Author: Aditha Nawod Akalanka

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ මෙහිදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත ඩොලර් බිලියන 3 ක විස්තීර්ණ ණය පිලිබදව සාකච්ඡා සිදු කළ බවයි. මෙම සමාලෝචනයේ කරුණු මෙම මස අවසානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ශක මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

තව කියවන්​න

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොශන් සභාවේ නිලධාරීන් විසින්. අනවසරෙන් මෙරටට ආනයනය කරන ලද මෝටර් රථයක් මෝටර් රථ දෙපාර්තුමේන්තුව මගින් පැවරීම සම්බන්ධ චෝදනාවක් මෙම සැකකාර නියෝජ්‍ය කොමසාරිස්වරයාට එල්ල වී තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 5ක් මත මුදා හැර තිබෙනවා.

තව කියවන්​න

දෙහිවල හා ගල්කිස්ස පොලිස් වසම්වල සිදුකළ මනුෂ්ය ඝාතන හතරක වෙඩික්කරුවන් යතුරුපැදිවලින් රැගෙන ආ පැදිකරු ලෙස ක්රිතයාකල බව පැවසෙන මහේෂිත පෙරේරා හෙවත් ජනයා නමැත්තෙකු අයිස් මත්ද්රරව්යර ග්රෑෙම් 15ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගල්කිස්ස අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින්. එක් ඝාතනයක් සඳහා සැකකරුට රුපියල් ලක්ෂ 5ක කොන්ත්රායත්තුවක් ලබාදී ඇති බව පොලීසිය පැවසුවේ. ඔහු ,කොස් මල්ලිගේ, නම් අපරාධකරුගේ සමීපතමයෙක් වන අතර සැකකරු දින 7ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්ර්ශ්න කරන බව සඳහන් වේග

තව කියවන්​න

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශව කීපයක් විසින් ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ යළි විභාගයට ගත්තා. අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන අයගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය පැවැත්වෙනවා. මෙහිදී ධීවර ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හිමාලි කුලරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නෞකාව ගිනිගැනීම හේතුවෙන් බස්නාහිර වෙරළ තීරයට පමණක් නොව දකුණු වෙරළ තීරයටද විශාල හානියක් සිදුවූ බව සඳහන් කළා. කෙසේ වෙතත් පෙත්සම් විභාගය ලබන සිකුරාදා දක්වා කල් තබා තිබෙන…

තව කියවන්​න

මෙරට ගැටළු විසදීම සදහා ශ්‍රී ලංකා රජයට සහාය දෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෲ මහතා මේ බව පැවසුවේ අග්‍රාදාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය සමග පැවති සාකච්ඡාවකදීයි. මෙහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අවධාරනය කළේ රටේ දේශපාලනය ඇතුලු සියලුම ක්ශේත්‍ර වල කාන්තා නියෝජනය වර්ධනය කිරීම කාලීන අවශ්‍යතාවයක් වන බවයි. අධ්‍යාපනය , සෞඛ්‍ය , ප්‍රවාහන , කෘෂිකර්ම සහ අනෙකුත් ක්ශේත්‍ර වල වර්ධනය සහ සංවර්ධනය ඇති කිරීම සම්බන්ධයෙන්ද දෙපාර්ශවයේ අවධානය යොමු වී තිබුණා.

තව කියවන්​න

කොටස් වෙළදපොලේ අද දැවැන්ත කොටස් පහළ යාමක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව අද සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 500.39 කින් පහත fාස් ඇති බවයි වාර්තා වන්නේ. අද වාර්තා වූ කොටස් මිල දර්ශකය ඒකක 16,456.10 ක්. මෙය 2022 අප්‍රේල් මස 26 වන දින කොටස් වෙළදපොළ බිද වැටීමන් පසු ඉතිහාසයේ දිනක් තුල එක වර කොටස් මිල දර්ශකය බිද වැටුණූ අවස්ථාවයි. අද කොටස් වෙළදපොලේ ගණුදෙණු පිරිවැටුප වාර්තා වී තිබුණේ රුපියල් බිලියන 6.35 ක් ලෙසයි.

තව කියවන්​න

පාස්කු ප්ර්හාරය පිළිබඳ සොයාබැලීම සඳහා විශ්රාිමික ශ්රේපෂ්ඨාධිකරණ විනිසුරු එස්ග අයිග ඉමාම් මහතාගේ ප්රරධානත්වයෙන් පත්කළ පරීක්ෂණ කමිටු වාර්තාව පිළිනොගන්නා බව කොළඹ අගරදගුරු පදවියේ මාධ්යා ප්රනකාශක සිරිල් ගාමිණී ප්රිනාන්දු පියතුමා පැවසුවාග අද කොළඹදී පැවති මාධ්යර හමුවකදී ඔහු මේ බව පැවසීයග සිරිල් ගාමිණී ප්රීනාන්දු පියතුමා මෙහිදී පවසුවේ ඉමාම් කමිටු වාර්තාවේ අන්තර්ගතව ඇත්තේ පිල්ලෙයාන් සහ සුරේෂ් සලෙයි යන අයගේ කටඋත්තර සහ සාක්ෂි සටහන් පමණක් බවත්ල ඊට අසාද් මවුලානාගේ කිසිදු සාක්ෂි විමසීමක කටඋත්තර ගැනීමක් හෝ ප්රසශ්න කිරීමක් සිදුව නොමැති බවයි. එනිසා පළමුව කළ යුතු දේ නොකරල වෙනත් පුද්ගලයන්ගේ කටඋත්තර පමණක් සටහන්කර ගැනීම හේතුවෙන් ඉමාම් කමිටු වාර්තාව පිළිනොගන්නා බව උන් වහන්සේ වැඩිදුරටත් පැවසුවා

තව කියවන්​න

2025 ජනවාරි මාසය තුල මෙරට සංචාරකයින්ගේ පැමිණීම 252,761 ක්බ සංචාරක අමාත්‍යංශය නිවේදනය කරනවා.එය ඉතිහාසයේ පළමු වතාවට මාසයක් තුල පැමිණි වැඩිම සංචාරක සංඛ්‍යාවයි. 2024 වසරේ ජනවාරි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 208,253 ක්.

තව කියවන්​න

මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය විසින් වීසා ඉල්ලුම් කරන අපේක්ෂකයින් සදහා විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා. පෙබරවාරි මස 08 වනදා සිට වීසා සම්බන්ධ සියලුම ලේකණ ඉදිරිපත් කිරීම සහ එකතු කිරීම ඪත්‍ී කුරියර් සේවාව හරහා සිදු කළ යුතු බව එම නිවේදනයේ දන්වා නිබෙනවා. ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේ වීසා සම්බන්ධ පැකේජ නිරීක්ෂණය කිරීම සහ ඒ සම්බන්ධ කාර්යන් කාර්යක්ශම කිරීම මෙහි ප්‍රධානතම අරමුණ බවයි. මේ සම්බන්ධයෙන් වැඩි දුර විස්තර www.ustraveldocs.com/lk වෙත පිවිසීමෙන් ලබා ගත හැකියි.

තව කියවන්​න

ජනවාරි මස 26 වනදා වන විට රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 156 දෙනෙකු මිය ගොස් ඇති බව ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති විශේශඥ වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා පැවසුවේ මෙම අනතුරු වැලැක්වීම සදහා රජය විසින් කාර්ය සාධක බලකායක් පිහිටවුය යුතු බවයි.

තව කියවන්​න