Author: Kesara Athipola

අමෙරිකා එක්සත් ජනපදයේ ඔක්ලහෝමා නගරයේ දී ඊයේ (06) ගුවන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුර හේතුවෙන් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ. මෙම ගුවන් යානය ඔක්ලහෝමා නගරයේ පිහිටි සන්ඩාන්ස් ගුවන් තොටුපොළින් ගමන් ආරම්භ කර විනාඩි කිහිපයක් ඇතුළත අදාළ අනතුර සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ වෙතත් අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

තව කියවන්​න

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහාය සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට සහය පළ කිරීමට අද (07) ගිවිසුම් ගත වුණා. එම ගිවිසුම් අත්සන් කිරීම් සිදු කරනු ලැබුවේ නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස යන අය සමඟයි.

තව කියවන්​න

මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව ඊයේ (06) දිනයේ කැරට් 22 රන් පවුම රු.189,000.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 206,100.00ක් ලෙස සටහන්ව තිබුණා. ඊයේ අනෙකුත් රන් මිල සටහන පහත ලෙසින්. කැරට් 24 ග්‍රෑම් 1 – රු.25,770.00 කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.206,100.00 කැරට් 22 ග්‍රෑම් 1 – රු.23,600.00 කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.189,000.00 කැරට් 21 ග්‍රෑම් 1 – රු.22,550.00 කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.180,440.00

තව කියවන්​න

ලෝක වෙළදපොළේ බොරතෙල් මිල ඊයේ සුලු ඉහළ යාමක් පෙන්නුම් කළා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 76.29ක් ලෙස සටහන් වූ අතර එය පෙරදිනට සාපේක්ෂව සියයට 0.25 අඩුවීමක්. ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 72.96ක් ලෙසයි දැක්වුණු අතර එය සියයට 0.33ක අඩු වීමක් වනවා.

තව කියවන්​න

බංග්ලාදේශ අන්තර්වාර රජය මෙහෙයවීමට, අන්තර්වාර අග්‍රාමාත්‍යවරයා ලෙස මුහම්මද් යූනුස් පත් කර තිබෙනවා. එරට ජනාධිපති මොහොම්මද් ෂහබුදීන් පැවසුවේ ශිෂ්‍ය සංගම් ඇතුළු සෙසු සිවිල් සංවිධාන කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් මෙම පත් කිරීම සිදු කල බවයි. නව අග්‍රාමාත්‍ය මුහම්මද් යූනුස් නොබෙල් සාමත්‍යාගයෙන් ද පිදුම් ලැබූ පුද්ගලයෙකු වනවා. විරෝධතා හමුවේ, බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍යවරිය ධුරයෙන් ඉවත් වී, රටින් ද පලා යෑමෙන් අනතුරුව හමුදාව මැදිහත් වී අන්තර්වාර රජයක් පිහිටුවන බව ප්‍රකාශ කළා. කෙසේ වෙතත් විරෝධතාකරුවන් ඊට දැඩි ලෙස විරෝධය දැක්වූ අතර, ඔවුන් ප්‍රකාශ කලේ අන්තර්වාර අග්‍රාමාත්‍ය වරයා ලෙස මුහම්මද් යූනුස් පත් කළ යුතු බවයි.

තව කියවන්​න

සත්කාරක ශ්‍රී ලංකා සහ සංචාරක ඉන්දීය කණ්ඩායම් අතර තුන්වන එක්දින තරගය අද පැවැත්වීමට නියමිතයි. කොළඹ ආර් .ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මෙම තරගය පස්වරු 02.30 ට ආරම්භ වනු ඇති. මේ වන විට තරගාවලිය 01 ට බින්දුවක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියෙන් පසුවනවා . තරගාවලියේ පළමු තරගය සම තත්වයෙන් අවසන් වූ අතර දෙවන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළා . තරගාවලිය ජය ගැනීමට හෝ සම තත්වයෙන් අවසන් කිරීම සදහා කණ්ඩායම් දෙකටම අද පැවැත්වෙන තරගය තීරණාත්මක වනවා. මෙම තරගාවලිය ශ්‍රී ලංකාව ජය ගතහොත් වසර 27 කට පසු දෙරට අතර එක්දින තරගාවලියක් ශ්‍රී ලංකාව ජය ගන්නා පළමු අවස්තාව වනු ඇති.

