- අගමැතිනිය සහ IMF විධායක අධ්‍යක්ෂක අතර හමුවක්
- ලබන සිකුරාදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක්
- අම්පාරේ වගා හානි වන්දිය අද ගොවි ගිණුම්වලට
- ඔස්ට්‍රෙලියාවට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි
- රුපියල් 36,000 ක් අල්ලස් ගත් තාක්ෂණ නිලධාරියෙක් අවුරුදු 56කට හිරේ
- සමන් දේවාලයේ නිලවරණය වළකා අතුරු නියෝගයක්
- 2025 වසරට විදේශ රැකියා 340,000ක ප්‍රමාණයක්
- වෛද්‍ය පරිපාලකයන්ගේ විද්වත් සංගමයට නව සභාපතිවරයෙක්
Author: Kesara Athipola
රාජාංගනයේ සද්ධාරතන හිමියන් එරෙිහි නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන දෙසැම්බර් මස නැවත කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි නියෝග කර තිබේ. පසුගිය දිනෙක උන්වහසේ ආගමික සහජීවනයට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කළ බවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකාර හිමියන්ට එරෙහිව පවරා ඇති නඩුව කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය සිදු කරනු ලැබුවා. අදාළ හිමිනම අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ උඩුගත කර ඇති වීඩියෝ පට හේතුවෙන් ආගමික හා ජාතික සංහිදියාවට තර්ජනයක් බවට අධීකරණයට කරුණු වාර්තා කර තිබුණා. ඇප මත මුදා හැර ඇති සැකකාර රාජාංගනයේ සද්ධාරතන හිමියන් නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටියා.
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල විදේශ සංවිත වත්කම් ප්‍රමාණය පහළගොස් තිබෙනවා. මහ බැංකුව මගින් ප්‍රකාශ කළ නවතම දත්ත අනුව ජුලි මාසයේ දී නිල විදේශ වත්කම් ප්‍රමාණය සුළු වශයෙන් පහළගොස් ඇති බවයි. ඒ අනුව 2024 ජුනි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 5,654 ක් ලෙසින් සටහන් වූ නිල සංචිත වත්කම් වටිනාකම 2024 ජුලි මාසයේදී ඩොලර් මිලියන 5,649 ක් දක්වා සියයට 0.1 කින් අඩු වී තිබෙනවා. නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය පසුගිය ජුලි මාසය අවසානයේදී ඩොලර් මිලියන 5,574 ක් ලෙසින් සටහන් ව තිබුණා.
බ්‍රිතාන්‍යයේ පවතින විරෝධතා හේතුවෙන් එහි සංචාරය කිරිම පිලිබදව රටවල් 06 ක් විසින් තම පුරව්සියන්ට අනතුරු අඟවා තිබෙනවා. එලෙස අනතුරු අඟවා ඇත්තේ තායිලන්තය ,නයිජීරියාව, මැලේසියාව, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව සහ ඉන්දුනීසියාව යන රටවල් විසින්. එමෙන්ම පවතින තත්ත්වය තුළ සංක්‍රමණිකයන්ට, සරණාගතයින්ට සහය වන සංවිධානවලට සම්බන්ධ පරිශ්‍ර 39 ක් පිළිබඳ අවධානයෙන් පසුවන බව ද එරට ප්‍රජා අමාත්‍ය ජිම් මැක්මහෝන් පවසනවා. පවතින විරෝදත පිලිබදව ජනතාවට ද අවදානයෙන් පසුවන ලෙසයි ඔහු වැඩිදුරටත් සදහන් කලේ. මේවන විට විරෝධතා හේතුවෙන් 400කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන පුද්ගලයින් 100කට අසන්න ප්‍රමාණයකට චෝදනා එල්ල කර ඇති බවත් එරට පොලීසිය ප්‍රකාශ කළා.
සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීමට ඊයේ රාත්‍රියේදී ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ සමග ඉන්දියාවට එරෙහිව ද්විපාර්ශ්වික එක්දින තරගාවලියක් වසර 27 කට පසුව ජය ගැනීමටයි ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණේ. දෙරට අතර පැවැති අවසන් එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව , ඉන්දියාව පරදා ලකුණු 110 ක විශිෂ්ඨ ජයක් වාර්තා කළා. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 7 ක් දැවී ලකුණු 248 ක් ලබා ගත්තා කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට පන්දුවාර 26 යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කලේ…
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ විජයදාස රාජපක්ෂ එළැඹෙන ජනපතිවරණයට තරග කිරීම සඳහා එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන්. එම නිසා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතට පත් කරමින් මෙම අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. 2396/27 දරණ අංකය යටතේයි මෙම ගැසට් නිවේදනය නිකුත්කර ඇත්තේ.
