- මේ රජයට කිසිම වැඩක් හරියට කර ගන්න බැහැ
- අණ නොතකා ධාවනය කළ යතුරු පැදියකට පොලිසියෙන් වෙඩි
- හය මසට රේගුවේ ආදායම ට්‍රිලියනය පනියි
- ග්‍රීසියේ ලැව් ගිනි
- ජපාන ටොරෝකා දූපත් වලට සති දෙකක් තුල භූ කම්පන 900 ක්
- හැටන් පොලිසියේ නිලධාරීන් පිරිසකට ස්ථාන මාරු
- ජුනි මාසය අවසන් වන විට සංචාරකයින් 1,168,044 දෙනෙකු දිවයිනට
- බසයක් පෙරළී 9ක් රෝහලට
Author: Kesara Athipola
නිවසේදී විදුලිසැර වැදී ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 31ක් වූ දෙදරු මවක්. එම අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ ඇය සමග දරු දෙදෙනා පමණයි. අනතුර සිදු වූ අවස්ථාවේදීම අසල්වාසීන් විසින් එක්වී මෙම කාන්තාව දඹුල්ල රෝහලට ඇතුළත්කර ඇති අතර එහිදී ඇය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
දිවයින ආසන්නයේ පවතින ගැඹුරු පීඩන අවපාතය හෙට දිනය වන විට දිවයිනෙන් බැහැරට ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ ඉන් පසු වැසි තත්ත්වයේ අඩු වීමක් අපේක්ෂා කරන බවයි. පවතින ආපදා තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අතුල කරුණානායක මහතා මේ බව සඳහන් කළා.
හෙක්ටයාරයක් සදහා රුපියල් 25000 බැගින් ගොවීන් වෙත ලබා දෙන පොහොර සහනාධාරය සම්බන්ධයෙන් මතුව ඇති ප්‍රමාදයන් සදහා ඉතා කඩිනමින් විසදුම් ලබාදීමට අවශ්‍ය පියවර ගනිමින් පවතින බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකදීයි. එමෙන්ම පවතින අයහපත් කාලගුණය හමුවේ ගොවිබිම් විශාල ප්‍රමාණයක් ජලයෙන් යටවීම හේතුවෙන් විනාශ වී තිබෙනවා උතුරු නැගෙනහිර සමස්ත ගොවිබිම්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් මේ වනවිට ජලයෙන් යටව තිබෙනවා. වර්ෂාව තවදුරටත් පැවතීම හේතුවෙන් එම හානිය ගණනය කළ නොහැකි බවයි ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් යූ.බී.රෝහණ රාජපක්ෂ පවසනවා. මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් පූර්ණ සහ අර්ධ හානි සිදුවූ සියලුම ගොවි…
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට අයඳුම් කිරීමට ලබාදුන් අතිරේක සහන කාලය දීර්ඝ කර තිබෙනවා. අස්වැසුම ප්‍රතිලාභී යෝජනා ක්‍රමය සඳහා මෙතෙක් අයඳුම් කිරීමට නොහැකි වූ පවුල් සහ තැනැත්තන් හට ඊට අයදුම් කිරීම සඳහා තවදුරටත් ඉකුත් 25 දින සිට දෙසැමබර් මස දෙවනදා දක්වා සහන කාලයක් ලබා දුන්නා . රට තුළ පවතින අයහපත් කාලගුණික තතත්වය සැලකිල්ලට ගෙන අස්වැසුම වැඩසටහන සදහා අයදුම් කිරීමට ලබාදුන් සහන කාල සීමාව .දෙසැමබර් මස 09 දක්වා දීර්ඝ කිරීමටයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය තීරණය කර ඇත්තේ අයහත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්, අස්වැසුම වැඩසටහනට ඉල්ලුම් කිරීමට බලාපොරොත්තු වන මහජනතාවට සහනයක් සැලසීම මෙම කාල සීමාව දීර්ඝ කිරීමේ අරමුණ බවද සඳහන්.
ශ්‍රී ලංකා A කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයේ ඉතිරි වී ඇති එක්දින තරග ද්විත්වය කල් දැමීමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තීරණය කර තිබෙනවා. මේ වන විට පාකිස්තානයේ ඉස්ලමාබාද් අගනුවර ඇති වී ඇති දේශපාලන ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම තරග ද්විත්වය කල් දැමීමටයි තීරණය කර ඇත්තේ කෙසේනමුත් තරග පැවැත්වීමට නියමිත දිනයන් තවමත් ප්‍රකාශයට පත් කර නැහැ. තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් පාකිස්තාන A කණ්ඩායම ලකුණු 108ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වූ අතර, ඉන් පසුව ඉතිරි තරග ද්විත්වය අද ඊයේ සහ හෙට පැවැත්වීමටයි සැලසුම් කර තිබුණේ.
