Author: Kesara Athipola

මන්නාරම මරඳමඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයේ දේව මෙහෙය ලබන 15 වනදා පැවැත්වීමට නියමිතයි. ඒ අනුව අනිද්දා රාත්‍රීයේ විශේෂ පූජාවක්ද පැවැත්වීවෙනු ඇති. මරඳමඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සඳහා මෙවර ලක්ෂ පහක පමණ පිරිසක් සහභාගීවනු ඇති බවට අපේක්ෂා කෙරෙන අතර මේ මස 15 වනදා පැවැත්වෙන ආශිර්වාද පූජාවෙන් පසු මඩු වන්දනා සමයද අවසන්වනු ඇති.

තව කියවන්​න

තරුණ බලවේග ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙ සාමාජිකත්වය ඉල්ලා සිටින බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. ඒ මහතා මාධ්‍ය වේදීන් නැගු ප්‍රශ්නවලට අදහස් දක්වමින් වැඩි දුරටත් කියාසිටියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉවත් වූ එස්. එම්. චන්ද්‍රසේන මහතා ඇතුළු පාර්ශවයට නැවතත් එම පක්ෂයට එක්වීමට සිදු වනු ඇති බවයි.

තව කියවන්​න

අයර්ලන්ත කාන්තා කන්ඩායම සමග පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් කඩුළු 07 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුනා . ඊයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තීරණය කලේ පළමුව පන්දු රැකීමටයි . ඒ අනුව පිටියට පිවිසි අයර්ලන්ත ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස් කල ලකුනු සංඛ්‍යාව 145 ක් . එහිදී ඉනෝශි ප්‍රියදර්ශනී ලකුනු 35 කට කඩුලු 2 ක් දවා ගත්තා . උදේශිකා ප්‍රබෝදනී සහ සුගන්දිකා කුමාරි එක් කඩුල්ල බැගින් දවා ගනීමටයි සමත් වුනේ . අනතුරුව ලකුනු 146 ක ඉලක්කයක් හඹා යාම සදහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කන්ඩායම පන්දුවාර 16 යි…

තව කියවන්​න

2024 ජනාධිපතිවරණයට අදාළව මේ දක්වා අපේක්ෂයින් 29 ක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. මෙම ඇප මුදල් තැන්පත් කිරීමේ කටයුතු බදාදා දහවල් 12ට අවසන් වීමට නියමිතයි. මැතිවරණ කොමිසම පවසන්නේ ඉදිරිපත්වන අපේක්ෂකයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යන්නේනම් මැතිවරණය සඳහා වැයවන මූදලද ඉහළ යනු ඇති බවයි. මේ අතර ජනාධිපතිවරණ ඡන්ද විමසිමේ කටයුතු නිරීක්ෂණය කිරිම සඳහා විදේශීය නිරීක්ෂකයින්ට අවසර ලබා දීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා . යුරෝපා සංගමයේ සහ පොදුරාජ්‍ය මණ්ඩල නිරීක්ෂකයින් සදහා මෙම අවස්තාව ලබා දී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා ප්‍රකාශ කලේ. එම සංගම් විසින් කළ ඉල්ලිමකට අනුවයි මෙලෙස අවසරය ලබාදි ඇත්තේ. ඒ අනුව…

තව කියවන්​න

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ සඳහන්වන්නේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද සඳහන්. එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ.

