- මේ රජයට කිසිම වැඩක් හරියට කර ගන්න බැහැ
- අණ නොතකා ධාවනය කළ යතුරු පැදියකට පොලිසියෙන් වෙඩි
- හය මසට රේගුවේ ආදායම ට්‍රිලියනය පනියි
- ග්‍රීසියේ ලැව් ගිනි
- ජපාන ටොරෝකා දූපත් වලට සති දෙකක් තුල භූ කම්පන 900 ක්
- හැටන් පොලිසියේ නිලධාරීන් පිරිසකට ස්ථාන මාරු
- ජුනි මාසය අවසන් වන විට සංචාරකයින් 1,168,044 දෙනෙකු දිවයිනට
- බසයක් පෙරළී 9ක් රෝහලට
Author: Kesara Athipola
පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා නැවත කැඳවන ලෙස ඉල්ලමින් පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයන්ගේ සංසදය මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. එහිදී ඔවුන් පැවසුවේ හැකි ඉක්මනින් මෙම මැතිවරණය පැවැත්විය යුතු බවයි . බොහෝ පළාත් පාලන අපේක්ෂකයන් මැතිවරණයට පෙර නාම යෝජනා ඉදිරිපත් කල ආකාරයෙන් මේ වන විට මැතිවරණයට ඉදිරිපත් වීමට සුදානමින්නොසිටින බවද එම සනගමයේ මහ ලේකම් අජිත් ජයසුන්දර මහතා පැවසුවා .
පරිසර සංවිධානය කිහිපයක් සහ පරිසර අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පරිසර අමාත්‍යංශයේදි පැවැත්වුණා. වර්තමානයේ ආන්දෝලනාත්මක මාතෘකාවක් බවට පත්ව ඇති රිලවුන් පිළිබද ගැටලුවද මෙහිදී සාකච්චා කිරීමටයි. ඉන් අනතුරුව පැවතී මාධ්‍ය හමුවට එක් වෙමින් පරිසර අමාත්‍ය ධම්මික පටබැදි මහතා පැවසුවේ තීරණ ගැනීමේදී සියලු සාධක පිලිබදව අවධානය යොමු කිරීමට කටයුතු කරන බවයි. මේ අතර මෙම සාකච්චාවට සහභාගී වු පරිසරවේදී ජගත් ගුණවර්ධන මහතා පැවසුවේ රිලවුන් පිළිබද ගැටලුවට රජය විද්‍යාත්මක පිළිතුරක් ලබා දෙනු ඇති බවයි.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හවුල්කාර පක්ෂ නායකයන්ගේ අනුමැතියකින් තොරව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පිරවීම දේශපාලන සොරකමක් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු සදහන් කලේ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම්වරියට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්පූර්ණ කිරීමට කිසිදු බලයක් පවරා නොමැති බවයි. එය තීරණය කල යුත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හවුල්කාර පක්ෂ නායකයන් විසින් බව වජිර අබේවර්ධන මහතා සදහන් කළා. එමෙන්ම රවී කරුණානායක මහතාව ජාතික ලැයිස්තුවෙන් පත්කිරීම සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීම සඳහා මේ වන විටත් කමිටුවක් පත්කර ඇති අතර කමිටු වාර්තාව ලැබීමෙන් අනතුරුව නිසි ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ . මේ අතර ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස…
පොත් අලෙවිය සියයට 30 කින් පමණ අඩු වී ඇති බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ ලේකම් දිනේෂ් කුලතුංග මහතා සඳහන් කලේ පොත් සදහා වැට් බැදු පැනවීම හේතුවෙන් මෙම තත්වය උද්ගතවී ඇති බවයි. මේ හේතුවෙන් අලුතින් පොත් ප්‍රකාශයට පත්වීම පහල ගොස් ඇති බව ඔහු පෙන්වා දෙනවා. පොත් කර්මාන්තය වැට් බද්දෙන් නිදහස් කරන ලෙස පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ඇතුළුව තවත් සංගම් කීපයක් එකතුව ඉල්ලීමක් කරන බවද ලේකම්වරයා ප්‍රකාශ කළා. ඔහු වැඩිදුරටත් පැවසුවේ.නව රජයෙන් ඉදිරිපත් කිරීමට නියමිත පළමු අයවැයට අදාළ යෝජනාව ඇතුළත් කරන ලෙසද පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ඉල්ලීම් කරන බවයි.
