Author: Aditha Nawod Akalanka

කොළඹ දිස්ත්‍රික්කයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මෙම මස 09 වැනිදා නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතයි. ඒ අනුව එළඹෙන 09 වන දින කොළඹ, රත්මලාන, මොරටුව, තිඹිරිගස්යාය සහ දෙහිවල යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබනවා. කොළඹ දිස්ත්‍රික්කයේ වෙරළ තීරයන් පිරිසිදු කිරිමත්, විවිධ ශ්‍රමදාන වැඩසටහන් සහ දැනුවත් කිරීම් මෙම වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි. සියලුම ප්‍රාදේශිය ලේකම් කාර්යාල නියෝජනය වන පරිදි දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පළාත් පාලන ආයතන, ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව, සෞඛ්‍ය ආයතන, විශ්ව විද්‍යාල ඇතුළු රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධානවල සහයෝගයෙන් මෙම වැඩසටහන දියත් කෙරෙනවා.

තව කියවන්​න

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි බැතිමතෙකු මියගොස් ඇති බව නල්ලතන්නි පොලීසිය පවසනවා. මියගොස් ඇත්තේ පස්සර ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු සිය බිරිද සමග ශ්‍රී පාද වන්දනාවේ ගොස් සීත ගගුලේ අනාරක්ශිත ස්ථානයක දිය නෑමට ගිය අවස්ථාවේ මෙම අනතුරකට ලක් වී ඇති බවයි පොලීය පැවසුවේ.

තව කියවන්​න

දුම්රිය කිහිපයක තුන් වන පන්තියේ ආසන වෙන් කිරීමේ පහසුකම ඉවත් කිරීමට දුම්රිය දෙපාර්තුමේන්තුව විසින් තීරණය කර තිබෙනවා. ඒ අනුව මාර්තු මස 10 වනදා සිට දුම්රිය ගමන්වාර 6 ක මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. කොළඹ කොටුවේ සිට උදෑසන 5.55 ට සහ 8.30 ට බදුල්ල දක්වා පිටත් වන දුම්රියේත් , පස්වරු 3.45 ට තලෛමන්නාරම දක්වා ධාවනය වන දුම්රියේත් ආසන වෙන් කිරීමේ ප්‍රවේශපත්‍ර අත් හිටුවන බවයි දුම්රිය දෙපාර්තුමේන්තුව නිවේදනය කළේ.

තව කියවන්​න

වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් රට හැර යාමේ අවධානමක් නිර්මාණය වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂඥ වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසනවා. ඒ මහතා මේ බව සදහන් කළේ කොලඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින්.

තව කියවන්​න

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ශ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් සිදු වී තිබෙනවා. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ශ මහතාගේ විජේරාමයේ පිහිටි නිල නිවසේදීයි. මෙහිදී දෙරටේ ඉදිරි කටයුතු පිළිබදව සාකච්ඡා කර තිබෙනවා. මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතාද එක් වී සිටියා.

තව කියවන්​න

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ මෙහිදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත ඩොලර් බිලියන 3 ක විස්තීර්ණ ණය පිලිබදව සාකච්ඡා සිදු කළ බවයි. මෙම සමාලෝචනයේ කරුණු මෙම මස අවසානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ශක මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

තව කියවන්​න

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොශන් සභාවේ නිලධාරීන් විසින්. අනවසරෙන් මෙරටට ආනයනය කරන ලද මෝටර් රථයක් මෝටර් රථ දෙපාර්තුමේන්තුව මගින් පැවරීම සම්බන්ධ චෝදනාවක් මෙම සැකකාර නියෝජ්‍ය කොමසාරිස්වරයාට එල්ල වී තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 5ක් මත මුදා හැර තිබෙනවා.

තව කියවන්​න

දෙහිවල හා ගල්කිස්ස පොලිස් වසම්වල සිදුකළ මනුෂ්ය ඝාතන හතරක වෙඩික්කරුවන් යතුරුපැදිවලින් රැගෙන ආ පැදිකරු ලෙස ක්රිතයාකල බව පැවසෙන මහේෂිත පෙරේරා හෙවත් ජනයා නමැත්තෙකු අයිස් මත්ද්රරව්යර ග්රෑෙම් 15ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගල්කිස්ස අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින්. එක් ඝාතනයක් සඳහා සැකකරුට රුපියල් ලක්ෂ 5ක කොන්ත්රායත්තුවක් ලබාදී ඇති බව පොලීසිය පැවසුවේ. ඔහු ,කොස් මල්ලිගේ, නම් අපරාධකරුගේ සමීපතමයෙක් වන අතර සැකකරු දින 7ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්ර්ශ්න කරන බව සඳහන් වේග

තව කියවන්​න

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශව කීපයක් විසින් ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ යළි විභාගයට ගත්තා. අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන අයගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය පැවැත්වෙනවා. මෙහිදී ධීවර ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හිමාලි කුලරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නෞකාව ගිනිගැනීම හේතුවෙන් බස්නාහිර වෙරළ තීරයට පමණක් නොව දකුණු වෙරළ තීරයටද විශාල හානියක් සිදුවූ බව සඳහන් කළා. කෙසේ වෙතත් පෙත්සම් විභාගය ලබන සිකුරාදා දක්වා කල් තබා තිබෙන…

තව කියවන්​න

මෙරට ගැටළු විසදීම සදහා ශ්‍රී ලංකා රජයට සහාය දෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෲ මහතා මේ බව පැවසුවේ අග්‍රාදාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය සමග පැවති සාකච්ඡාවකදීයි. මෙහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අවධාරනය කළේ රටේ දේශපාලනය ඇතුලු සියලුම ක්ශේත්‍ර වල කාන්තා නියෝජනය වර්ධනය කිරීම කාලීන අවශ්‍යතාවයක් වන බවයි. අධ්‍යාපනය , සෞඛ්‍ය , ප්‍රවාහන , කෘෂිකර්ම සහ අනෙකුත් ක්ශේත්‍ර වල වර්ධනය සහ සංවර්ධනය ඇති කිරීම සම්බන්ධයෙන්ද දෙපාර්ශවයේ අවධානය යොමු වී තිබුණා.

තව කියවන්​න