Author: Kesara Athipola

මිත්‍රශක්ති ඒකාබද්ධ යුධ අභ්‍යාසයට සහභාගි වීමට ඉන්දීය භට පිරිස් දිවයිනට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අනෝන්‍ය මිත්‍රත්වය හා සම්බන්ධතාවය වර්ධනය කිරිමේ වැදගත් පියවරක් ලෙස වාර්ෂිකව සංවිධානය කරන මිත්‍රශක්ති යුධ අභ්‍යාසය මෙවරත් අගොස්තු මස 12 දින සිට 25 දින දක්වා මාදුරුඔය ප්‍රදේශයේදි පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා. ඒ සඳහා සහභාගිවීමට නියමිත ඉන්දියානු යුධ හමුදාවේ භට පිරිස් ඊයේ (12) වන දින මත්තල ගුවන්තොටුපලින් දිවයිනට පැමිණියා.

තව කියවන්​න

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දැක්මට අනුව තමන් රට වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට තීරණය කල බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. එමෙන්ම, රාජ්‍ය සම්පත් විකිනීමට විරෝධය පල කරමින් තමන් සමගි ජන සන්ධානයට එක්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. මේ අතර, ජනාධිපතිවරණය තම පාර්ශවය ජය ගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය ධුරය නිමල් සිරිපාල ද සිල්වා මහතාට ලබා දෙන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. චන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මැතිවරණ ප්‍රතිපල නිකුත් කරන තෙක් කාලය අතිශය තීරණාත්මක වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා ප්‍රකාශ කළා. දේශපානය තුල පවුල්වාදය ව්‍යාප්ත කිරීමට විවිධ පියවර ගෙන ඇති බව ජාතික ජන බලවේගයේ…

තව කියවන්​න

ඇතන්ස් නගරය ආසන්නයේ ලැව්ගිනි පැතිර යාමත් සමග ග්‍රීසියේ රෝහල් හා නිවාස වල ජනතාව ඉවත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කලේ ගම්මාන අටක ජනතාව මෙසේ ඉවත් කිරීමට එරට ගිනි නිවන හමුදාව පියවර ගෙන ඇති බවයි. මේ සදහා ගිනි නිවන භටයින් 510 ක් හා ගිනි නිවීමේ රථ 152 ක් යොදවා තිබෙනවා. එමෙන්ම ගුවන් යානා 29 ක් ද ආපසු හරවා යවා තිබුණා. ගතවූ පැය 24 තුළ එරට ඇති වූ ලැව්ගිනි 40 න් 33 ක්ම ගිනි නිවන කණ්ඩායම් නිවා දමා තිබීම විශේෂත්වයක්.

තව කියවන්​න

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය අද පැවැත්වෙනවා. මෙම තරගය පැවැත්වෙන්නේ අයර්ලන්තයේ ඩබ්ලින් හිදියි. තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 08.30 ට ආරම්භ වනු ඇති. දෙරට අතර පැවති පළමු පන්දුවාර විස්ස තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කඩුළු 07 ක් ජයක් වාර්තා කළා.

තව කියවන්​න

ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාට නැවත සහය පළ කිරීමට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණේ, ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට තම සහය ලබා දෙන බවයි. ඔහු සමඟ එම දිස්ත්‍රික්කය නියෝජනය කරන හිටපු පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයත් පිරිසක් ද නාමල් රාජපක්ෂ මහතාට සහය පල කරනු ඇති බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම හෙට මධ්‍යහන 12 න් අවසන් වීමට නියමිතයි. මේ වන විටත් ජනාධිපතිවරණ මැතිවරණය සදහා අපේක්ෂකයින් 32 දෙදෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. පිළිගත් දේශපාලන පක්ෂ 16 ක අපේක්ෂකයින් ඒ අතරට ඇතුලත්. වෙනත් කාණ්ඩය යටතේ එක් දේශපාලන පක්ෂයක් සහ ස්වාධින අපේක්ෂකයින් 15 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබුණා. 2024 ජනාධිපතිවරණය සදහා ඇප මුදල් තැන්පත් කිරීම ආරම්භ කෙරුනේ පසුගිය ජුලි මස 26 වනිදායි. පිළිගත් දේශපාලන පක්ෂයකින් නාමයෝජනා කරන අපේක්ෂකයෙකුට රුපියල් පනස් දහසක මුදලක් ඇප ලෙස තැන්පත් කල යුතු වනවා . වෙනත් දේශපාලන පක්ෂයක් හෝ ඡන්ද හිමියෙකු විසින් නාමයෝජනා කරන අපේක්ෂකයෙකු ඇප ලෙස තැන්පත් කල යුතු මුදල රුපියල්…