2025 වසරේ පෙබරවාරි මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරත වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට එරට ජනාධිපතිවරයා විසින් ආරාධනා කිරීමට නියමිතව තිබෙනවා. ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීම සදහායි. ජනාධිපතිවරයා විසින් එම සමුළුව ඇමතීමටද නියමිතයි. කථානායක අසෝක රන්වල මහතාව පාර්ලිමේන්තුවේදී හමු වූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා විසින් මේ බව දැනුම් දී තිබුණා. එමෙන්ම මෙම සමුළුව 2024 වසරේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ඇමතූ බවයි තානාපතිවරයා ප්‍රකාශ කළේ. දූෂණයට එරෙහිව කටයුතු කිරීමට ඇති හොඳම ක්‍රමය රාජ්‍ය සේවය මෙහෙයවීම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීම බව ද මෙහිදි තානාපතිවරයා සදහන් කළා. මේ සම්බන්ධයෙන් අවශ්‍යවන…
අබුඩාබි T10 ලීග් තරගාවලියට ක්‍රීඩා කළ පූනේ ඩෙවිල්ස් කණ්ඩායමේ සහාය පුහුණුකරුවෙකු වූ සනී ඩිලන් හට වසර හයක ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා. ඒ, එමිරේට්ස් ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන්. 2021 වසරේ පැවති අබුඩාබි වී ටෙන් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළව පුද්ගලයින් 8 දෙනෙකුට එරෙහිව 2023 වසරේ සැප්තැම්බර් මාසයේ දී අයි.සී.සීය දූෂණ චෝදනා ගොණු කර තිබූ අතර, ඒ අතරට බංග්ලාදේශ ක්‍රීඩක නසීර් හොසේන් ද ඇතුළත්.
උතුරු,උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලි මීටර 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි . සෙසු ප්‍රදේශවලද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. එමෙන්ම නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය ඉදිරි පැය 24 තුළ බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ආසන්නයෙන් තමිල්නාඩු වෙරළ වෙත ළඟා වීමට නියමිතව තිබෙනවා.
බංගලාදේශය සමඟ පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය කඩුලු 07කින් ජයගැනීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ඊයේ සමත් වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායම පන්දුවාර 45 යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු සංඛ්‍යාව 227 ක් පමණයි. ජයග්‍රහණය සඳහා ලකුණු 228ක ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පන්දුවාර 36 යි පන්දු 5ක් තුළ කඩුලු 03ක් පමණක් දැවි තරගයේ ජය වාර්තා කළා.
යාපනය ප්‍රදේශයේ පැතිර යන උණ රෝගයක් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ, යාපනය ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් තිදෙනෙකු දින දෙකක් තුළ හදිසියේ මිය යාම හේතුවෙන්. මිය ගිය පුදගලයින් වයස අවුරුදු 42, 32 සහ 28 යන වයස් කාණ්ඩවල පසුවූවන් බව අනාවරණය වී තිබෙනවා. කෙසේ වෙතත් මරණයට හේතු වූ බව කියන උණ රෝගය නිශ්චය වශයෙන් හඳුනාගැනීමට පෙර ඔවුන් මිය ගොස් ඇති බව වාර්තා වනවා.
මියන්මාරයේ සිටි රොහින්යා සරණාගතයින් එරටින් ඉවත් කිරීමට අණ ලබා දුන් බවට චෝදනා එල්ල වී ඇති හමුදා ප්‍රධානි මින් ඕන් ලාන්ග් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කිරීමට සුදානම් වනවා. මොහුට එරෙහිව චෝදනා ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඇති බව පවසමින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ඉහල පෙළේ නියෝජිතයකු විසින් කරුණු දක්වා තිබුණා. ඒ අනුව, මෙම හමුදා ප්‍රධානියා අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් කිරීමට විනිසුරුවරුන් තුන්දෙනෙකුගෙන් සමන්විත ජාත්‍යන්තර අපරාධ අධිකරණය සූදානම් බවයි විදෙස් වාර්තා වන්නේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222