තව කියවන්​න

පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 400 ඉසව්වේ අවසන් පූර්ව තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක අරුණ දර්ශනට 05වන ස්ථානය හිමි කර ගනු ලැබුවා. එම තරගය ආරම්භ වුයේ ඊයේ රාත්‍රී 11.05ටයි. තත්පර 44යි දශම 7යි 5කින් එම ඉසව්ව නිම කිරීමට අරුණ දර්ශනට හැකි වුණා. ඒ සිය පෞද්ගලික හොඳම දක්ෂතාවද වාර්තා කරමින්. කෙසේ වෙතත් අරුණ දර්ශනගේ කාලය අවලංගු කිරීමට ඔලිම්පික් කමිටුව තීරණය කර තිබෙනවා. ඒ ධාවන තරඟයේ දී මංතීරු කඩකිරීමක් හේතුවෙන්. ලබන වසරේ ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට අරුණ දර්ශනට හැකිවුණා.

තව කියවන්​න

ජාඇල – මාකේවිට ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. එම වෙඩිතැබීමෙන් 43 හැවිරිදි කඩවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි පොලීසිය සඳහන් කළේ. තුවාලකරු මේ වනවිට ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබනවා. වෙඩිතැබීම සිදුකළ වෙඩික්කරුවන් පළාගොස් ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර තවත් වෙඩිතැබීමේ සිද්ධියක් ගම්පහ තම්මිට ප්‍රදේශයේ සිදුව තිබෙනවා. යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර තවත් යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලිසිය සදහන් කලේ . මෙම වෙඩි තැබීමද ඊයේ රාත්‍රියේ සිදුව තිබුනා. වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක්. ඔහුව ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කර…

තව කියවන්​න

දෙමටගොඩ ධාවනාගාරයේ සේවකයින් රාජකාරී කටයුතුවලින් ඉවත් වීම හේතුවෙන් දුම්රිය ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරනු ලබන දුම්රියවල ප්‍රමාදයන් සහ අවලංගු වීම් සිදුවනු ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දෙමටගොඩ ධාවනාගාරයේ සේවකයෙකු අතුරුදන්වීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන නිසි අකාරයෙන් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් විරෝධයක් පල කිරීමට සේවකයින් සේවා කටයුතුවලින් ඉවත්ව තිබෙනවා. දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉදිපොලගේ මහතා පැවසුවේ මේ හේතුවෙන් උදෑසන කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ පොඩි මැණිකේ දුම්රිය සහ බදුල්ල ඔඩිසි යන දුම්රියන් මෙතෙක් ධාවනය කිරීමට නොහැකි වී ඇති බවයි.

තව කියවන්​න

පසුගිය සතියේ ටෙහෙරානයේ දී ඝාතනයට ලක් වූ හමාස් සංවිධානයේ ප්‍රධානී ඉස්මයිල් හනියේගේ අනුප්‍රාප්තිකයා ලෙස එම සංවිධානය විසින් සිය ගාසා තීරයේ නායකයාවන යාහියා සින්වාර් නම් කර තිබෙනවා. පසුගිය ඔක්තෝබර් 07 වැනිදා එල්ල කළ ඊශ්‍රායලයට එරෙහි හමාස් ත්‍රස්ත ප්‍රහාරය පිටුපස සිටින “මහ මොළකරු“ බවටයි ඊශ්‍රායලය ඔහුට චෝදනා කර ඇත්තේ. එමෙන්ම එක්සත් ජනපදය ”ජාත්‍යන්තර ත්‍රස්තවාදීන්ගේ” අසාදු ලේඛනයට ද ඔහුව ඇතුළත් කර තිබෙනවා.

තව කියවන්​න