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින් සිටිනවා. මාස 13ක ගැටුම් අවසන් කිරීමේ පියවරක් ලෙසයි මෙම සටන් විරාමයට එලබ ඇත්තේ. දහස් සංඛ්‍යාත ලෙබනන සිවිල් වැසියන් සිය නිවෙස් කරා නැවත පැමිණීමට පටන් ගෙන තිබෙනවා. නමුත් ඊශ්‍රායලය අනතුරු අඟවන්නේ ඇතැම් ප්‍රදේශවලට ආපසු යාම තවමත් ආරක්ෂිත නොවන බවයි. බීරූට් සිට ප්‍රධාන මහාමාර්ගයේ රථවාහන තදබදයක් ඇති අතර බොහෝ පිරිස් සිය පවුල් ද සමග පැමිණෙන අයුරු දැකගත හැකියි. සටන් විරාම ගිවිසුමේ කොටසක් ලෙස ලෙබනන හමුදාවේ 5,000 ක භට පිරිසක් තවදුරටත් දකුණු ලෙබනනයේ රැඳී සිටිනු ඇති බවයි විදෙස් මාධ්‍ය අනාවරණය කලේ
රට තුළ නව දේශපාලන සංස්කෘතියක් ගොඩනගන බව වෘත්තිය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා පවසනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ රජයේ ප්‍රතිලාභ ජනතාවට ලබාදීමේ දේශපාලන අරමුණු පසෙලකා කටයුතු කරන බවයි. ජාතික ජන බලවේගයේ පාක්ෂිකයින් සමග පැවති හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා මේ බව ප්‍රකාශ කළා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ”ක්ලීන් ශ්‍රී ලංකා” වැඩපිළිවෙළ අගය කරන බව ශ්‍රී ලංකාවේ ඔස්ටේ්‍රලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා පවසනවා. ඒ සඳහා ඕනෑම අවස්ථාවක අවශ්‍ය සහාය ලබා දීමට කටයුතු කරන බව පැවසූ ඔහු අල්ලස් දූෂණවලින් තොර නව රජයේ වැඩපිළිවෙළ ආයෝජකයින් ආකර්ෂණය කිරීමට හේතුවන බව ද සදහන් කළා. ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු වූ අවස්ථාවේදීයි පෝල් ස්ටීවන්ස් මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ. එමෙන්ම එම යාන්ත්‍රණය රට පුරා ස්ථාපිත කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සඳහා ඕනෑම අවස්ථාවක සහයෝගය දක්වන බව ද ඔස්ටේ්‍රලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා සදහන් කර තිබෙනවා.
මිනුවන්ගොඩ ප්‍රදේශයේදී රුපියල් කෝටි හතහමාරක මුදලක් කොල්ලකෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගම්පහ පොලීසියේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සැකකරුවන් දෙදෙනාව මිනුවන්ගොඩ ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණා. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබී රුපියල් ලක්ෂ 40ක පමණ මුදලක් ද සොයාගෙන තිබෙනවා. මෙම ප්‍රධාන සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ආරක්ෂිතව මුදල් ප්‍රවාහනය කරන පෞද්ගලික ආයතනයක රියදුරෙක් ලෙස කටයුතු කර තිබූ අතර, අනෙක් පුද්ගලයා මෙම කොල්ලකෑමේ සිද්ධියට සහයෝගය දැක්වූ අයෙක් බවයි පොලිසිය සදහන් කළේ.
දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත්කර තිබූ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කොට තිබෙනවා. ඒ අනූව මහනුවර, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමයි මෙසේ දීර්ඝ කර ඇත්තේ. එමෙන්ම බදුල්ල, කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට නිකුත් කර ඇති 2 මට්ටමේ අනතුරු ඇඟවීම ද දීර්ඝ කර තිබෙනවා. මේ අතර කොළඹ, ගම්පහ සහ රත්නපුර දිස්ත්‍රික්කවලට 1 මට්ටමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කළේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222