Author: Kesara Athipola

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකත්වය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා හට හිමි ව තිබෙනවා. මෙම තනතුර ප්‍රදානය කර ඇත්තේ එම පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා විසිනුයි.මෙහිදී නිරෝෂන් ප්‍රේමරත්න මහතා සඳහන් කළේ රට නව ගමනකට සූදානම් කරවීමේ වගකීම තමන් භාරගත් බවයි.

තව කියවන්​න

බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස රැකියා නියෝජිත ආයතනයක් පවත්වා ගෙන යමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු දංකොටුව ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙක්. අදාළ වැටලීම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිදු කර තිබු අතර එහිදී ආයතනයේ හිමිකරු සමග ලේඛන විශාල ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගෙන තිබුනා. එම පුද්ගලයා සංචාරක වීසා බලපත්‍ර යටතේ පුද්ගලයින් යවා ඇත්තේ ඩුබායි රාජ්‍ය වෙතයි. මෙම සැකකරු එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ තුනහමාරත් පහත් අතර මුදලක් ලබා ගෙන ඇති බව අනාවරණය වුණා. මූලික පරීක්ෂණ වල දී අනාවරණය වී ඇත්තේ පුද්ගලයන් 400 ක් එලෙස විදේශ ගත කර ඇති බවයි. මෙම නීතිවිරෝධී රැකියා නියෝජිත ආයතනය මීගමුව…

තව කියවන්​න

ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් තුළ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් පාසැල් 67ක් සඳහා ක්‍රිකට් උපකරණ ප්‍රදානය කිරීම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව, සාගල රත්නායක මහතාගේ පූර්ණ මගපෙන්වීම හා අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක Youth vision 2048 සංවිධානය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි. මෙහිදී අදහස් දැක්වූ සාගල රත්නායක මහතා සඳහන් කළේ ජාතික මට්ටමේ දක්ෂ ක්‍රීඩකයින් බිහි කිරීමට පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඉතා වැදගත් බවයි. එසේම රටේ බිඳ වැටුණු ආර්ථිකය යළි නඟා සිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…

තව කියවන්​න

අනුරාධපුර මහා විහාර පරිශ්‍රයේ රුවන්වැලි සෑයට නැගෙනහිරින් පිහිටි කුජ්ජතිස්ස සෑයේ පිට ප්‍රාකාර සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 134 වැනි පුරාවිද්‍යා දිනය නිමිත්තෙන් පවත්වනු ලබන “පුරාවිද්‍යා දෙසතිය“ වැඩසටහන මූලික කර ගනිමින් මෙම කටයුතු සිදු කෙරේ. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය අතිරේක ලේකම් කේ. ඒ. ඩී. ආර්. නිශාන්ති ජයසිංහ, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ඩී. තුසිත මැන්දිස්, මධ්‍යම සංස්කෘතික අරමුදල අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ යන මහත්ම මහත්මීහු, පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීහු, මධ්‍යම සංස්කෘතික අරමුදල නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

තව කියවන්​න

අමෙරිකාවේ එළැඹෙන ජනාධිපතිවරණයේදී බයිඩ්න්ගේ ප්‍රබලතම ප්‍රතිවාදියා වන ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමේ උත්සාහය එරට දේශපාලන ඉතිහාසයේ 7 වැනි ඝාතන උත්සාහය බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මීට පෙර වසර 1981දී එවකට හිටපු ජනාධිපති රොනල්ඩ් රේගන් වොෂින්ටන් නුවර හෝටලයක් ඉදිරිපිටදී වෙඩි ප්‍රහාරයකින් දිවි බේරාගත් අතර, අනතුරුව ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්, බිල් ක්ලින්ටන්, ජෝර්ජ් බුෂ්, බැරක් ඔබාමා සහ ජෝ බයිඩ්න් එවැනි ඝාතන උත්සාහයන් කිහිපයකින් ජීවිත බේරාගෙන තිබේ. එහෙත් අමෙරිකාවේ 16 වැනි ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ඒබ්‍රහම් ලින්කන් මෙන්ම ජේම්ස් ඒ. ගාෆීල්ඩ්, විලියම් මැකින්ලි සහ ජෝන් එෆ්.කෙනඩි ඝාතනයට ලක්විය.

තව කියවන්​න

ලොවම කතා කරන අම්බානි පවුලේ සුපිරි විවාහ උත්සවයේදී ලොව මිල අධිකතම ආයිත්තම්වලින් සැරසී සිටි අම්බානි පවුලේ සාමාජිකයන් සිය අමුත්තන්ට ද එවැනිම වටිනා තෑගි පිරිනැමීමට කටයුතු යොදා තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මනාලයා වූ අනන්ට් අම්බානි සිය සමීපතම මිතුරන් වන ෂාරුක් ඛාන්, රන්වීර් සිං ඇතුළු පිරිසට ඉන්දීය රුපියල් කෝටි 2ක වටිනාකමකින් යුතු අත් ඔරලෝසුව බැගින් තෑගි කර ඇති අතර, තවත් බොහෝදෙනකුට අධික මිලැති අත් බෑග, රන් මාල සහ නවීන පන්නයේ පාවහන් තෑගි කර ඇතැයි වාර්තා වේ.

තව කියවන්​න

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ජූලි මස අවසන්වීමට පෙර ජනාධිපතිවරණය පවත්වනු ලබන දිනය ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසම පවසනවා. එහි සභාපති ආර්.එම්.ඒ්.එල්. රත්නායක මහතා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව පවසා සිටියා. ඒ අනුව සැප්තැම්බර් 17 වනදාත් ඔක්තෝම්බර 16 වනදාත් අතර ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළා.

තව කියවන්​න

අභ්‍යන්තර ජල මාර්ග මඟින් භාණ්ඩ හා සේවා ප්‍රවාහනය නියාමනය කිරීම සඳහා ආයතනයක් පිහිටුවීමට ඇති හැකියාව පිළිබඳ බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය. මේ පිළිබඳ අවධානය යොමු වූයේ බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (09) පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේ දී ය. පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා කාරක සභාවට ඉදිරිපත් කළ යෝජනාවක් අනුව මේ පිළිබඳ සාකච්ඡා කිරීම සිදු වූ අතර මෙහි දී කාරක සභාව පෙන්වා දුන්නේ දීර්ඝ කාලයක සිට ජල මාර්ග ඔස්සේ ප්‍රවාහනය සිදු කරන ආකාරය පිළිබඳ සාකච්ඡා කර තිබුණ ද මේ සඳහා විධිමත් ක්‍රමවේදයක්…

තව කියවන්​න