තව කියවන්​න

වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1,700 ක් ලබාදීමට රජය ගෙන ඇති තීරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පඩිපාලක සභාව අද කැඳවීමට ,ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා. වතු කම්කරු වැටුප සම්බන්ධයෙන් පඩිපාලක සභාව සමඟ එකඟතාවකට එළඹීමට උත්සහ කරන බවත්, එම තීරණය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය නම් විශේෂ නීති ගෙන ඒමට සූදානම් බවත්, ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

තව කියවන්​න

2024 පැරිස් ඔලිම්පික් උලෙළේ රන් පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට චීනය සමත් වුනා ඒ අමෙරිකාව අභිබවා යමින්. මේ වනවිට චීනය රන් පදක්කම් 40ක් දිනාගෙන සිටින අතර අමෙරිකාව ලබාගෙන ඇත්තේ රන් පදක්කම් 38ක් පමණයි. මේ අතර ඔලිම්පික් උලෙළේ කාන්තා මැරතන් රන් පදක්කම දිනා ගැනීමට නෙදර්ලන්තයේ සිෆාන් හස්සාන් සමත් වූනා . මෙය ඇය පැරිස් ඔලිම්පික් උලෙළේදී දිනාගත් තුන්වැනි පදක්කම ද වනවා.

තව කියවන්​න

ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගෙන් නාමයෝජනා භාරගන්නා ලබන 15 වනදා රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට සහ ඒ අවට කලාපයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවෙන බව එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ප්‍රකාශ කළා. ඒ අනුව පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ 1,500 ක පමණ පිරිසක් ආරක්ෂාව සඳහා යෙදවීමට අපේක්ෂා කරන අතර මැතිවරණ කාර්යාලයේ ආරක්ෂාව සඳහා එදින විශේෂ රථවාහන සැළැස්මක්ද ක්‍රියාත්මක වනවා. කොමිෂන් සභා පරිශ්‍රයට පැමිණෙන රථවාහන වෙනුවෙන් ඒ, බී, සී, වශයෙන් බලපත්‍ර 3 ක් නිකුත් කෙරෙන අතර, අපේක්ෂකයාට හිමිවන්නේ බලපත්‍රයයි. එම බලපත්‍රයෙන් අපේක්ෂකයාට පමණක් සිය වාහනයෙන් මැතිවරණ කාර්යාලයට පැමිණීමට අවස්ථාව හිමිවනවා. අපේක්ෂකයා සමඟ ඊට ඇතුලුවිය හැක්කේ නාමයෝජනා පත්‍රයට අත්සන් තබන තවත් දෙදෙනෙකුට පමණයි.

තව කියවන්​න

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වන සියලු කාර්යයන් ගැටලුවකින් තොරව සිදුකිරීමට ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය මීට පෙර එකඟතාවය පළ කළ ද යළිත් ඔවුන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසම පවසනවා. එම සන්ධානයේ සම සභාපති නන්දන රණසිංහ මහතා ප්‍රකාශ කළේ ගැසට් කරන ලද ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාවට සිය යෝජනා ඇතුළත් නොකිරීම හේතුවෙන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගන්නා බවයි. අද පෙරවරුවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිට දී ද නිහඬ විරෝධතා ව්‍යාපාරයක නිරත වීමට නියමිත බව සදහන්.

තව කියවන්​න

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ශිවගංගී මගී නැව් සේවාව ලබන 15 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා ඒ අනූව ඉන්දියාවේ නාගපට්ටන වරායේ සිට කන්කසන්තුරේ දක්වා මගී නැව් සේවාව ක්‍රියාත්මක වනු ඇති.. තනි ගමනකට නැව් ගාස්තුව වශයෙන් රුපියල් 16,000ක් වන අතර එක් මගියෙකුට කිලෝ ග්‍රෑම් 60ක බරක් හා කිලෝ ග්‍රෑම් 5ක අත් බෑගයක් රැගෙන යා හැකියි. මෙම නැව තුළ සාමාන්‍ය පන්තියේ ආසන 133ක් හා විශේෂ පන්තියේ ආසන 27ක් වෙන් කොට තිබෙනවා. නැව් ගමන සඳහා අවශ්‍ය ප්‍රවේශ පත්‍ර යාපනයේ විවෘත කර ඇති කාර්යාලවලින් මෙන්ම අන්තර් ජාලය ඔස්සේද මිල දී ගත හැකියි.

තව කියවන්​න