Author: Aditha Nawod Akalanka

19 න් පහළ පන්දුවාර 20 යි 20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 81 ක ජයක් වාර්තා කළා. මෙම තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 05 ක් දැවී ලකුණු 166 ක් රැස්කර ගැනීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 4 ක් තුළදී සියල්ලන්ම දැවී ලකුණු 85 ක් රැස්කර ගත්තා. මීට පෙර සත්කාරක මැලේසියානු කණ්ඩයාමට එරෙහිව පැවති පළමු තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් පිල ජය ගනු ලැබුවා.

තව කියවන්​න

මන්ත්‍රී අර්චුනාව අත්අඩංගුවට ගන්නා ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් පොලීසියට නියෝග කර ඇත්තේ පෙබරවාරි 03 වනදා මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වන ලෙසයි. අනුරාධපුර ප්‍රදේශයේදී රථ වාහන පරීක්ශා කළ නිලධාරීන්ගේ සේවයටබාධා කිරීම සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුනා. පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරැනු වාර්තා කළ අවස්ථාවේ අධිකරණය විසින්මෙම නියෝගය නිකුත් කර තිබුනා.

තව කියවන්​න

පවතින අයහපත් කාළගුණය හේතුවෙන් මහනුවර මහියංගණය මාර්ගයේ 18 වංගුව මාර්ගය වසා දැමීම සදහා තීරණය කර තිබෙනවා. මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පැවසුවේ අද පස්වරැ 6.00 සිට හෙට පෙරවරැ 6.00 දක්වා 18 වංගුව මාර්ගය වසා දැමෙන බවයි. මහනුවර මහියංගනය මාර්ගයේ කහටගෙලේල ප්‍රදේශයේ පස් සහ ගල් වැටීම් පිළිබදව නිකුත් කර ඇති අවධානාත්මක නිවේදනය නිසා මෙම පියවර ගෙන තිබෙනවා.

තව කියවන්​න

යුක්‍රේනය විසින් රැසියාවේ තෙල් ගබඩාවකට සහ ගවන් සේවා ස්ථානයකට ප්‍රහාර එල්ල කර තිබෙනවා. රැසියා ආරක්ශක අමාත්‍යංශව පැවසුවේ යුක්‍රේනය විසින් මෙම ප්‍රහාරය සදහා ඩ්‍රෝන යානා 55 ක් භාවිතා කර ඇති බවයි. යුක්‍රේනය විසින් ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති අතර යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් ස්ලෙන්ස්කි පැවසුවේ ඩොනලඩ් ට්‍රම්ප් රැසියා යුක්‍රේන යුද්ධය අවසන් කිරීම සදහා මැදිහත් වනු ඇති බවයි. රැසියානු ආරක්ශක අමාත්‍යංශය එක්ස් සටහනක් මගින් සදහන් කළේ ප්‍රහාර හෙළා දකින අතර ප්‍රහාරය සදහා ප්‍රතිචාර දක්වන බවයි.

තව කියවන්​න

අල්ලස් ලබා ගැනීමේ චෝදනා මත වැලිසර ආගමන විගමන රැදවුම් මධ්‍යස්ථානයේ බලයලත් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අල්ලස් හෝ දූෂණ මර්ධන කොමිශන් සභාවේ නිලධාරීන් විසින්. අත්අඩංගුවට ගත් සැකකරැ වැලිසර ආගමන විගමන රැදවුම් මධ්‍යස්තානයේ රදවා සිටි පුද්ගලයෙකු නිදහස් කිරීම සදහා රැපියල් ලක්ශ 5 ක මුදලක් ලබා ගෙන තිබෙනවා. අල්ලස් හෝ දූෂණ මර්ධන කොමිශන් සභාව පැවසුවේ සැකකරැ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කර ඉදිරි නීතිමය පියවර ගැනීමට නියමිතයි.

තව කියවන්​න

බෙලිඅත්ත සිට මහනුවර බලා ධානය වූ සීඝ්‍ර ග්‍රාමී දුම්රියේ එන්ජිම එඩේරමුල්ල දුම්රිය ස්ථානය ආසන්නයේදී ගිනි ගැනීමකට ලක් වී තිබෙනවා. දුම්රිය එන්ජිම ගිනි ගැනීමෙන් කිසි වෙකුටත් හානියක් සිදු වී නැහැ. ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ. දුම්රිය දෙපාර්තුමේන්තුව පැවසුවේ වෙනත් දුම්රිය එන්ජිමක් යොදාගෙන දුම්රිය ධාවනය කිරීම සදහා කටයුතු කරන බවයි.

තව කියවන්​න

පසුගිය දින වැලිකන්ද මුතුගල වැවේ දිය පහරකට හසුව අතුරැදන් වූ පුද්ගලයෙකුගේ මෘත ශරීරය හමුවී තිබෙනවා. මියගොස් ඇත්තේ නවසේනපුර පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක්. මියගිය පුද්ගලයා විදෙස්ගත වීම සදහා සම්මුඛ පරීක්ශනයක් සදහා පිටව ගොස් නැවත පැමිණෙමින් සිටියදී ඔහුගේ බිරිද සමග මුතුගල වැවේ පිට වානෙහි ඇවිද යමින් සිටියදී දිය පහරට හසු වී ගසා ගෙන ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ. දිය පහරට හසු වූ බිරිද ප්‍රදේශවාසීන් එක්ව බේරාගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ අතුරැදහන් වූ පුද්ගලයාගේ සිරැර අද උදෑසන හමු වූ බවයි.

තව කියවන්​න

පිලිපීනයේ රිච්ටපරිමානයේ ඒකක 5.4 ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් සිදු වී තිබෙනවා. භූමිකම්පාව සිදු වී ඇත්තේ පිලිපීනයේ බිනුබුසාන් මුහුදු කළාපය ආශ්‍රිත ප්‍රදේශයේයි. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසුවේ මැනිලා වේලාවෙන් පස්වරැ 06.43 ට මෙම භූමිකම්පාව සිදු වී ඇති බවයි. කෙසේ වෙතත් පිලිපීන මුහුදු කළාපයට සුනාමි අනතුරැ ඇගවීමක් මෙතෙක් නිකුත් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඉදිරියේදී මෙම කළාපය තුල ප්‍රබල පසු කම්පන ඇති වීමේ අවධානමක් පවතින බවත් පවතින අවධානම සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසු වන ලෙසත් එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවා.

තව කියවන්​න