Author: Kesara Athipola

විදේශ රැකියා ජාවාරමක නිරත වු පුද්ගලයෙකු මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරු සීෂෙල්ස් රාජ්‍යයේ බන්ධනාගාර නිලධාරීන් ලෙස සේවය සදහා පුද්ගලයින් බදවා ගෙන ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කළේ. වලංගු රැකියා අණවුමක් නොමැතිව සැකකරු විසින් මෙම ජාවාරම සිදුකර ඇති බවයි ආනවරණ වී ඇත්තේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කළේ කිසිදු රටක බන්ධනාගාරවල රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් යොමු නොකරන බවයි.

තව කියවන්​න

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ කාලය අදින් අවසන්වනවා. මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ තැපැල් ඡන්ද අයදුම්පත් අද මධ්‍යම රාත්‍රි 12 ට පෙර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත යොමු කළ යුතු බවයි. තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අගෝස්තු 05 වනදා අවසන් වීමට නියමිතව තිබුණා. කෙසේවෙතත් තැපෑලේ දී සිදුවිය හැකි ප්‍රමාදවීම් සහ කොමිෂන් සභාව වෙත ලැබුණු ඉල්ලීමක් සැලකිල්ලට ගෙන එම කාලය අද මධ්‍යම රාත්‍රි 12 දක්ව දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙනවා.

තව කියවන්​න

ඊයේ දිනයේදී නිරිතදිග ජපානයේ රික්ටර් මාපක 7.1 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් හටගෙන තිබෙනවා . මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරමින් එරට සුනාමි තත්වයක් ඇති වන බව ජපාන කාලගුණවිද්‍යා ඒජන්සිය ප්‍රකාශ කළා . භූමිකම්පාවෙ බලපෑමෙන් පසු එරට න්‍යෂ්ටික බලාගාරවල අසාමාන්‍යතා කිසිවක් වාර්තා නොවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

තව කියවන්​න

මෙරටට ගෙන්වීම තහනම් කර ඇති කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක්, ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දිවුලපිටිය පොලිසියේ නිලධාරීන් විසිනුයි මෙම වැටිලිම සිදුකර ඇත්තේ. කෘෂි රසායනික ද්‍රව්‍ය , පැකට් 500 බැගින් අඩංගු පෙට්ටි 10ක් මෙලෙස පොලිස් භාරයට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් 475,000කට ආසන්න බවද පොලීසිය පවසනවා. අත්අඩංගුවට ගත් එම සැකකරුවන් අවුරුදු 39, 45 සහ 55 වයස්වල පසුවන කොළඹ ආශ්‍රිත පදිංචිකරුවන්.

තව කියවන්​න

ICC මගින් එළි දැක්වූ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම එම ශ්‍රේණිගත කිරීම් හි හය වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. පසුගියදා ඉන්දියාව සමග පැවති එක්දින තරගාවලිය තරග 2-0 ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීමත් සමගයි ඔවුන් මෙලෙස එක් ස්ථානයකින් ඉදිරියට පැමිණෙමින් ශ්‍රේණිගත කිරීම්වල ඉහළට පැමිණ ඇත්තේ. තවමත් එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ රැඳී සිටින්නේ ඉන්දීය කණ්ඩායමයි.

තව කියවන්​න

දේශීය පොල්තෙල් නිෂ්පාදන කර්මාන්තශාලා 3000ක් රැක ගැනීම සඳහා ඉදිරියේ දී සැළසුම් ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධව යෝජනාවලියක් ඉදිරිපත් කරන ලෙස දේශීය පොල්තෙල් නිෂ්පාදන කර්මාන්තකරුවන්ට සහ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරින්ට අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ, දේශීය පොල්තෙල් නිෂ්පාදන කර්මාන්තකරුවන් ් මුහුණ දී සිටින ගැටළු පිළිබඳ සාකච්ඡාවක්, පසුගිය දා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැති අවස්ථාවේදී. මෙම සාකච්ඡාවේදී අනාවරණ වුයේ මෙරට වාර්ෂික පාරිභෝජනය සඳහා අවශ්‍ය පොල්තෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 290,000 ක් වන නමුත් අප රට තුළ නිෂ්පාදනය කරනුයේ මෙට්‍රික් ටොන් 40,000ක් පමණක් බවයි . ඉතිරි අවශ්‍යතාවය වන මෙට්‍රික් ටොන් 250,000ක ප්‍රමාණය මෙරටට ආනයනය කරනු ලබනවා.

තව කියවන්​න

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටද මෙම වැසි තත්වය බලපෑ හැකි බවයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැනවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

තව කියවන්​න

පසුගිය දිනවලට සාපේක්ෂව අද දින (08) රන් මිල තරමක පහළ අගයක් ගෙන තිබුණා. අද පැවති රන් මිල පහතින් කැරට් 22යි ග්‍රෑම් 8ක් – රුපියල් 187,000 කැරට් 22යි ග්‍රෑම් 1ක් – රුපියල් 23,380 කැරට් 24යි ග්‍රෑම් 8ක් – රුපියල් 203,950

තව කියවන්​න

රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශයට අමතරව ජනතා අංශයක් ද ඇති කරමින් ජනතාව ආර්ථික වශයෙන් නගා සිටුවීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ජනතා අංශයේ ධාවකයා බවට සමූපකාර ව්‍යාපාරය පත්කිරීම වෙනුවෙන් ස්වාධීන හා ශක්තිමත් සමූපකාර ව්‍යාපාරයක් රට තුළ ගොඩනගන බවයි. සමූපකාර ව්‍යාපාරයේ ඉදිරි ගමන්මග පිළිබඳව සාකච්ඡා කිරීම සදහා කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ පැවති හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවැසුවා.

තව කියවන්​න

මෙවර ජනාධිපතිවරණය සඳහා දමිළ දේශපාලන පක්ෂ එක්ව ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයා අද දින (08) නම් කිරීමට නියමිතව තිබෙනවා. මෙම නම් කිරීම අද පෙරවරුවේ යාපනයේ දී සිදුවන බවට වාර්තා වන අතර මෙවර ජනාධිපතිවරණය සඳහා දෙමළ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට පසුගියදා දෙමළ දේශපාලන පක්ෂ 07ක් සහ සිවිල් සංවිධාන 7ක් එක්ව ගිවිසුමකට අත්සන් කරනු ලැබුවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන පී. අරියනේන්ද්‍රන් සහ නීතිඥයෙකු වන කේ.වී. තවරාසා යන මහත්වරුන් මෙලෙස දෙමළ පොදු අපේක්ෂයා ලෙස ඉදිරිපත් කළ යුතු බවට යෝජනා වී ඇති අතර, ඉන් වැඩි පිරිසකගේ අවධානය යොමුව ඇත්තේ පී. අරියනේන්ද්‍රන් මහතා වෙතයි.

තව කියවන්​න