Author: Kesara Athipola

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා අද ප්‍රකාශයට පත්කරන බව එහි නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළා. පක්ෂය තීරණය කරන අපේක්ෂකයා වෙනුවෙන් තමන් සහය පලකරන බවයි මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සදහන් කළේ.

තව කියවන්​න

මැතිවරණ කොමසාරිස් වරයා විසින් ඉල්ලා සිටින ආකාරයට ඉදිරි ජනාධිපතිවරණය සඳහා මුදල් ලබාදීමට මහා භාණ්ඩාගාරය සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය අයවැයෙන් මැතිවරණ කටයුතු සඳහා රුපියල් බිලියන 10 ක මුදලක් වෙන් කළ අතර, මුදල් ප්‍රවාහ අතර කිසිදු ගැටුමක් නොවන ආකාරයට එම මුදල් නිදහස් කිරීමට තරම් ආර්ථිකය මනා ලෙස කලමණාකරණය කර ඇති බවයි. ඒ අනුව මැතිවරණ කොමසාරිස් කාර්යාලය රුපියල් බිලියන 08 කට ආසන්න වියදම් ඇස්තමේන්තුවක් එවා ඇති බවත් , මුද්‍රණ කටයුතු , ආරක්ෂක කටයුතු , ඉන්ධන ඡන්ද පෙට්ටි සැකසීම ආදී හදිසි ඕනෑම අවශ්‍යතාවයක් වෙනුවෙන් එම මුදල් නිදහස් කිරීමට මහා භාණ්ඩාගාරය සූදානම් බවයි ඔහු පවසා…

තව කියවන්​න

මාර්ග කිලෝමීටර් 1500ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ හෝමාගම, පනාගොඩ – පැලෑදගොඩ රණවිරු ගම්මානයේ මැද රවුම් පාර සංවර්ධනය කිරීම ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ. ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ආබාධිත රණවිරුවන් ඇතුළු සාමාජිකයින් වෙනුවෙන් වසර 25 කට පමණ පෙර ස්ථාපනය කරන ලද මෙම ගම්මානයේ මාර්ග ප්‍රතිසංස්කරණයක් පසුගිය කාලය පුරාවටම සිදුවී නොමැත. ඒ හේතුවෙන් ප්‍රදේශයේ ගමනාගමනය ඉතාමත් දුෂ්කර තත්ත්වයට පත්ව තිබේ. මේ හේතුවෙන් ආබාධිත රණවිරුවන් ඇතුළු ප්‍රදේශවාසීන් පත්ව තිබෙන දුෂ්කර තත්වය පිළිබඳව ප්‍රදේශයේ රණවිරු සුභසාධක සමිතිය මගින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව මෙම මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කරන ලදි. ප්‍රවාහන හා මහ මාර්ග අමාත්‍යංශය…

තව කියවන්​න

මෙම වසරේ ජූලි 15 වනදා වන විට මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් ගණන 1, 095, 675 ක් වූ බවත් එම තත්ත්වය අඛණ්ඩව පවත්වා ගත හොත් යුද්ධයෙන් පසු මෙරට සංචාරක ව්‍යාපාරයේ උපරිමය වාර්තා කළ 2018 වසරේ මට්ටම ද අභිබවා යාමට හැකි බවත් සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසීය. මෙරට සංචාරක ව්‍යාපාරය පාස්කු ප්‍රහාරය, කොවිඩ්19 වසංගතය හා ආර්ථික අර්බුදය හමුවේ බිඳ වැටුණු නමුත් සංචාරක අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතන එක්ව දියත් කළ විධිමත් වැඩපිළිවෙල හේතුවෙන් මේ වන විට සාර්ථක ප්‍රතිඵල අත් කර ගනිමින් සිටින බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

තව කියවන්​න

ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) ඵලදායි අයුරින් යොදා ගන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බලා නිර්දේශ ලබා දීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ වාර්තාව පසුගියදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීය. මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ‘ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) – නඩත්තු සේවා ලබා ගැනීම’ මැයෙන් අමාත්‍ය මණ්ඩල සංදේශ අංක 24/0696/604/079 වෙත ලබා දුන් 2024 අප්‍රේල් මස 8 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව මෙම අමාත්‍ය මණ්ඩල අනුකමිටුව පත් කෙරිණි. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම අනුකමිටුවේ සෙසු සාමාජිකයන් වශයෙන් අමාත්‍යවරුන් වන ටිරාන්…

තව කියවන්​න