කඩා වැටීමෙන් හානියට පත් ගොඩනැගිල් වල සිටි පුද්ගලයින් 19 දෙනෙකු රෝහල් ගතව ලප්‍රත්කාර ලබන බවයි ෆිලඩෙල්ෆියා නගර කළමණාකරණ අධ්‍යක්ශ ඇඩම් තියෙල් මහතා පැවසුවේ.

තව කියවන්​න