Author: Aditha Nawod Akalanka

අමෙරිකාවේ ටෙක්සාස් ගං වතුරෙන් මිය ගිය පිරිස 51 ක් දකවා ඉහළ ගොස් තිබෙනවා. නිකුත් කළ නවතම වාර්තාවක් මගින් මේ බව තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අතරට ළමා කදවුරේ අතුරුදන් වූ ගැහැණු ළමුන් 15 දෙනෙකුද අයත් වන බවයි එම වාර්තාව වැඩි දුරටත් අණාවරණය කර ඇත්තේ. ගලවා ගැනීමේ මෙහෙයුම් සහ සහන සේවා තවදුරටත් අඛන්ඩව ක්‍රියාත්මක වන බවද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබෙනවා. මේ අතර අත්ලාන්තික් සාගරයේ ඇති වී තිබෙන චැන්ටල් සුළි කුණාටුව ඉදිරි පැය කිහිපය තුල අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය වෙත ඇතුලු වන බවට පුරේා්කථනය කර තිබෙනවා. මේ වන විටත් කැලිෆෝනියා ප්‍රාන්තයට අධික සුළං සමගින් අධික වර්ෂාව…

තව කියවන්​න

ඉන්දියාවේ ගල් අගුරු පතලක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අනතුරින් පුද්ගලයෙක් මිය ගොස් ඇති බවයි සදහන් වන්නේ. ඉන්දියාවේ රාම්ගාස් ප්‍රදේශයේ ඇති ගල් අගුරු පතලක් මෙලෙස කඩා වැටීමට පත්ව තිබෙනවා. මේ වන විට පතල තුල සිරවූවන් මුදවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ.

තව කියවන්​න

අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ ජපානයට ඇති වන බවට අනාවැකි පල කර තිබෙන ප්‍රබල භූ කම්පනය සහ මෙගා සුනාමි තතත්වය හේතුවෙන්. මෙම අනාවැකිය පළ කර ඇත්තේ ජපාන කාටූන් චිත්‍ර ශිල්පියකු වන රියෝ තට්සුකී හෙවත් ජපන් වැන්ගා නම් ලේකිකාව විසින්. ඇයගේ මා දුටු අනාගතය නැමැති චිත්‍ර නව කථාවේ මේ සම්බන්ධයෙන් අණාවැකි පළ කර තිබුණා. ඇය මීට පෙර 2011 වසරේ ජපානයට ඇති වූ භූ කම්පනය සහ සුනාමිය පිළිබද දින වකවානු සහ වේලාවන් සම්බන්ධයෙන් නිශ්චිත අනාවැකි පල කර තිබීමද විශේෂත්වයක් බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සදහන් කළේ. අද දිනයේ ඇති වන බවට අණාවැකි…

තව කියවන්​න

එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තය වෙත ඇති වූ හදිසි ගං වතුර තත්ත්වයක් හේතුවෙන් මිය ගිය පිරිස 24 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තත්ත්වය සම්බන්ධයෙන් නවතම නිවේදනයක් නිකුත් කරමින් ටෙක්කාස් ප්‍රාන්ත ආන්ඩුකාර ඩෑන් පැටි්‍රක් මේ බව සදහන් කළා. ළමා කදවුරේද අතුරුදහන් වූ ගැහැණු ළමුන් සංඛයාව් 25 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවද එම නිවේදනයේ වැඩි දුරටත් සදහන්. ගංවතුර තත්ත්වය තව දුරටත් ඉහළ යමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ.

තව කියවන්​න

ජපානයේ කගෝෂිමා ප්‍රාන්තයට භූ කම්පනයක් සිදු වී තිබෙනවා. භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 5.4 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එරට කාළ ගූන ඒජන්සිය සදහන් කර ඇත්තේ මුහුදු පතුලේ සිට කිලෝමීටර 19 ක් ගැඹුරින් මෙම භූ කම්පනය සිදු වී ඇති බවයි. මේ භූ කම්පනයත් සමග ටොරෝකා දූපත් අසළ සිදු වූ භූ කම්පන ප්‍රමාණය 1200 ක් දක්වා ඉහළ යන බවද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබෙනවා.

