Author: Kesara Athipola
2024 ජනාධිපතිවරණය සඳහා මේ වන විට අපේක්ෂකයින් 17 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙනවා . මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කලේ ඊයේ දිනයේදී ද අපේක්ෂකයින් තිදෙනෙකු ඇප මුදල් තැන්පත් කල බවයි. ඒ අනුව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල අමරසිංහ සහ අරුණළු ජනතා පෙරමුණේ ලේකම් වෛද්‍ය කේ.ආර්. කිෂාන් යන මහත්වරුන් මෙලෙස ඊයේ දිනයේදී ඇප තැන්පත් කළා.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි . ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සදහන් කළා.
සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව විදුලිබල සැපයීම සම්බන්ධ සියලුම සේවා , ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම, අත්‍යවශ්‍ය සේවා බවට පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා විසින් ඊයේ එම ගැසට් නිවේදනය නිකුත් කර තිබුනා.
දේශපාලන පක්ෂ දෙකක ආධාරකරුවන් අතර වනාතවිල්ලුව ප්‍රදේශයේ දී ගුටිබැට හුවමාරුවක් සිදුව තිබෙනවා . වනාතවිල්ලුව, මයිලන්කුලම මංසන්ධියේ බස් නැවතුම්පළක අලවා තිබූ පෝස්ටරයක් ඉරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම ගැටුම හටගෙන ඇති බවයි පොලිසිය සදහන් කලේ . ගැටුමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහල වෙත ඇතුළත් කරනු ලැබුවා.
බංග්ලාදේශයේ පවතින නොසන්සුන්තාවයෙන් පීඩාවට පත්වූ සියලුදෙනාට බලවත් සංවේගය පළකරන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලී සබ්රි මහතා පවසනවා. ඔහු මේ බව පවසා ඇත්තේ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . බංග්ලාදේශයට සාමය සහ ස්ථාවරත්වය කඩිනමින් නැවත පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා අදාළ සටහනේ සදහන් කර තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222