- අගමැතිනිය සහ IMF විධායක අධ්‍යක්ෂක අතර හමුවක්
- ලබන සිකුරාදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක්
- අම්පාරේ වගා හානි වන්දිය අද ගොවි ගිණුම්වලට
- ඔස්ට්‍රෙලියාවට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි
- රුපියල් 36,000 ක් අල්ලස් ගත් තාක්ෂණ නිලධාරියෙක් අවුරුදු 56කට හිරේ
- සමන් දේවාලයේ නිලවරණය වළකා අතුරු නියෝගයක්
- 2025 වසරට විදේශ රැකියා 340,000ක ප්‍රමාණයක්
- වෛද්‍ය පරිපාලකයන්ගේ විද්වත් සංගමයට නව සභාපතිවරයෙක්
Author: Kesara Athipola
ජනවාරි සිට ජූලි මාසය දක්වා ගතවූ මාස හත තුළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් ඇමරිකානු ඩොලර් මිලියන 3,710.8 ක් බව මහ බැංකුව පවසන අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 10.3 ක වැඩිවීමක්. පසුගිය ජූලි මාසය තුළදී ඩොලර් මිලියන 566.8ක විදේශ ප්‍රේෂණ මෙරටට ලැබී තිබෙනවා. එමෙන්ම ජනවාරි සිට ජූනි මාසය අග දක්වා කාලය තුළ දිවයිනට පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව දස ලක්ෂ 10,249 ක් වන අතර ඉන් උපයා ඇති ආදායම ඩොලර් මිලියන 1556.6ක් බවයි මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළේ.
මහනුවර ඇසළ පෙරහැර මංගලයේ පළමු කුඹල් පෙරහැර අද (10) පස්වරු 5.48 ට වීථි සංචාරය කිරීමට නියමිතයි. දළදා පෙරහැර සඳහා අවශ්‍ය සියළු කටයුතු සුදානම් කර ඇති අතර මෙවර පෙරහැර අද සිට ලබන 20 වනදා දක්වා පැවැත්වේ. නාථ, විෂ්ණු, පත්තිනි සහ කතරගම යන සිව් මහා දේවාල පෙරහැර පෙරටුව ඇසළ පෙරහැර ගමනට එක්වන අතර දළදා මාළිගාවෙන් පිටත්වන පෙරහර දළදා වීථිය, ඩී.එස්. සේනානායක වීථිය ඔස්සේ ගමන් කර රජවීථියට අවතීර්ණ වී රජවීථියෙන් ඉහළට ගමන් කර ශ්‍රී දළදා මාළිගාවට ගෙවදීමට නියමිතයි. පෙරහැර දිග කිලෝමිටර් 2 ක් වන අතර මේ සඳහා නැටුම් කණ්ඩායම් 35 ක්, අලි 35 ක් පමණ සහභාගී කර ගැනීමට මේ වන විට කටයුතු යොදා…
පෙරහැර ගමන් ගන්නා මාර්ගයේ රැජන හෝටලයට යාබද පදික වේදිකාවක් ලෙස භාවිතා කරන කොරිඩෝවේ හැර වෙනත් කිසිදු පදික වේදිකාවක ආසන පැනවීමට පෙරහැර කාල සිමාවේදී කිසිදු අවස්ථාවක් ලබා නොදෙන බව මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය පැවසුවාය. පෙරහැර නැරඹීමට පැමිණෙන පොදු ජනතාව ගැන සළකා බලා මහනුවර මහනගර සභාව මෙම තීරණය ගත් බව පැවසූ නාගරික කොමසාරිස්වරිය එලෙස පදික වේදිකා අවහිර කරමින් ආසන පනවා ඇති අවස්ථා වෙතොත් ඒ පිළිබඳ දැනුවත් කරන ලෙසද පැවසුවාය. නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය මෙම අදහස් පළ කළේ පසුගියදා මහනුවර මහ නගර සභා ශාලාවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. රැජින හෝටලට යාබද කොරිඩෝව සහිත පදික වේදිකාව…
බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැනවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, උතුර සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කර තිබේ. එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා ඒ බව සඳහන් කර ඇත.
