- අදත් පැය එකහමාරක විදුලි කප්පාදුවක්
- CID යේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමට පියවර
- ඩෑන් ප්‍රියසාද් අත් අඩංගුවට
- පරිභෝජනයට නුසුදුසු කඩල පරිප්පු වෙළෙඳ පොළට නිකුත් කිරීමට තැත් කළ පුද්ගලයෙකුට දඩ
- ගංවතුරෙන් හානියට පත්වූ වගාවන් වන්දි ලබාදීම ආරම්භ කෙරේ
- අවුරුදු සමයේ අත්‍යාවශ්‍ය ආහාරවල මිල පාලනයට සැලසුම්
- භාණ්ඩාගාර බිල්පත් වෙන්දිසියක් අද
- අගමැතිනිය සහ IMF විධායක අධ්යක්ෂ අතර හමුවක්
Author: Kesara Athipola
බංග්ලාදේශ විපක්ෂ නායිකා කලීඩා ෂියා ඇතුළු, සිර දඩුවම් විඳිමින් සිටි එරට විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් සියලු දෙනා නිදහස් කිරීමට පියවර ගෙන තිබෙනවා . අදාළ නියෝගය ලබා දී ඇත්තේ බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහබුදීන් විසින් බංග්ලාදේශ ජනාධිපතිවරයා මෙලෙස නියෝග කළේ ශිෂ්‍ය විරෝධතා හමුවේ, බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා, ධුරයෙන් ඉල්ලා අස්වී, රටින් පලා යාමෙන් පසු , එරට බලය හමුදාව විසින් අත්පත් කර ගැනීමෙන් අනතුරුවයි. ත්‍රිවිධ හමුදාපතිවරුන් සමග පැවති සාකච්චාවකින් අනතුරුව බංග්ලාදේශ ජනාධ්පතිවරයා අදාළ තීරණය ගනු ලැබුවා. එරට හමුදා ප්‍රධානින් ඊයේ ප්‍රකාශ කලේ අග්‍රාමාත්‍යවරිය පලා යෑමෙන් පසු අන්තර්වාර රජයක් පිහිටුවීමට පියවර ගන්නා බවයි.
දුම් පරීක්ෂණය සිදුකරන වාහන අතරින් සියයට 20ක් අසමත් වන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අදාළ වාහන නියමිත ප්‍රමිතියට අනුකූල නොවන බවයි. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මෙම අදහස් ප්‍රකාශ කළා. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, වාහන දුම් පරීක්ෂා සහතිකය , වාහන බලපත්‍රය සහ රක්ෂණාවරණය එකම ස්ථානයකින් ලබාගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන බවයි.
දුශිතයින්ට තම සන්ධානය තුල කිසිදු ඉඩක් ලබා නොදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා . වර්තමානය වන විට රටේ ස්වාධිපත්‍ය සහ ස්වෛරී භාවය විනාශ වී ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඉදිරි ජනාධිපතිවරණයට ජාතික ජන බලවේගය නියෝජනය කරමින් හරිණි අමරසුරිය මහත්මිය ඉදිරිපත් විය හැකි බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා පවසනවා . පක්ෂ භේදයකින් තොරව බහුතර ජනාතාවක් වතමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පල කරන බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා.
ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂගෙන් පාක්ෂිකයන් ඉල්ලීමක් කර තිබෙනවා. එම ඉල්ලීම සිදු කර ඇත්තේ හොරණ ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරුන් සහ මන්ත්‍රීවරුන් එක්ව සංවිධානය කල වැඩසටහනකදියි .
පාර්ලිමේන්තුව අද සිට ලබන 9 වැනිදා දක්වා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතයි. ඒ අනුව අද පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර තිබෙනවා. ඉන් අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 05.30 දක්වා කාලයේදී විපක්ෂය විසින් ගෙනෙනු ලබන යෝජනාවට අනුව මාතර නිල්වලා ගඟ ආශ්‍රිතව ඉදිකළ ලවණ බාධකය හේතුවෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය පැවැත්වෙනු ඇති.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222