Author: Kesara Athipola
එළඹෙන ජනාධිපතිවරණය සදහා තම පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. ඒ අනුව ඔවුන් තිරණය කර ඇත්තේ තම සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හට ලබා නොදීමටයි . එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සදහන් කලේ දේශපාලන මණ්ඩලයේ බහුතර අනුමැතිය මත අදාළ තීරණය ගත් බවයි. ඔහු මේ බව සදහන් කලේ එම සාකච්චාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින්.
පළාත් කිහිපයකට අද දිනයේදී තද වැසි ඇතිවිය හැකි බව කාලාගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ . බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මෙලෙස තද වැසි අපේක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මෙම වසරේ පළමු කාර්තුවේ ලොව හොඳම වර්ධක වරාය ලෙස කොළඹ වරාය නම් කර තිබෙනවා. මේ බව ප්‍රකාශ කර ඇත්තේ නැව් කර්මාන්තය සම්බන්ධයෙන් ප්‍රමුඛ පෙළේ තොරතුරු ලබාදෙන පර්යේෂණ ප්‍රකාශනයක් වන ඇල්ෆලයිනර් විසින් . ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර මේ බව ප්‍රකාශ කළා. මේ අනූව කොළඹ වරාය සියයට 23 යි දශම 06ක විශිෂ්ට වර්ධන වේගයක් 2024 වසරේදී වාර්තා කර තිබීම විශේෂත්වයක්. එමෙන්ම වසරේ පළමු කාර්තුව තුළ කොළඹ වරාය ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ආදායමක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා. එම ප්‍රගතිය අත්පත් කර ගැනීමේදී පසුගිය කාලය තුළ පැවති විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග කිසිදු බාධාවක් නොවූ බවයි…
ජනාධිපතිවරණ ක්‍රියාවලියට බාධාවක් නොවන පරිදි වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට විරුද්ධත්වයක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දෙනවා. ඒ අනුව ඒකබද්ධ සේවා චක්‍රලේඛ මගින් එකාබද්ධ සේවාවන්හි නිලධාරීන්ගේ 2025 වාර්ෂික ස්ථාන මාරු නිවේදනය රාජ්‍ය පරිපාලන ස්වාදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ . අදාළ ස්ථාන මාරුවීම් චක්‍රලේඛය ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට, දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රදේශීය ලේකම්වරුන්ට නිකුත් කර තිබෙනවා
මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සක්‍රීය වීමෙන් තුවාල ලැබූ දැරියක් දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා. මකුළුගස්වැව දේවහුය ප්‍රදේශයේ නිවසක් තුළ දී අදාළ ගිනි අවිය සක්‍රීය වී ඇති බවයි පොලිසිය සදහන් කළේ. සිද්දියෙන් තුවාල ලාබා ඇත්තේ දේවහුය ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන වයස අවුරුදු 07ක දැරියක් . අදාළ ගිනි අවිය නිවසේ පවිත්‍රතා කටයුතු සිදු කිරීමේදී බිම වැටී සක්‍රිය වී ඇති බව අනාවරණය වී තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222