- අදත් විදුලි කප්පාදුවක්
- ජනපති අද දිවයිනට
- USAID අත්හිටුවීමෙන් රටවල් 50කට බලපෑම්
- පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය හෙට පාර්ලිමේන්තුවට
- රජයේ වී ගබඩා තවමත් හිස්
- නාමල්ට එරෙහි නඩුවකට නීතිපති උපදෙස් විමසයි
- යුක්රේන යුද්ධය අවසන් කිරීමට ට්‍රම්ප් සීරුවෙන්
- අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල්ගි ගිණුම්වලට
Author: Kesara Athipola
හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පී ටී අයි පක්ෂය තහනම් කිරීමට පාකිස්තාන රජය සුදානම් වනවා. පාකිස්තාන ප්‍රවෘත්ති අමාත්‍යවරයා සදහන් කළේ එම පක්ෂය රාජ්‍ය විරෝධී ක්‍රියාවන් වල නිරතවන බවයි. එම පක්ෂය තහනම් කිරීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කරුණු ගොනුකරන බව ද අමාත්‍යවරයා පවසනවා. පසුගිය වසරේ පාකිස්තානය තුළ ප්‍රචන්ඩකාරී විරෝධතා පැවැත්වීම හා රජයේ රහසිගත තොරතුරු හෙළි කිරීම ඇතුලු චෝදනා රැසකට අදාළ පක්ෂය වගකිව යුතු බවයි ඔහු අවධාරණය කලේ. හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව තිබු සියලු චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය මේ වන විට පියවර ගෙන තිබෙනවා.
රන්දොර උරුමය ඔප්පු ලබාදීමේ වැඩසටහන අද දිනයේදී ආරම්භ වනවා. මෙහිදී කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී නිවාස හිමියන් වෙත සින්නකර ඔප්පු ප්‍රධානය කිරීමට නියමිතයි. මෙම වැඩසටහන අද සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනු ඇති. දිවයින පුරා මහල් නිවාස වල ජිවත් වන අඩු ආදායම්ලාභී පුද්ගලයින් හට නොමිලේ ඉඩම් ඔප්පු ප්‍රධානය කිරීම ආරම්භ වනවා .
වසර අවසන් වන විට අපාරාධ වාර්තා වීම සියයට 50 ක් දක්වා අඩු විය යුතු බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා . පොලිස්පති පැවසුවේ මේ වන විට අපරාධ වාර්තාවීම සියයට 24 කින් පහල ගොස් ඇති බවයි. පොලිස්පතිවරයා වැඩිදුරටත් සදහන් කළේ නීති විරෝධී ගිනි අවි පිලිබදව තොරතුරු පොලිසිය වෙත ලබා දීම ජනතාවගේ වගකීමක් බවයි . දේශබන්දු තෙන්නකෝන් මහතා මෙම අදහස් පල කළේ උත්සවයකට එක් වෙමින් .
නිසැක වශයෙන්ම ජනාධිපතිවරණය පැවැත්වෙන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා ඔහු සදහන් කලේ වත්මන් ජනාධිපතිවරයා මැතිවරණ කල් දැමීමට විවිධ උත්සාහයන් වල නිරත වන බවයි. ඔහු මේ බව සදහන් කලේ මහනුවර ප්‍රදේශයේ පැවති ජන ර්ලියක් අමතමින්. මේ අතර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදහා අවශ්‍ය යාන්ත්‍රනය වතමන් ජනාධිපතිවරයා සතුව නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
විදුලි ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අහාර මිල ගණන් පහත දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා . එහි සභාපති හර්ෂණ රුක්ෂාන් පැවසුවේ රජය මැදිහත්ව පාලන මිලට සහල් ලබා දෙන්නේ නම් තවදුරටත් ආහාර මිල අඩු කල හැකි බවයි . බත් , ෆයිඩ් රයිස් සහ කොත්තු මිල ඊයේ මාධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 25 කින් පහල දැමීමටයි ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කලේ . අනෙකුත් කෙටි ආහාර වල මිල ගණන් ද රුපියල් 10 කින් පහල දැමෙනු ඇති.
විදුලි ගාස්තු වසර 03කින් අනතුරුව තවදුරටත් පහළ දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ඒ සදහා අඩු වියදම් බලාගාර ඉතා ඉක්මනින් නිර්මාණය කල යුතු බවයි අමාත්‍යවරයා සදහන් කළේ . නව බලාගාර ඉදිරි වසර තුන ඇතුළත ඉදිකර අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසුවා .
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222