Author: Kesara Athipola

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ, ඝාතනය සිදුකළ වෙඩික්කරු, යතුරු පැදිකරු සහ ඊට ආධාර අනුබල දුන් තවත් පුද්ලගයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ 26, 37 සහ 45 යන වයස් වල පසුවන ඔරුගොඩවත්ත සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙක්. පසුගිය 25 වනදා ග්‍රෑන්ඩ්පාස් වඳුලවත්ත පුරදර සෙවන මහල් නිවාස සංකීරණය ඉදිරිපිටදී පුද්ලගලයෙකුට සහ කාන්තාවකට වෙඩි තබා අදාළ ඝාතනය සිදුකර තිබුණා.

තව කියවන්​න

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද මිලි මීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් මෙලෙස වැසි ඇති විය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල පැයට කිලෝමීටර 30 ත් -50 ත් අතර තරමක තද සුළං ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කළා.

තව කියවන්​න

කොළඹ නගර සභා බලප්‍රදේශය තුළ රථ වාහන ගාල් කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව කොළඹ මහනගර සභාව පවසනවා එහි රථවාහන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මංජුල කුලරත්න මහතා පැවසුවේ, එක කලාපයක් සඳහා එක් කොන්ත්‍රාත්කරුවෙකු යෙදවීමට නියමිත බවයි . රථවාහන ගාල් කරන ස්ථාන සඳහා ඉදිරියේදී විවිධ තාක්ෂණික ක්‍රමවේද යොදා ගැනීමට අපේක්ෂා කරන බවද ඒ මහතා සඳහන් කලා.

තව කියවන්​න

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ විද්‍යුත් දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන් තිබෙනවා. අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින්. අදාළ විද්‍යුත් දුම්වැටි තොගය රුපියල් ලක්ෂ විසි පහක පමණ වටිනා කමකින් යුතු වනවා. මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව , කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙක්.

තව කියවන්​න

පසුගිය සෙනසුරාදා ලාඕසයේ Vientiane නගරයෙහි පැවති 31 වන ARF අමාත්‍ය මණ්ඩල රැස්වීමට සමගාමීව, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා චීනයේ විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය SUN Weidong මැතිතුමන් හමුවිය. මෙහි දී මහජන චීන සමූහාණ්ඩුව සමඟ ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික කටයුතු පිළිබඳව සාකච්ඡා කර තිබේ. මෑතකදී අත්සන් කරන ලද ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම සහ විදේශ කටයුතු උපදේශන සැසි මෙන්ම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත්වන අනෙකුත් කරුණු ඇතුළු අපගේ සබඳතාවන්හි මෑත කාලීන වර්ධනයන් පිළිබඳව ද මෙහි දී අවධානය යොමුව තිබේ.

තව කියවන්​න

පැරිසියේ Le Méridien හි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය 9 වන ක්‍රීඩා අමාත්‍ය සමුළුවට සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහභාගී විය. පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් අතර ක්‍රීඩාශීලී මිත්‍රත්වය පිළිබඳව ද, ඒ හරහා සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම, ශ්‍රී ලාංකේය හා කලාපීය තාරුණ්‍යයේ ක්‍රීඩා, ආර්ථික, සාමාජයීය සහ සංස්කෘතික බැඳීම් ශක්තිමත් කර ගනිමින් සමීප සබඳතාවක් පවත්වා ගැනීම මෙන්ම වර්තමානයේ මුහුණ දී තිබෙන ආර්ථික කරුණු පිළිබඳව අමාත්‍යවරයා සුහද පිළිසඳරක නිරත වී තිබේ. විශේෂයෙන්ම එහි දී ක්‍රීඩාව සම්බන්ධව පවතින ගැටලු, ක්‍රීඩාවේ සංවර්ධනය ඇතුළු සාකච්ඡා ද සිදු වූ අතර විවිධ රටවල ක්‍රීඩා අමාත්‍යවරු රැසක් ද හමු වී ඇත.

තව කියවන්​න