Author: Aditha Nawod Akalanka

ජපානයේ කගෝෂිමා ප්‍රාන්තයට භූ කම්පනයක් සිදු වී තිබෙනවා. භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 5.4 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එරට කාළ ගූන ඒජන්සිය සදහන් කර ඇත්තේ මුහුදු පතුලේ සිට කිලෝමීටර 19 ක් ගැඹුරින් මෙම භූ කම්පනය සිදු වී ඇති බවයි. මේ භූ කම්පනයත් සමග ටොරෝකා දූපත් අසළ සිදු වූ භූ කම්පන ප්‍රමාණය 1200 ක් දක්වා ඉහළ යන බවද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබෙනවා.

තව කියවන්​න

එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තය වෙත හදිසි ගං වතුර තත්ත්වයක් ඇති වී තිබෙනවා. මේ වන විට එම ගං වතුර හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ටෙක්සාස් ප්‍රාන්ත ජීවිතාරක්ෂක බලකාය නිවේදනය කර ඇත්තේ. මේ අතර ළමුන් 700 ක් පමණ සහභාගී වී සිටි කදවුරක සිටි ගැහැණු ළමුන් 20 දෙනෙකුද ගල වතුරට හසු වීමෙන් අතුරුදන් වී තිබෙනවා. ප්‍රාන්ත ආණ්ඩුකාර ඩෑන් පැටි්‍රක් සදහන් කර ඇත්තේ ඒ කිසිදු ගැහැණු දරුවෙකු තවමත් සොයාගෙන නොමැති බවයි. ගංවතුර තත්ත්වය තව දුරටත් ඉහළ යාමේ අවධානමක් පවතින බවද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබෙනවා.

තව කියවන්​න

මේ වන විට රටේ ජාතික ආරක්ෂාව තර්ජනයට ලක් වී ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත5ී ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. ඊයේ එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හම්වකට එක් වෙමින් ඒ මහතා මේ බව සදහන් කළා. https://youtu.be/2yFBt3OO3EU?feature=shared

තව කියවන්​න

බස් ගාස්තු සංශෝදනය සිදු කර ඇති ප්‍රමාණය නිශ්පල බව ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේළ සම්පත් මහතා පවසනවා. නිසි බස් ගාස්තු සංශෝදනයක් සිදු කළ යුතු බවයි ඒ මහතා සදහන් කළේ. ඔහු මේ බව සදහන් කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්. https://youtu.be/Mr2y85RgPIA?feature=shared

තව කියවන්​න

තුර්කියේ ලැව් ගිනි තත්ත්වයක් හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම ලැව් ගිනි අඛණ්ඩව ව්‍යාප්ත වන බවයි තුර්කි බලධාරීන් සදහන් කර ඇත්තේ. තුර්කියේ ඉස්මීර් ප්‍රදේශයේ ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ දෙකක් වාර්තා වී තිබෙනවා. මිය ගිය පුද්ගලයින් දෙදෙනා අතර ගිනි නිවන භටයෙකුද සිටින බවට තහවුරු වී ඇති බවයි වාර්තා වුනේ. තුර්කිය හරහා හමා යන පැයට කිලෝමීටර 80 ක තද සුළං හේතුවෙන් මෙම ලැව් ගිනි ව්‍යාප්තිය ඉහළ යන බවයි තුර්කි කාළගුණ මධ්‍යස්ථානය සදහන් කරන්නේ. ලැව් ගිනි හේතුවෙන් ඉස්මීර් සහ සෙස්මේ අතර අදිවේගී මාර්ගද මේ වන විට වසා දමා තිබෙනවා. ලැව් ගිනි පාලනය සදහා හෙළිකොප්ටර් යානා 22…

තව කියවන්​න

යෝජිත නව කම්කරු පනත ගෙන එනු ලබන්නේ සියලු පාර්ශ්වයන්වල එකඟතාවෙන් පමණක් බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ කම්කරු දෙපාර්තමේන්තුවේ පැවැති ජාතික කම්කරු උපදේශක සභා රැස්වීමට එක් වෙමින්. නව පනත සඳහා යෝජනා සකස් කිරීමට විෂය ප්‍රාමාණිකයින්ගෙන් සමන්විත කමිටුවක්ද පත්කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා. කෙසේ වෙතත් පසුගිය ආණ්ඩුව සකස් කළ පනත යළි ගෙන ඒමට කිසිසේත් කටයුතු නොකරන බවයි වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ. සේවක අර්ථසාධක අරමුදල පිළිබඳවද මෙහිදී විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල පාලනය සහ කළමනාකරණය පොදු වේදිකාවක් මතට ගෙන ඒම හරහා අරමුදල තවදුරටත් ශක්තිමත් කිරීමත්, සාමාජිකයින්ට ප්‍රතිලාභ…

