Author: Kesara Athipola

අතුරුගිරියේ ද්විත්ව ඝාතනයට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, පසුගිය ජූලි මස 8 දා අතුරුගිරිය පොලිස් වසමේ දී ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු ඝාතනය කර තවත් සිව්දෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි. ඒ අනුව ඝාතනවලට අනුබල දුන් සැකකරුව ඊයේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා පියසේ දී අත්අඩංගුවට ගෙන අතුරුගිරිය පොලීසිය වෙත රැගෙන විත් තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 36ක් වූ දර්ගා නගරය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

තව කියවන්​න

ගල්කිස්ස මුහුදු තිරයේ දිය නාමින් සිටි පුද්ගලයෙකු අතුරුදන් වී තිබෙනවා. මෙම පුද්ගලයාව දිය වැලකට හසුවී ගසාගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ . රත්මලාන ,රජ මාවත් ප්‍රදේශයේ පදිංචිව සිටි ඔහු 63 වන වියේ පසුවූ අයෙක්. නාවික හමුදාව සහ පොලිසිය එක්ව අතුරුදන්වූ පුද්ගලයා සෙවීමේ කටයුතු වල නිරත් වී සිටිනවා.

තව කියවන්​න

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කලේ. නැගෙනහිර, ඌව සහ උතුරු පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

තව කියවන්​න

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව නම් කරනු ලැබුවා. ඒ බත්තරමුල්ල , නෙළුම් මාවතේ පිහිටා ඇති එම පක්ෂ මුලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදියි. නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා ලෙසද කටයුතු කරනු ලබනවා. 2024 ජනාධිපතිවරණය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් නොවන බව නිවේදනයක් මගින් ඊයේ දැනුම් දෙනු ලැබුවා . ඉන් අනතුරුවයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් සිය අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතාව නම් කලේ.

තව කියවන්​න

තම විද්‍යාලයට අඩු පාඩුවක්ව පවතින සුහුරු පන්ති කාමරයක් ලබා දෙන ලෙස සහ ක්‍රීඩා පිටිය නවීකරණය කර දෙන ලෙස මහනුවර මැණික්දිවෙල මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කළ ඉල්ලීම ඉටු කර දීමට ජනාධිපතිවරයා එම අවස්ථාවේම පියවර ගනු ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව පාසල් දරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, වරාය නගරය, මහබැංකුව, පාර්ලිමේන්තුව ඇතුළු කොළඹ අවට අධ්‍යාපනික වටිනාකමක් ඇති සුවිශේෂ ස්ථාන නැරඹීම සඳහා අවස්ථාව උදා කර දී තිබේ. මැණික්දිවෙල මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් 570ක් පමණ ඊයේ (05) එම ක්ෂේත්‍ර චාරිකාවට එක්ව සිටී අතර ඔවුන් ජනාධිපති මන්දිරය නැරඹීමෙන් අනතුරුව ජනාධිපති කාර්යාලය වෙත පැමිණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව හමුවීමට…

තව කියවන්​න

පොල් වගාව ආශ්‍රිතව වගාකරුවන් මුහුණ දෙන කවර ගැටලුවකට වුව ද 1916ට අමතා විසඳුම් ලබා ‍ගැනීමේ පහසුකම ක්‍රියාත්මක වේ. මේ සඳහා ක්ෂණික දුරකථන අංකයක් සහ Coconut App නමින් දුරකථන යෙදවුමක් පොල් වගා කිරිමේ මණ්ඩලය හඳුන්වා දෙනු ලැබීය. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ක්ෂණික දුරකථන ඇමතුම් අංකය හඳුන්වා දීම සඳහා ජංගම දුරකථන යෙදවුම හඳුන්වා දීම කාෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී සිදු විය. පොල් වගාව ආශ්‍රිතව වගාකරුවන් මුහුණ දෙන රෝග තත්ත්වයන්, වගාව සාර්ථක කරගැනීම හා ඉහළ අස්වැන්නක් ලබාගැනීම ආදී සියලුම කරුණුවලට විසඳුම් ලබා දීම සඳහා මෙම ක්ෂණික දුරකථන අංකය සහ Coconut App නම් දුරකථන යෙදවුම භාවිත කළ…

තව කියවන්​න

කාපට් අතුරා සංවර්ධනය කෙරුණු බේරුවල -දර්ගා නගරය, සාවියා පාර, ජෙම් පාර,කාදියාවත්ත පාර යන මාර්ග ජනතා අයිතියට පත් කිරීම ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ. මෙම මාර්ග දීර්ඝ කාලයක් තිස්සේ කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක්වී නොතිබිණ. මේ හේතුවෙන් ප්‍රදේශවාසීන්ගේ ගමනාගමනයට සහ රථවාහන ධාවනයට සිදුව තිබුණේ විශාල බාධාවකි. මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ප්‍රදේශවාසීන් සිදුකළ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රී මර්ජාන් ෆලීල් මහතාගේ යෝජනාවකට අනුව මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මෙම මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර තිබේ.

තව කියවන්​න

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා වශයෙන් මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කර ඇත. ඒ මහතා පිළිගැනීම සහ නව ධූරයේ වැඩ භාරගැනිම විශ්වවිද්‍යාලීය සනාථන මන්දිරයේදී පසුගියදා(01) සිදුවිය. වසර තුනක කාලයක් එම ධූරය හෙබවූ මහාචාර්ය එම්.ඩී.ළමාවංශ මහතාගේ උපකුලපතිධූරයේ සේවා කාලය නිමවීමත් සමඟ විශ්වවිද්‍යාලයේ 23 වන උපකුලපතිවරයා වශයෙන් මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පත් කොට තිබේ. වර්ෂ 1997දී සහාය කථිකාචාර්යවරයෙකු ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලයට එක්වූ මධුජිත් මහතා කෘෂිකර්ම පීඨයේ ආහාර විද්‍යා හා තාක්ෂණ දෙපාර්තමේන්තුවේ මහාචාර්යවරයෙකි. ඒ මහතා විශ්වවිද්‍යාල පර්යේෂණ කමිටුවේ අධ්‍යක්ෂකවරයෙකු, දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂකවරයෙකු ලෙසද කටයුතු කර ඇත.

තව කියවන්​න

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තරග තුනකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන එංගලන්ත සංචිතය නම් කර තිබෙනවා. ඇගිල්ලක සිදුව ඇති ආබාධයක් හේතුවෙන් සැක් ක්‍රව්ලිට මෙම තරගාවලිය අහිමි වී ඇති බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කලේ . සංචිතයේ නායකත්වය බෙන් ස්ටොක්ස් හට හිමිව තිබෙනවා . ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත ටෙස්ට් තරග සංචාරය අගෝස්තු 21 වැනිදා මැන්චෙස්ටර්හී දී ආරම්භ වීමට නියමිතයි.

තව කියවන්​න