Author: Kesara Athipola

ලබන අගෝස්තු මාසයේ දී වාහන ආනයනය සඳහා අවසර ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කලේ මූලික අදියරේ දී ව්‍යාපාර සහ ප්‍රවාහනයට අවශ්‍ය වාහන ආනයනය සඳහා අවසරය ලබාදෙන බවයි. පෞද්ගලික භාවිතය සදහා වාහන ආනයනය කිරීමට 2025 වසරේ පළමු කාර්තුවේදී බලාපොරොත්තුවන බවද ඔහු සදහන් කළා.

තව කියවන්​න

හබරාදූව – හරුමල්ගොඩ ප්‍රදේශයේ සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. වෙඩි තැබීම සිදු කර ඇත්තේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින්. ඊයේ රාත්‍රීයේ තානායමක් ඉදිරිපිට දී පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණා. වෙඩි වැදිමෙන් එක් අයෙකු තුවාල ලබා ඇති අතර, ඔහු ත්‍රීරෝද රථයකට නැගීමට උත්සාහ කිරිමේදි වෙඩික්කරුවන් ත්‍රීරෝද රථයටද වෙඩිප්‍රහාරයක් එල්ලකර තිබෙනවා. එහිදී ත්‍රිරෝදරථයේ රියදුරුට ද වෙඩි වැදී ඇති බවයි පොලිසිය සදහන් කලේ .

තව කියවන්​න

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවයි.. අදාළ ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතුවල යෙදී සිටින පිරිස් වහාම ගොඩබිම හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා. මේ අතර, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි ඇතිවිය හැකියි . ඇතැම් ස්ථානවල මිලි මීටර 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කලේ.

තව කියවන්​න

ගාසා තීරය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 50කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගාසා තීරයේ මධ්‍යම හා දකුණු ප්‍රදේශයට එල්ල කල ප්‍රහාරයන්වලින් මෙම පිරිස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ එම මිය ගිය පිරිස අතර කුඩා දරුවන් 15 ක් සහ කාන්තාවන් 8 ද ඇතුලත් දහස් ගණනක් වූ අවතැන් පිරිස් රදවා සිටි පාසලකට ද ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඩීර් අල්-බාලා නගරය ආසන්නයේ පිහිටා ඇති අවතැන් කදවුරට එල්ල වු ප්‍රහාරයෙන් සාමාන්‍ය වැසියන් 30 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කලෙ ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් පසුගිය ඔක්තෝබර් 7 දා සිට මේ දක්වා පලස්තීන වැසියන්…

තව කියවන්​න

ශ්‍රී ලංකාව සමග පැවැති දෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් වුනා . ඒ සමග දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි 20 තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායමට හැකි වීම විශේශත්වයක් . මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගය වර්ෂාවෙන් සිදු වූ බාධා වීම හේතුවෙන් ප්‍රමාද වී ආරම්භ කෙරුනා . තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 9 ක් දැවී ලබා ගත්තේ ලකුණු 161 ක් පමණයි. පැතුම් නිස්සංක ලකුණු 32 ක් රැස් කළ අතර, කුසල් පෙරේරා පන්දු 34 කින් ලකුණු 53 ක්…

තව කියවන්​න

ඉතිහාසයේ පළමු වරට ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියක ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, මෙවර කාන්තා පන්දුවාර විස්සයි 20 ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ දී ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරදා කඩුලු අටක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින්. මීට පෙර ආසියානු කුසලාන තරගාවලි පහක අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබූ අතර, එම අවස්ථා පහේ දී ම ශ්‍රී ලංකාව ඉන්දීය කණ්ඩායම හමුවේ පරාජයට පත්ව තිබුණා. දඹුල්ලේ පැවැති අවසන් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු හයක් දැවී ලකුණු 165 ක් ලබා ගනිමින්. පිළිතුරු ඉනිම…

තව කියවන්​න

රට ඉදිරියට ගෙන යන වැඩ පිළිවෙල මේ වනවිට සකසා අවසන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා . ඒ මහතා මේ බව කියාසිටියේ කොළොඹ පැවති ජයගමු ශ්‍රී ලංකා වැඩ සටහනට එක්වෙමින් .

තව කියවන්​න

මෙරට සිටින ජනතාව දිරිමත් කිරීම උදෙසා නව ණය ක්‍රමයක් සිය පාලනයක් යටතේ හදුන්වා දෙන බව ජාතික ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසනවා . ඒ මහතා මේ බව කියාසිටියේ ජන රැලියකට එක්වෙමින් .

තව කියවන්​න

මෙරට කඩා වැටි ඇති කෘෂිකර්මාන්තය නගා සිටවීමට තමන් උපරිම ශක්තියක් යොදවන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා . ඒ මහතා මේ බව කියාසිටියේ රත්නපුරේ පැවති ජනහමුවකට එක්වෙමින් .

තව කියවන්​න

පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු වීමත් සමග අනිවාර්යයෙන්ම පාන් ගෙඩියක් රුපියල් 130ක මුදලකට අලෙවි කළ යුතු බව පාරිභෝගික අධිකාරිය පවසනවා. ඒ අනුව වැටලීම් අද සිට සිදුකරන අතර එහි අධ්‍යක්ෂ සංජය ඉරසිංහ මහතා ප්‍රකාශ කළේ වෙළෙඳපොළේ, පවතින අඩු බර පාන් අලෙවි කරන වෙළන්දන් සම්බන්ධයෙන් ද දැනුවත් කරන ලෙසයි. මේ අතර, පාරිභෝගික පෙරමුණේ සභාපති එන්. පී. කේ. වනිගසිංහ මහතා ප්‍රකාශ කළේ පාන් සඳහා පාලන මිලක් පැනවීම අත්‍යවශ්‍ය බවයි. කෙසේ වෙතත්, මේ වනවිට ගෑස්, විදුලිය සහ අමුද්‍රව්‍ය මිල සැළකිය යුතු ලෙස පහත වැටී ඇති පසුබිමක රුපියල් 10කින් පාන් මිල අඩු කළ ද තවමත් පාන් ගෙඩියක් අලෙවි වන්නේ රුපියල් 140ක මිලකට බව ජනතාව…

තව කියවන්​න