තව කියවන්​න

වාර්ෂික පළාත් පුස්තකාල සමුළුව 6 වැනි වරටත් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පවත්වා තිබෙනවා . ඒ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් . දිවයිනේ පළාත් පුස්තකාල සේවා මණ්ඩල මඟින් පුස්තකාල පද්ධතිය තුළ ඉටු කරනු ලබන කාර්යභාරය හා සේවාව ඇගයීමට ලක්කිරීමේ හා එම සේවා තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් මෙම වාර්ෂික සමුළුව පවත්වනු ලබනවා. මෙම සමුළුව පැවැත්වෙන්නේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය හා පළාත් පුස්තකාල සේවා මණ්ඩලවල සහභාගීත්වයෙන්. ශ්‍රී ලංකාවේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්ථාපිත පළාත්සභා ක්‍රමය අනුව මෙරට පුස්තකාල සේවාව පුළුල් කිරීමේ හා විධිමත් කිරීමේ අරමුණෙන් පළාත් සභාවලට අනුබද්ධිතව පළාත්…

තව කියවන්​න

ග්‍රීසියේ ක්‍රීට් නගරය ආශ්‍රිත ලැව් ගිනි තත්ත්වයක් හට ගෙන තිබෙනවා. ප්‍රදේශයේ වනාන්තර කලාපය තුල ලැව් ගිනි සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස වල සිටින ජනතාව සහ සංචාරකයින් ඉවත් කිරීමටයි පියවර ගනිමින් ඇත්තේ. මේ වන විට ලැව් ගිනි කිලෝමීටර 6 කට අධික දුරක් ව්‍යාප්තව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ලැව් ගිනි පාලනය කිරීම සදහා ගිනි නිවන බවටයින් 230 ක් යොදවා ඇති අතර තත්ත්වය තවදුරටත් ක්‍රමිකව වර්ධනය වන බවයි එම නිලධාරීන් සදහන් කර ඇත්තේ. මේ වන විට ප්‍රදේශයේ නිවාස 1500 ක ජනතාව සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බවද සදහන්. ලැව් ගිනි හේතුවෙන් පැතිර යන දුමාරයෙන් හුස්ම ගැනීමේ අපහසුතා මතු වූ…

තව කියවන්​න

ජපානයේ ටොරෝකා දූපත් වෙත සති දෙකක් තුල භූ කම්පන 900 ක් සිදු වී ඇති බව ජපාන භූ විද්‍යා මධ්‍යස්ථානය නිවේදනය කර තිබෙනවා. එම සියලුම භූ කම්පන රික්ටර් මාපකයේ ඒකක 5 ට අධික බවයි එම නිවේදනයේ දක්වා ඇත්තේ. මෙම කලාපය තුල වසරකට භූ කම්පන 1500 කට අධික සංඛ්‍යාවක් සිදු වන අතර සති දෙකක් තුල භූ කම්පන 900 ක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ජපාන ටොරෝකා දූපත් සදහා දූපත් 12 ක් අයත් වන අතර ඉන් දූපත් 6 ක ජනාවාසද පිහිටා ඇති බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

2025 වසරේ ජුනි මාසය අවසන් වන විට සංචාරකයින් එකොළොස් ලක්ෂ හැට අටදහස් හතලිස් හතර දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ සංචාරක මාසික වාර්තා සටහනේ මේ බව දක්වා තිබුණා. ජුනි මාසයේ දී පමණක් ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 138,241 ක්. එය 2024 වසරට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයක් බවයි එම සටහනේ දක්වා ඇත්තේ. ඉන්දියාව, එක්සත් රාජධානිය, චීනය, ඔස්ට්්‍රලියාව සහ පාකිස්තානය යන රටවලින් පසුගිය මාසයේ වැඩිම සංචාරක පැමිණීම සිදු ව තිබෙනවා.

තව කියවන්​න