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් අතර ඊයේ සාකච්චාවක් පැවැත්වුණා. මෙම සාකච්චාවට එක්ව සිටියේ ජනාධිපතිවරණය සදහා පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කර ඇති දෙමල දේශපාලන පක්ෂයි. ජනාධිපතිවරයා සිදු කල ආරාධනයකට අනුව එම පක්ෂ නියෝජිතයින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණියා. සාකච්චාවේදී සිය ජනතාව මුහුණ දෙන ගැටළු පිලිබදව ජනාධිපතිවරයා දැනුවත් කල බවයි ඔවුන් සදහන් කලේ. මේ සදහා ටෙලෝ සංවිධානය , ප්ලොට් සංවිධානය සහ ප්‍රජාතන්ත්‍රවාදී සටන්කරුවන් පක්ෂය එක්ව සිටියා.

තව කියවන්​න

මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන් ඇතුළු අනෙකුත් පුද්ගලයන්ට මාර්ගගත ක්‍රමයට වීසා නිකුත් කිරීම සිදු නොවීම නිසා, කටුනායක ගුවන් තොටුපොළේ වීසා ලබා ගැනීමේ අර්බුදයක් මතුව තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පසුගියදා නිකුත් කළ නියෝගයකට අනුව මෙරටට පිවිසීමට වීසා නිකුත් කිරීමේ කටයුතු වලින් VFS ග්ලෝබල් සමාගම ඉවත් කිරීමට සහ ගුවන් තොටුපොළ තුළ පැරණි ක්‍රමයට සාමාන්‍ය පරිදි වීසා නිකුත් කිරීම සිදු කරන ලෙස නියෝග කරනු ලැබුවා. කෙසේ වෙතත් පැරණි ක්‍රමයට වීසා නිකුත් නොවීම හේතුවෙන් ගුවන් තොටුපොළ වෙත පැමිණ වීසා ලබා ගැනීම සදහා පැමිණෙන පිරිස් හේතුවෙන් මේ වන විට පෝලිම් මතුව තිබෙනවා.

තව කියවන්​න

ෆෙස්බුක් ආධාර කණ්ඩායම් ලෙස පෙනී සිටිමින් පුද්ගලයින්ගේ පෞද්ගලික දත්ත සොරකම් කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුගල මහතා සඳහන් කළේ, පසුගිය දින කිහිපය තුළ මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවයි. ෆෙස්බුක් ආධාර කණ්ඩායම් ලෙස පෙනී සිටිමින් වට්ස්ඇප් සහ එස්.එම්.එස් පණිවිඩ යොමුකරමින් මෙම ජාවාරම සිදුකරන බව චාරුක දමුණුගල මහතා සඳහන් කලා.

තව කියවන්​න

ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ 2024 ජූලි මාසයේදී USD මිලියන 566.8 දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකුව නිවේදනය කරනවා. ඒ අනුව, 2024 පළමු මාස ​​07 සඳහා ඇ.ඩො. බිලියන 3.71 එලෙස විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ මෙරටට ලැබී ඇති බව එම දත්ත වාර්තාවේ සඳහන් වන අතර එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 10.3% ක වර්ධනයක් බවත් මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

තව කියවන්​න