- රටවල් තුනකින් ලාංකිකයන්ට වැඩිවැඩියෙන් රැකියා
- ඉන්දීය සබඳතා පිළිබඳ සුවිශේෂී හමුවකට විපක්ෂ නායක එක්වෙයි
- ජනපති මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දකියි
- නුවරඑළිය සජබ මන්ත්‍රීගේ වරප්‍රසාද කඩවෙලාලු
- බණ්ඩාරවෙල බස් නැවතුමේදී කාන්තාවකට ප්‍රහාරයක්
- VIDEO : නිකිණි පෝදා ස්පා එකක් ඕපන් කරන්න ගිහින් ගිනි විජ්ජුම්බරයයි
- VIDEO : ගිනි අවියක් සහ මුගටි පැටියෙක් සමග සැප රියෙන් පැන යන්න හැදූ සැකකරු අත්අඩංගුවට
- කාන්තාවක් පැදවූ වෑන් රථයක් දුම්රියේ ගැටෙයි
Author: Aditha Nawod Akalanka
මෙරට රසායනික ව්‍යාධි විද්‍යාව පිළිබද විශේෂඥයින් ප්‍රමිතියෙන් ඉහළ රසායනාගාර සේවාවන් සාක්ෂාත් කර ගැනීමට අභියෝග රැසක් මධ්‍යයේ කටයුතු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ශ්‍රීලංකා රසායනික ව්‍යාධි විද්‍යාඥයන්ගේ විද්‍යායතනයේ දහවන වාර්ෂික අධ්‍යයන සැසිවාරයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා. අභියෝග හෙළිදරව් කිරීම , විශිෂ්ඨත්වය සඳහා ගුණාත්මක කථිකාව යන තේමාව පදනම් කරගනිමින් වාර්ෂික අධ්‍යයන සැසිවාරය සංවිධාන කර තිබුණා. නවීන වෛද්‍ය විද්‍යාවේ මූලික රෝග විනිශ්චය , චිකිත්සක සහ පුරෝකතන මූලිකාංගයක් වන ව්‍යාධි විශේෂඥ සේවාව අත්‍යවශ්‍ය ක්ෂේත්‍රයක් බවයි අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ. මෙම සැසිවාරය පුරවැසියන්ට ඉහළ මට්ටමේ සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා වන සාමුහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් බව නලින්ද ජයතිස්ස මහතා…
පසුගිය දා ඉන්දියාවේ අහමදාබාද් ප්‍රදේශයේ සිදු වූ මාරාන්තික ගුවන් අනතුරේ මූලික පරීක්ශණ වාර්තාව අද නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. මෙම විමර්ශන වාර්තාව තුලින් බොහෝ ආන්දෝලනාත්මක තොරතුරු රැසක් අණාවරණය වනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. මෙම මූලික විමර්ශනය තුල වැඩි අවධානයක් යොමු කර ඇත්තේ ගුවන් යානයේ මියගිය මගීන් 260 දෙනාගේ මරණය සම්බන්ධයෙන් කරුනු අනාවරණය කිරීම සදහායි. පසු ගිය ජුනි 12 වනදා එයාර් ඉන්දියා ගුවන් සමාගමට අයත් බෝයින් 171 වර්ගයේ ගුවන් යානයක් මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 261 දෙනෙකු සමගින් අනතුරට ලක් වුනා. අනතුරින් දිවි බේරා ගත හැකි වූයේ එක් පුද්ගලයෙකුට පමණයි
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශක අද ඉහළ අගයක් පෙන්නුම් කර තිබෙනවා . එහි සියලු කොටස් මිල දර්ශකය ඒකක 379.77කින් ඉහළ ගොස් 18,541.26ක් ලෙසයි වාර්තා වී ඇත්තේ. එය ප්‍රතිශතාත්මක වශයෙන් 2.09%ක ඉහළ යාමක්. ඒ අනුව අද දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 10 ක් ලෙස සටහන් වී තිබෙනවා.
එක්සත් රාජධානිය එරට තීරු බදු සම්බන්ධයෙන් නව පැකේජයක් එළි දක්වා තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඇගලුම් ඇතුළු තවත් ක්ෂේත්‍ර කිහිපයක භාණ්ඩ තීරු බදු රහිතව එක්සත්රාජධානියට ඇතුලත් කිරීමට ඉඩ ලබාදී ඇති බවයි කොළඹ බි්‍රතාන්‍ය තානාපති කාර්යාලය නිවේදනය කළේ. බි්‍රතාන්‍යයට වැඩි වශයෙන් භාණ්ඩ අපනයනය කරන රටවල් ලෙස ශ්‍රී ලංකාව නයිජීරියාව සහ පිලිපීනය දක්වා තිබෙනවා. එක්සත් රාජධානියට තවදුරටත් භාණ්ඩ වැඩි ප්‍රමාණයක් අපනයනය කිරීමට දිරි ගැන්වීමක් ලෙස මෙම රටවලට අදාළ සහනය ලබාදීමට තීරණය කර ඇති බවයි බි්‍රතාන්‍ය පවසා ඇත්තේ. මෙම නවතම යෝජනා ක්‍රමය ලබන වසරේ සිට ක්‍රියාත්මක කෙරෙනු ඇති.
රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යමින් ජනතාවට උසස් ජිවන තත්ත්වයක් උදාකර දීමේදී දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් ඒකාබද්ධ යාන්ත්‍රණයක කොටස්කරුවන් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවති හම්බන්තොට දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමින්. එම යාන්ත්‍රණය තුල කිසිවෙකුටත් වෙන් වෙන්ව කටයුතු කළ නොහැකි බව ජනාධිපතිවරයා අවධාරණය කළා. ජනතාව වෙනුවෙන් රජය ආරම්භ කළ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සියලුදෙනාගෙන් සහාය අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා එහිදී වැඩි දුරටත් සදහන් කළා. දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබදවද මෙම හමුවේදී සාකච්ඡාවට ලක් වී තිබෙනවා. කෘෂිකර්ම, ධීවර, සෞඛ්‍ය, අධ්‍යාපන, ග්‍රාමීය මාර්ග, ඉඩම්, වාරිමාර්ග…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි නිවේදනය කර ඇත්තේ ප්‍රහාරය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් 16 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. ප්‍රහාරය සදහා රුසියාව විසින් ඩ්‍රෝන යානා 400 ක් සහ මිසයිල 18 ක් භාවිතා කර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළා.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහි නඩුවක් අද කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිත ව තිබෙනවා. නීතිපතිවරයා විසින් පසුගිය 07 වනදා අධි චෝදනා පත්‍ර සළකා බැලීමෙන් අනතුරුවයි ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර තිබුණේ. හියුමන් ඉමියුනොග්ලොබින් සහ රිටොක්සිමැබ් නැමැති ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ෂණය සිදු කරනු ලබනවා. එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 13 ක්ද එල්ල කර…
අත්‍යවශ්‍ය ඖෂධ සහ ශල්‍ය උපකරණ යම් ප්‍රමාණයක් ඇමරිකාවේ පරිත්‍යාගශීලීන් වෙතින් මෙරටට සපයා දීමට කටයුතු කරන බව ඇමරිකානු තානාපති ජූලි ජේ.චංග් මහත්මිය පවසනවා. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි ජේ.චංග් මහත්මිය අතර සිදු වූ සාකච්ඡාවකදී ඇය මේ බව සදහන් කර තිබුණා. මෙම සාකච්ඡාව පැවැත්වුනේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දීයි. මෙම හමුවේදී මෙරට ඖෂධ සැපයුම සහ සෞඛ්‍ය සේවාවන් පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා සිදු කර ඇති බවයි වාර්තා වුනේ. එමෙන්ම මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය මෙන් ම එහි අනාගත අභිවෘද්ධිය පිළිබඳව ද මෙම හමුවේ දී වැඩි දුරටත් සාකච්ඡා කර තිබුණා. රජයේ…
හැටන් ජාතික ජල සම්පාදන සහ ජල ප්‍රවාහන මණ්ඩලයට ජලය ලබා ගන්නා හැටන් සිංගිමලේ ජලාශයෙන් ජලය ලබා ගැනීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා . ඒ ඉකුත් 8වනදා පාසල් සිසුවෙකු එම ජලාශයට වැටී ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන්. එදින සිට මෙම තීරණය ගෙන ඇති බවයි හැටන් ජල පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ වැඩබලන නිළධාරි ලාල් විජේනායක මහතා සදහන් කළේ.. අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි තිළිණි මහත්මිය ඇතුළු හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා එම ජලාශයෙ ජලය පානීය ජලය ලබාගැනීම සුදුසුද යන්න පිළිබදව සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට එක් වී තිබුණා.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ පනත් කෙටුම්පත හා වැඩපිළිවෙල සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයින් හා බලශක්ති අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ බලශක්ති අමාත්‍යංශයේදීයි. මෙහිදී ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය වැඩපිළිවෙළ තුළ සේවකයින්ගේ අයිතිවාසිකම් හා වරප්‍රසාද සුරැකීම ඇතුළු කරුණු රැසක් සාකච්ඡාවට ලක් කර තිබෙනවා. බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා මෙහිදී සදහන් කර ඇත්තේ විදුලිබල ක්ෂේත්‍රය රජයේ හිමිකාරීත්වය යටතේ තබාගැනීම රජයේ ප්‍රතිපත්තිය බවයි. මෙම ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ හරහා කිසිසේත් සේවක අයිතිවාසිකම් අඩුකිරීමට හෝ කප්පාදු කිරීමට කටයුතු නොකරන බවද අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා. විදුලිබල මණ්ඩලය හා මණ්ඩලය සම්බන්ධ වෘත්තීය සමිති 42ක නියෝජිතයන් මෙම හමුව සඳහා සහභාගී වී තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222