Author: Kesara Athipola
2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මේ වන විට පදක්කම් සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට ජපානය සමත්ව තිබෙනවා. ඒ රන් පදක්කම් 06 ක් රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 04 ක් ඇතුළුව සමස්ත පදක්කම් 12 ක් හිමි කර ගනිමින්. එම සටහනේ දෙවන ස්ථානය සත්කාරක ප්‍රංශයට හිමිව ඇති අතර ඔවුන් රන් පදක්කම් 05 ක් ඇතුළුව සමස්ත පදක්කම් 16 ක් හිමි කර ගැනීමට සමත් වුණා. රන් පදක්කම් 05 ක් ඇතුළුව සමස්ථ පදක්කම් 12 ක් හිමි කරගෙන ඇති චීනය මෙම සටහනේ තුන්වන ස්ථානයේ පසුවනවා.
ඇටැම්පිටිය වත්ත ප්‍රදේශයේ දී පුද්ගලයන් පිරිසක් බඹර ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. එහිදී ඇටැම්පිටිය වත්ත ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයන් 04 දෙනෙකු සහ කාන්තාවන් 08 දෙනෙකු තුවාල ලබා ඇටැම්පිටිය රෝහලට ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ . විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ උකුස්සන් විසින් බඹර කූඩුව කැඩීමෙන් බඹරුන් ඇවිස්සීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. මේ පිලිබදව ඇටැම්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරබු ලබනවා.
මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හිමිවන බව එම කොංග්‍රසයේ ජාතික සංවිධායක ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්.තවුපික් පවසනවා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය දැනටමත් සමගි ජන බලවේගය සමග කටයුතු කරනු ලබනවා. තම පක්‍ෂයේ උත්තරීතර මණ්ඩලය සහාය දෙන්නේ කාටදැයි අවසන් තීරණයකට එළඹ නැතත් උත්තර මණ්ඩලයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට සහාය පළ කිරීමට කටයුතු කරන බවට විශ්වාසයක් තමන් තුල පවතින බව ජාතික සංවිධායකවරයා පවසනවා.
ආසියානු කුසලානය ජයග්‍රහණය කළ චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් පිරිනැමීය. “ඔබේ අපරාජිත ගමන්මග, ඔබගේ දක්‍ෂතාවය, කැපවීම සහ කණ්ඩායම් හැඟීම පිළිබඳ සාක්ෂියකි. ඔබ අපේ ජාතිය අභිමානයට පත් කළා!” – ජනාධිපති රනිල් වික්‍රමසිංහ –
වසරකට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීයන් දහසක් මෙරට සෞඛ්‍ය පද්ධතියට එක් කර ගැනීම ප්‍රධාන අරමුණයි. මෙරට ප්‍රථම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී පුහුණු පාසල පසුගියදා (27) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ දී විවෘත කෙරිණි. එයට අමතරව දුරස්ථ අධ්‍යාපන ඒකකය ද ලේකම්වරයා අතින් විවෘත විය. මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණයට අවශ්‍ය මානව හා භෞතික සම්පත් සංවර්ධනය කරමින් මෙරටට අවශ්‍ය සෞඛ්‍ය වෘත්තිකයන් රට තුළ නිර්මාණය කර ගැනීමට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ විශේෂ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාශය විසින් ගෙනයනු ලබන විශේෂ වැඩපිළිවෙළට සමගාමීව මෙම නව පුහුණු පාසල ස්ථාපිත කෙරිණි.
පසුගිය වසර දෙකට සාපේක්‍ෂව 2024 වසරේදී වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තු පාලනයේ පවතින සංචාරක ආකර්ෂණ ගමනාන්තවලට පැමිණි දෙස් විදෙස් සංචාරකයන්ගේ පැහැදිලි වැඩි වීමක් දකින්න ලැබෙන බව වනජීවී , වන සම්පත් සංරක්ෂණ හා වාරිමාර්ග අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය 2024 මුල් මාස 06 තුළ පමණක් සංචාරකයින් 364,521 ක් පැමිණ ඇති අතර ඒ අතරින් 40%ක්ම විදේශ සංචාරකයින් බවද අමාත්‍යවරිය සඳහන් කළාය. අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් ඊයේ (28 ) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
නිසි බලපත්‍ර ලබා ගැනීමකින් තොරව දුරකථන අලෙවි කරන ආයතනවලට එරෙහිව පනවා ඇති දඩ මුදල රුපියල් මිලියනය දක්වා ඉහළ නංවා තිබෙනවා. ඒ සඳහා මෙතෙක් පැවැතියේ රුපියල් දස දහසක දඩ මුදලක් බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ . සංශෝධිත විදුලි සංදේශ නියාමන පනත හරහා දඩ මුදල් ඉහළ නැංවීම සිදුකර තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222