2024 ජනාධිපතිවරණය සදහා ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයින් සංඛ්‍යාව 22ක් දක්වා ඉහළගොස් තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ දේශපාලන පක්ෂ 11කින් මේ වන විට ඇප මුදල් තැන්පත් කර ඇති බවයි. ජනාධිපතිවරණයේ ඇප මුදල් තැන්පත් කිරීමට අගෝස්තු මස 14 වනදා දක්වා අවස්ථාව පවතිනවා.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. එමෙන්ම නැගෙනහිර, ඌව සහ උතුරු පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.
පොලිස් රාජකාරී ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් සිවිල් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොටුගොඩ ප්‍රදේශයේ රාත්‍රී පොලිස් මුරපොළක් අසළ දී මෙය සිදුව ඇති බවයි වාර්තා වන්නේ. සීදූව පොලීසියට අනියුක්තව රාජකාරී කළ, පොලිස් කොස්තාපල්වරයෙකු, සාජන්ට්වරුන් දෙදෙනෙකු ඇතුළු නිලධාරීන් තුන්දෙනෙකු අදාළ පොලිස් මාර්ග බාධකයේ රාජකාරී කටයුතුවල යෙදී සිට තිබෙනවා. අලුයම 01:28ට පමණ එම ස්ථානය පසුකරමින් වේගයෙන් ගමන් කිරීමට උත්සහාකල සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂාවට ලක් කිරීමේදී අදාළ අනතුර සිදුව ඇති බව සදහන්. මෝටර් රථයේ සිට ඇත්තේ බිමත් පුද්ගලයින් වන අතර ඔවුන්ගෙන් අයෙකු පොලිසිය සතුව තිබු ගිනි අවියක් උදුරාගැනීමට උත්සහ කිරීමේදී එය ක්‍රියාත්මක වී තිබුනා.
ඉන්දියාවේ චෙන්නායි සිට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල දක්වා දැනට පවත්වාගෙන යන ගුවන් ගමන් සදහා සැප්තැම්බර් 01 වැනිදා සිට තවත් ගුවන් සමාගමක් එක්වීමට නියමිතව තිබෙනවා. ඉන්ඩිගෝ ගුවන් සේවයට යටතේ එක් ගුවන් යානයක් පළමු අදියරය සදහා සේවයට එක කෙරුනු ඇති. එම ගුවන් යානය චෙන්නායි ගුවන් තොටුපළෙන් පස්වරු 1.55ට පිටත් වී පස්වරු 3.10ට යාපනය ගුවන් තොටුපළට ළඟා වෙනවා. පසුව යාපනයෙන් පස්වරු 3.55ට පිටත් වී පස්වරු 5.10ට එම ගුවන් යානය චෙන්නායි ගුවන් තොටුපළට ළඟා වන බව ගුවන් සමාගම නිවේදනය කර තිබෙනවා. සතියේ සෑම දිනකම මෙම ගුවන් ගමන් ක්‍රියාත්මකවන අතර, දැනට චෙන්නායි සිට යාපනය අතර ක්‍රියාත්මක අනෙකුත් ගුවන්යානා වලට අමතරව ඉන්ඩිගෝ ගුවන් සමාගම ද ගුවන්…
අත්තනෝමතික ලෙස ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ගැසට් කිරීමට විරෝධය පළ කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය පවසනවා. එම සන්ධානයේ සමස්ත ලංකා නිදහස් ග්‍රාම සේවා නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එම්.කේ.ජි.ජගත් චන්ද්‍රලාල් මහතා සඳහන් කළේ, ඒ අනුව එළඹෙන සඳුදා සහ අඟහරුවාදා යන දිනයන්හි සේවා කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇති බවයි. කෙසේවෙතත් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය මැතිවරණ කටයුතුවලට බාධාවක් නොවන පරිදි සිදුකරන බව ද ඒ මහතා සඳහන් කලා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222