Author: Aditha Nawod Akalanka

සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන , උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේදී සිදු කර තිබෙනවා . ශ්‍රී ලංකාවේ සිසුන්ට සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය හැදෑරීම සඳහා පුර්ණ ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා වන මෙම ගිවිසුමට අත්සන් තැබීමට කැබිනට් මණ්ඩලය පසුගියදා අනුමැතිය ලබාදුන්නා. ඒ අනුව උසස් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව වෙනුවෙන් වූ මෙම ගිවිසුමට සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ ප්‍රධානී මහාචාර්ය ඇරොන් තියැන් මහතා අත්සන් තිබෙනවා. අනතුරුව එය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමුකිරීම සඳහා සිංගප්පූරුවේ ශ්‍රි ලංකා මහකොමසාරිස් සෙනරත් දිසානායක මහතා වෙත භාරදෙනු ලැබුවා. ගෝලීය විශ්වවිද්‍යාල ශේණිගත කිරීම් අනුව සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලය ලොව ප්‍රමුඛ ස්ථානයක…

තව කියවන්​න

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි. එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා තිබුණා. තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක්…

තව කියවන්​න

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්. ඒ. ඩී. එන්. මහකුමාර මහතා රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කළුතර ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි ඒ මහතා දෙදරු පියෙක්. වැලිසර ළය රෝහලේ රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා අද උදෑසන මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ.. වසර 15ක පමණ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ සේවා කාලයක් සපුරා ඇති ඒ මහතා පොලිස් උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සේවයට බැඳී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සේවය කර තිබුණා. දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේ දී දැනුම් දීමට නියමිතයි.

තව කියවන්​න

දස වසරක ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සම්පාදනය කිරීම සඳහා වු පළමු වැඩමුළුව අද පආරම්භ වුනා. අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන, නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.. ලෝක සෞඛ්‍ය සංවිධානය , යුනිසෙෆ් ඇතුලු සංවිධානවල නිර්දේශයන් මෙම ජාතික ප්‍රතිපත්තිය සදහා භාවිතා කිරීමට නියමිතයි. 2026 වසරේ සිට 2035 වසර දක්වා ක්‍රියාත්මක කිරීම සදහා මෙම ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම සිදු වනවා.

තව කියවන්​න

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට එහි තරග සංවිධායකයින් තීරණය කර තිබෙනවා. ඉන්දියාව සහ පාකිස්තාන දේශසීමා ආසන්නයේ ඇතිවී තිබෙන යුදමය වාතාවරණය හේතුවෙන් මධ්‍යයේ මෙම තීරණය ගෙන ඇති බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබුණා.

තව කියවන්​න

මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්තයේ ඉදිකිරීම් 2027 වසරේදී අවසන් කරන බවට නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේ මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්තයේ ඉදිකිරීම් නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් . නවීන තාක්ෂණයෙන් යුත් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් මෙරට ඉදි කෙරෙන්නේ පළමු වරට බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ. ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 25ක්. ඉදිරිවසර 05 තුළ සංවර්ධනය ගමට ගෙන යාමට රජය ක්‍රියා කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් සදහන් කළා.

තව කියවන්​න

කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක් අසල අද රාත්‍රියේ වෙඩි තැබීමක් සදු වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අයෙකු රෝහල්ගත කර ඇති බවයි. සිද්ධිය ගැන කොට්ටාව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

තව කියවන්​න

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තු යෝජනාවක් මගින් පත් කරන ලද විමර්ශන කමිටුව හමුවට කැඳවීමට තීරණය කර තිබෙනවා. ඒ ඔහු ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහායි. ඒ අනුව 2025 මැයි 19 වන දින පස්වරු 2.00 ට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කමිටු ශාලා 8 හිදී කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙසටයි පොලිස්පතිවරයාට දැනුම් දී ඇත්තේ. ගරු සභාපතිතුමාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවේ විනිසුරු වරුන් ලෙස විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ එම්. විනිසුරු නීල් ඉද්දවල සහලලිත් ඒකනායක කටයුතු කරනු ලබනවා. 2002 අංක 5 දරන නිලධාරීන් ඉවත් කිරීමේ පනතේ විධිවිධාන යටතේ කමිටුව විසින් සිය විධානයට අනුකූලව පරිපූර්ණ විමර්ශනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි පාර්ලිමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග…

තව කියවන්​න

කොළඹ පහ රාමනාදන් හින්දු විද්‍යාලයේ දෙමාපියන් පිරිසක් විරෝධතාවක නිරත වීම හේතුවෙන් ඩුබ්ලිකේෂන් පාර සම්පුර්ණයෙන්ම අද අවහිර වුනා.. දිල්සි හම්සිකා සිසුවිය ඝාතනය කිරීමේ සිද්ධියට ගුරුවරුන් දෙදෙනෙකු වගකිව යුතු බවට චෝදනා කරමිනුයි දෙමාපියන් පිරිසක් මෙසේ විරෝධතාවක නිරතව ඇත්තේ. පසුගිය 29 වනදා මෙම සිසුවිය මිය ගොස් තිබුණා. විරෝධතාකරුවන් විද්‍යාලය ඉදිරිපිට මාර්ගය අවහිර වන සේ විරෝධතාවේ නිරත වන බවයි වාර්තා වුනේ. පොලිස් කැරළි මර්දන ඒකකය ද මෙම ස්ථානයට කැඳවා තිබුනා. මෙම සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන ඇති අතර, ඒ සඳහා අමාත්‍යාංශයේ අවධානය යොමු වූ බවයි. ඒ අනුව අදාළ…

තව කියවන්​න

රාජ්‍ය වෙසක් උත්සවය එළඹෙන 12 වන සදුදා නුවරඑලිය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව රාජ්‍ය වෙසක් උත්සවය වෙසක් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කරන බවයි දුම්රිය නියෝජ්‍ය සාමාණයාධිකාරී එන් ජේ ඉදිපොළfරැග් මහතා සදහන් කළේ. ඒ අනුව එම දුම්රිය සේවාව හෙට දින සිට මැයි මස 13 දක්වා ක්‍රියාත්මක වනු ඇති. වෙසක් පොහොය වෙනුවෙන් විශේෂ රාත්‍රී දුම්රිය ගමන් වාර කිහිපයක් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව හෙට සිට එළඹෙන 13 වන අගහරුවාදා දක්වා මෙම දුම්රිය සේවාව කොළඹ කොටුවේන් රාත්‍රී 7.00 ට ගමන් අරඹනු ඇති. කොළඹ කොටුව සිට බදුල්ල දක්වා වෙසක් පොහොය වෙනුවෙන්…

තව කියවන්​න