තව කියවන්​න

එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තය වෙත හදිසි ගං වතුර තත්ත්වයක් ඇති වී තිබෙනවා. මේ වන විට එම ගං වතුර හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ටෙක්සාස් ප්‍රාන්ත ජීවිතාරක්ෂක බලකාය නිවේදනය කර ඇත්තේ. මේ අතර ළමුන් 700 ක් පමණ සහභාගී වී සිටි කදවුරක සිටි ගැහැණු ළමුන් 20 දෙනෙකුද ගල වතුරට හසු වීමෙන් අතුරුදන් වී තිබෙනවා. ප්‍රාන්ත ආණ්ඩුකාර ඩෑන් පැටි්‍රක් සදහන් කර ඇත්තේ ඒ කිසිදු ගැහැණු දරුවෙකු තවමත් සොයාගෙන නොමැති බවයි. ගංවතුර තත්ත්වය තව දුරටත් ඉහළ යාමේ අවධානමක් පවතින බවද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබෙනවා.

තව කියවන්​න

මේ වන විට රටේ ජාතික ආරක්ෂාව තර්ජනයට ලක් වී ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත5ී ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. ඊයේ එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හම්වකට එක් වෙමින් ඒ මහතා මේ බව සදහන් කළා. https://youtu.be/2yFBt3OO3EU?feature=shared

තව කියවන්​න

බස් ගාස්තු සංශෝදනය සිදු කර ඇති ප්‍රමාණය නිශ්පල බව ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේළ සම්පත් මහතා පවසනවා. නිසි බස් ගාස්තු සංශෝදනයක් සිදු කළ යුතු බවයි ඒ මහතා සදහන් කළේ. ඔහු මේ බව සදහන් කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්. https://youtu.be/Mr2y85RgPIA?feature=shared

තව කියවන්​න

තුර්කියේ ලැව් ගිනි තත්ත්වයක් හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම ලැව් ගිනි අඛණ්ඩව ව්‍යාප්ත වන බවයි තුර්කි බලධාරීන් සදහන් කර ඇත්තේ. තුර්කියේ ඉස්මීර් ප්‍රදේශයේ ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ දෙකක් වාර්තා වී තිබෙනවා. මිය ගිය පුද්ගලයින් දෙදෙනා අතර ගිනි නිවන භටයෙකුද සිටින බවට තහවුරු වී ඇති බවයි වාර්තා වුනේ. තුර්කිය හරහා හමා යන පැයට කිලෝමීටර 80 ක තද සුළං හේතුවෙන් මෙම ලැව් ගිනි ව්‍යාප්තිය ඉහළ යන බවයි තුර්කි කාළගුණ මධ්‍යස්ථානය සදහන් කරන්නේ. ලැව් ගිනි හේතුවෙන් ඉස්මීර් සහ සෙස්මේ අතර අදිවේගී මාර්ගද මේ වන විට වසා දමා තිබෙනවා. ලැව් ගිනි පාලනය සදහා හෙළිකොප්ටර් යානා 22…

තව කියවන්​න

යෝජිත නව කම්කරු පනත ගෙන එනු ලබන්නේ සියලු පාර්ශ්වයන්වල එකඟතාවෙන් පමණක් බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ කම්කරු දෙපාර්තමේන්තුවේ පැවැති ජාතික කම්කරු උපදේශක සභා රැස්වීමට එක් වෙමින්. නව පනත සඳහා යෝජනා සකස් කිරීමට විෂය ප්‍රාමාණිකයින්ගෙන් සමන්විත කමිටුවක්ද පත්කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා. කෙසේ වෙතත් පසුගිය ආණ්ඩුව සකස් කළ පනත යළි ගෙන ඒමට කිසිසේත් කටයුතු නොකරන බවයි වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ. සේවක අර්ථසාධක අරමුදල පිළිබඳවද මෙහිදී විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල පාලනය සහ කළමනාකරණය පොදු වේදිකාවක් මතට ගෙන ඒම හරහා අරමුදල තවදුරටත් ශක්තිමත් කිරීමත්, සාමාජිකයින්ට ප්‍රතිලාභ…

තව කියවන්​න