ඉදිරි කාලසීමාව තුළදී මත්පැන් මිල පහත දැමීමට කටයුතු සූදානම් වන බවට සුරාබදු දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරනවා. ඒ අනූව මි.ලී 750 අතිවිශේෂ අරක්කු බෝතලයක මිල රුපියල් 900-1000 අතර මුදලකින් සහ මි.ලී 175 ප්‍රමාණයේ කාලෙ බෝතලයක මිල රුපියල 200කින් පමණ අඩුවනු ඇති බවයි පැවසෙන්නේ. සුරාබදු කොමසාරිස්වරයා සහ මත්පැන් සමාගම් අතර පසුගියදා පැවති සාකච්ඡාවකදී සුරාබදු කොමසාරිස්වරයා දන්වා ඇත්තේ මත්පැන් සඳහා වැඩි වශයෙන් භාවිතා කරන ස්ප්‍රීතුවල මිල අඩුවී ඇති බවයි. එම නිසා අරක්කු මිල අඩුකරන ලෙසට ඔහු සමාගම් වලින් ඉල්ලීමක් කර තිබෙනවා.
නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස් බංග්ලාදේශයේ අන්තර්වාර රජයේ ප්‍රධානියා ලෙස දිවුරුම් දී තිබෙනවා. ප්‍රංශයේ සිට බංග්ලාදේශය වෙත පැමිණි 84 හැවිරිදි යූනුස් පවසා ඇත්තේ බංග්ලාදේශයේ බොහෝ වෙනස්කම් සිදු කිරීමට අවශ්‍ය බවයි. වසර 15ක් බංග්ලාදේශයේ අගමැති ලෙස කටයුතු කළ ෂෙයික් හසීනා ජනතා විරෝධය හේතුවෙන් තනතුරෙන් අස්වී එරටින් පළා ගියා. ඇය මේ වනවිට ඉන්දියාවේ සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට දූෂණ චෝදනා තුනක් ගොනු කර තිබෙනවා. ඒ 2021 වසරේ පැවති ලංකා ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග මුදලට පාවාදීමට අදාළවයි. නමුත් මෙම තරග පාවාදීම්වලට සම්බන්ධ වන ලෙස ඔහුට එවූ ව්ට්සැප් පණිවිඩ ප්‍රවීන් ජයවික්‍රම විසින් මකා දමා ඇති බව වාර්තා වනවා. එම යෝජනාවන් පිළිබඳව ඔහු නියමිත කාලයේදී අයි සී සීය දැනුවත් නොකළ බවටයි චෝදනා එල්ල වී ඇත්තේ. කෙසේවෙතත් අයි සී සීය ගොනු කර ඇති මෙම චෝදනාවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ඔහුට අගෝස්තු මස 6 වැනිදා සිට දින 14ක කාලයක් ලබා දී තිබෙනවා . මේ වන විට 25 හැවිරිදි දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන්…
නිල සංචාරයක් සදහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අද ඊජිප්තුව බලා පිටත්ව යාමට නියමිතයි. ඊජිප්තු විදේශ අමාත්‍ය බද්ර් අබ්දලාති මහතාගේ ආරාධනයකට අනුවයි අලි සබ්රි මහතා මෙම සංචාරයට එක්වන්නේ. මෙම සංචාරය අතරතුර විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා කයිරෝ නුවරදී ඊජිප්තු විදේශ අමාත්‍යවරයා සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. එමෙන්ම විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ඊජිප්තුවේ ආයෝජන සහ විදේශ වෙළද අමාත්‍යවරයා හමුවීමට ද නියමිතව තිබෙනවා.
පළාත් කිහිපයකට අද දිනයේ වැසි වාර කිහිපයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර , නුවරඑළිය , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ නිවේදනයේ සදහන්. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනිමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222