- ඉන්දු – ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම්වරුන්ගේ හමුවක්
- සුප්‍රසිද්ධ සූපවේදිනිය මියයයි
- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර ජාතික රෝහලේ නිරීක්ෂණ චාරිකාවක
- අර්චුනාගේ පහර කෑමට ලක් වූ පුද්ගලයින් දෙදෙනෙක් රෝහලට
- නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි
- රිය අනතුරකින් තිදරු මවක් මරුට
- වැඩි මිලට අලෙවි කිරීමට සූදානම් කර තිබූ සහල් තොගයක් සොයා ගැනේ
- ට්‍රම්ප්ගේ යෝජනාවට උතුරු කොරියාවෙන් ප්‍රතිචාර
Author: Kesara Athipola
උතුරේ බිම් බෝම්බ ඉවත් කිරිම මේ වන විට 97%කින් සාර්ථකව අවසන් කර ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්. එම්. චාල්ස් මහත්මිය පවසයි. උතුරු පළාත් සංවර්ධනය පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ආණ්ඩුකාරවරිය මේ බව සඳහන් කළාය.ඉතිරි වී ඇති ප්‍රදේශ කිහිපයේද බෝම්බ ඉතා ඉක්මණින් ඉවත් කිරීමට කටයුතු කරන බව ඇය වැඩිදුරටත් පැවසුවාය.
http://www.youtube.com/watch?v=AHgAVAh9MzE
යාපනයේ මනිපායී කට්ටුඩෙයි හන්දියේදී යතුරු පැදියක් වෑන් රථයක ගැටීමෙන් යතුරු පැදියේ ගමන් කළ කාන්තාවක් මිය ගොස් තිබෙනවා . එහිදී තවත් කාන්තාවක් බරපතල ලබා ඇති බවයි පොලිසිය සදහන් කලේ . තුවාල ලැබූ කාන්තාව තෙලිප්පලෙයි රෝහලට ඇතුළත්කර තිබෙනවා. මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ යාපනයේ සංගානෙයි ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි කාන්තාවක්.
2024 ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා . ඒ අනුව සැප්තැම්බර් මස 21 වන දා ජනාධිපතිවරණය පැවැත්වෙන බවයි එම කොමිෂන් සභාව සදහන් කලේ. අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරමින් මෙම දිනය ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඒ අනුව අගෝස්තු මස 15වන දා ජනාධිපතිවරනයට අදාළ නාමයෝජනා භාර ගන්නා දිනය ලෙසයි නම්කර ඇත්තේ . මේ අතර ජනාධිපතිවරණයේ ඇප මුදල් තැන්පත් කිරීමට අදාළ ගැසට් නිවේදනයද මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව අද සිට ලබන මස 14 වනදා දක්වා සෙනසුරාදා හා ඉරිදා දින හැර අනෙකුත් දිනවල පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා කාලය තුල ඇප මුදල් තැන්පත් කළ…
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිදු කල වෙඩි තැබිමෙන් තවත් අයෙකු මිය ගොස් තිබෙනවා . මිය ගොස් ඇත්තේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි කාන්තාවක්. කොළඹ ග්‍රෑන්ඩ්පාස් ,වදුල්ලවත්ත මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිට ඊයේ රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමෙන් 32 හැවිරිදි කේ. ජී. ආර්. දර්ශන නමැති පුද්ගලයෙක් ඊයේ රාත්‍රියේදීම මිය ගියා. එහිදී තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද අලුයම මෙලෙස මියගොස් ඇති බවයි පොලිසිය සදහන් කලේ.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි. එහිදී පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට අදාළව රජයේ මතය ප්‍රකාශයට පත් කිරීම සිදු කරනු ලබනවා. මෙම ප්‍රකාශයේදී ආන්දෝලනාත්මක කරුණු රැසක් අනාවරණය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
පිලිපීනයට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගකයන් 15 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වනවා . විදෙස් මාධ්‍ය වාර්තා කලේ අධික වර්ෂාව තද සුළං , ගංවතුර සහ නායයාම් හේතුවෙන් ලක්ෂ 6කට වැඩි පිරිසක් අවතැන්ව සිටින බවයි . ඒ සමග එරට ආපදා තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කර තිබෙනවා මේ හේතුවෙන් අවැතන් වුවන් ආරක්ෂිත ස්ථාන වලට යොමි කිරීමටයි පියවර
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222