Author: Aditha Nawod Akalanka

බෙලිඅත්ත සිට මහනුවර බලා ධානය වූ සීඝ්‍ර ග්‍රාමී දුම්රියේ එන්ජිම එඩේරමුල්ල දුම්රිය ස්ථානය ආසන්නයේදී ගිනි ගැනීමකට ලක් වී තිබෙනවා. දුම්රිය එන්ජිම ගිනි ගැනීමෙන් කිසි වෙකුටත් හානියක් සිදු වී නැහැ. ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ. දුම්රිය දෙපාර්තුමේන්තුව පැවසුවේ වෙනත් දුම්රිය එන්ජිමක් යොදාගෙන දුම්රිය ධාවනය කිරීම සදහා කටයුතු කරන බවයි.

තව කියවන්​න

පසුගිය දින වැලිකන්ද මුතුගල වැවේ දිය පහරකට හසුව අතුරැදන් වූ පුද්ගලයෙකුගේ මෘත ශරීරය හමුවී තිබෙනවා. මියගොස් ඇත්තේ නවසේනපුර පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක්. මියගිය පුද්ගලයා විදෙස්ගත වීම සදහා සම්මුඛ පරීක්ශනයක් සදහා පිටව ගොස් නැවත පැමිණෙමින් සිටියදී ඔහුගේ බිරිද සමග මුතුගල වැවේ පිට වානෙහි ඇවිද යමින් සිටියදී දිය පහරට හසු වී ගසා ගෙන ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ. දිය පහරට හසු වූ බිරිද ප්‍රදේශවාසීන් එක්ව බේරාගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ අතුරැදහන් වූ පුද්ගලයාගේ සිරැර අද උදෑසන හමු වූ බවයි.

තව කියවන්​න

පිලිපීනයේ රිච්ටපරිමානයේ ඒකක 5.4 ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් සිදු වී තිබෙනවා. භූමිකම්පාව සිදු වී ඇත්තේ පිලිපීනයේ බිනුබුසාන් මුහුදු කළාපය ආශ්‍රිත ප්‍රදේශයේයි. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසුවේ මැනිලා වේලාවෙන් පස්වරැ 06.43 ට මෙම භූමිකම්පාව සිදු වී ඇති බවයි. කෙසේ වෙතත් පිලිපීන මුහුදු කළාපයට සුනාමි අනතුරැ ඇගවීමක් මෙතෙක් නිකුත් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඉදිරියේදී මෙම කළාපය තුල ප්‍රබල පසු කම්පන ඇති වීමේ අවධානමක් පවතින බවත් පවතින අවධානම සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසු වන ලෙසත් එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවා.

තව කියවන්​න