Author: Kesara Athipola

දැදුරුඔය ආශ්‍රිත ජනතාවට විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා. පවතින අයහපත් කාලගුණයත් සමග දැදුරුඔයේ වාන් දොරටු විවෘත කර ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ. ඒ හේතුවෙන් නිකවැරටිය, හලවත, ආරච්චිකට්ටුව, බිංගිරිය, වාරියපොල සහ කොබෙයිගනේ යන ප්‍රදේශවල පදිංචිකරුවන්ට ගංවතුර තත්ත්වයන් පිළිබඳව අවධානයෙන් සිටින ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

තව කියවන්​න

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද අලුයම වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 100 ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබුනා. එය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව උතුරට බරව වයඹ දෙසට ඉතා සෙමින් ගමන් කරමින් අද දිනය තුල සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇති බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලේ. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු පළාතේත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඉතා තද වැසි සහ තද සුළං බලාපොරොත්තු විය හැකිය.

තව කියවන්​න

ශ්‍රී ලංකා පොලිස් නිල වෙබ් අඩවිය යාවත්කාලීන කර නව මුහුණුවරකින් නිර්මාණය කර මහජනතාවගේ පරීශීලනය සඳහා එළිදැක් වනු ලැබුවා. ඒ, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී. ශ්‍රී ලංකා පොලීසියේ නව වෙබ් අඩවිය වන අඅඅ.චදකසජැ.කන වෙත පිවිසීමෙන් මහජනතාවට එය පරිශීලනය කළ හැකි වන අතර, පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් සකසනු ලබන ශ්‍රී ලංකා පොලීසියේ තොරතුරු, විශේෂ අවස්ථා, පුවත්, ඡායාරූප, වීඩියෝ ඇතුළු විශේෂාංග රැසක අන්තර්ගතයක් සමග නිරන්තරයෙන් යාවත්කාලීන කරන බවයි වැඩිදුරටත් පවසන්නේ.

තව කියවන්​න

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 20කට බලපෑම් එල්ල වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, එම දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 166ක පවුල් 80,642ක් මේ වන විට පීඩාවට පත්ව සිටින බවයි. පුද්ගලයින් 276,550 දෙනෙකු පීඩාවට පත්ව සිටින අතර පවුල් 5,305කට අයත් පුද්ගලයින් 16,553 දෙනෙකු ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මේ අතර ජලාශ ආශ්‍රිතව පහත්බිම්වල ගංවතුර තත්ත්වයන් තවදුරටත් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.

තව කියවන්​න

ඊශ්‍රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, අද සිට ගාසා තීරයේ සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට එකඟ වූ බව, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා. විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලය සහ හිස්බුල්ලා අතර එක්සත් ජනපදය සහ ප්‍රංශයේ මැදිහත්වීමෙන් සටන් විරාමයක් ලෙස පිළිගන්නා බවයි. තමන් බලාපොරොත්තු වූ සාමය ගාසා තීරයේ උදාවනු ඇති බව යි ජනාධිපති ජෝ බයිඩන් පවසන්නේ.

තව කියවන්​න

යාපනය A-9 ප්‍රධාන මාර්ගය, ඕමන්තේ ප්‍රදේශයෙන් ජලයෙන් යට වී තිබෙනවා. මේ නිසාවෙන් පොලීසිය විසින් එම මාර්ගය භාවිත කරන රියදුරන් සදහා විකල්ප මාර්ග කිහිපයක් දැනුම් දුන්නා. ඒ අනුව කැබිතිගොල්ලෑව, වැලිඔය, මුලතිව්, පරන්තන්, මන්නාරම හරහා යාපනයට ගමන් කළ හැකි බවයි සදහන් වන්නේ.

තව කියවන්​න

පවතින අයහපත් කාලගුණය හමුවේ ප්‍රදේශ කිහිපයකට පනවා ඇති නායයෑමේ අවදානම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව මහනුවර, මාතලේ, නුවරඑළිය, බදුල්ල, කෑගල්ල, කුරුණෑගල, ගාල්ල, කළුතර, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට පැනවූ නාය යෑමේ අවදානම තවදුරටත් දීර්ඝ කළ බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ. ඉදිරි පැය කිහිපය තුළ මිලි මීටර් 200 ඉක්මවූ ඉතා තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ඒ අනුව උතුර, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට එලෙස තද වැසි ඇතිවිය හැකි බවයි එම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ. ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය අම්පාරෙන් වාර්තාවන අතර එය සටහන් වුණේ මිලිමීටර…

තව කියවන්​න

අද සිට ක්‍රියාත්මකවන පරිදි දැනට ක්‍රියාත්මක ද්විත්ව ප්‍රතිපත්ති පොලී අනුපාත ක්‍රමය වෙනුවට, තනි ප්‍රතිපත්ති පොලී අනුපාත යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට මහ බැංකුව තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කළේ, 2024 ජනවාරි මාසයේ ඉදිරිපත් කළ මහ බැංකුවේ වාර්ෂික ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් මෙන්ම, ඉන් අනතුරුව 2024 සැප්තැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කෙරුණු තනි ප්‍රතිපත්ති පොලී අනුපාතික ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අදාළ සැලසුමට අනුකූලව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අද සිට බල පැවැත්වෙන පරිදි දැනට ක්‍රියාත්මක ද්විත්ව ප්‍රතිපත්ති පොලී අනුපාතික ක්‍රම වේදය වෙනුවට තනි ප්‍රතිපත්ති පොලි අනුපාතික ක්‍රම වේදයක් ක්‍රියාවට නැංවීමට තීරණය කළ බවයි. මෙය මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන නම්‍යශීලී…

තව කියවන්​න

අයහපත් කාලගුණය හේතුවෙන් වන ඕනෑම ආපදාවක් දැනුම්දීමට සහ සම්බන්ධීකරණය කිරීමට පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංක 4ක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනූව 0112 027 148, 0112 472 757, 0112 430 912 සහ 0112 013 051 යන දුරකථන අංකවලින් එම තොරතුරු දැනුම්දිය හැකියි. එමෙන්ම ාසි්ිඑැර.දචි ?චදකසජැ.ටදඩ.කන විද්‍යුත් තැපෑලෙන් එම මධ්‍යස්ථානය හා සම්බන්ධ වීමේ අවස්ථාව තිබෙනවා. මෙම විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත්තේ පොලිස් මූලස්ථානය තුළයි.

තව කියවන්​න

වායු දුෂණය හේතුවෙන් ඉන්දියාවේ දිල්ලි නගරයේ වසා දැමුණු පාසල් යළි විවෘත කිරීමට දිල්ලි අධිකරණය විසින් අවසර ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා පාසල් විවෘත කළ ද වායු දුෂණය පිළිබඳ දැඩි අවදානයෙන් පසුවන ලෙසයි එරට අධිකරණය අදාළ අංශ වෙත දැනුම් දී ඇත්තේ. දිල්ලි නගරයේ ජනතවගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලා ඇත්තේ වායු පවිත්‍රකාරක යොදා ගන්නා ලෙස යි කෙසේ වුවද පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් අවසන් තීන්දුව වායු තත්ත්වය කළමනාකරණ කමිෂන් සභාව සතු වන බව ද අධිකරණය පවසනවා. නමුත් 10 ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වා සියලු සිසුන් මාර්ගගත ක්‍රමයක් ඔස්සේ අධ්‍යන කටයුතුවලට සහභාගි විය යුතු බවයි දැනුම් දී ඇත්තේ. බොහෝමයක් සිසුන්ගේ නිවාසවල වායු පවිත්‍රකාරක නොමැති…

තව කියවන්​න