Author: Kesara Athipola

අඟහරු ග්‍රහයාගේ අභ්‍යන්තරයේ ද්‍රව ජලය පවතින බවට නවතම අධ්‍යනයකින් හඳුනාගෙන තිබෙනවා. නාසා ආයතනය අගහරු ග්‍රහයාගේ තොරතුරු සෙවීම සදහා භාවිත කළ යානයේ භූ කම්පන තොරතුරු අධ්‍යනය කිරීමෙන් මෙම කරුණු අනාවරණය කරගෙන් ඇතිබවටයි පැවසෙන්නේ භූ කම්පන 1,300කට අධික සංඛ්‍යාවක් ඒ සදහා අධ්‍යනය කර ඇති බවයි වාර්තා වන්නේ. අගහරු ග්‍රහයාගේ මතුපිට පෘෂ්ඨයට යටින් සාගරයක තරම් ජලය පැවතිය හැකි බවටයි නාසා ආයතනය අනාවැකි පළකරන්නේ. මතුපිට පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 11.5ත් 20ත් අතර ගැඹුරින් එම ජලය රැඳී ඇති බවට ද නාසා ආයතනය සඳහන් කරනවා. වසර බිලියන ගණනකට ඉහතදී ගංගාවන් / විල් හා සාගර ලෙස තිබූ ස්ථානයන්හි මෙම ජලය රැඳී පවතින බවටයි ඔවුන් සැක පළකරන්නේ.

තව කියවන්​න

සජිත් ප්‍රේමදාස මහතාට තමා බෙහෙවින් ආදරය සහ ගෞරව කරන බවත්, සියල්ලට වඩා තමන් රටට ආදරය කිරීම හේතුවෙන් මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය පල කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා. මෙරට තුල ස්ථාවර ආර්ථිකයක් ඇති කිරීමට තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාට හැකියාව පවතින බව රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක මහතා පවසනවා. මාධ්‍යට අවශ්‍ය පරිදි තම පක්ෂය කිසිදු අවස්තාවක කටයුතු නොකරන බව ජාතික ජන බලවේගය පවසනවා. එහි නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. තම සහය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන්නේ කිසිවක් බලාපොරොත්තුවෙන් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.

තව කියවන්​න

පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ 2024 ජනාධිපතිවරණ වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද (14) රාජගිරිය මැතිවරණ කාර්යාලයේදී සිදු කර තිබෙනවා. ඇප මුදල් තැන්පත් කිරීම පක්ෂය නියෝජනය මහලේකම් සාගර කාරියවසම් විසින් සිදු කර ඇති අතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.

තව කියවන්​න

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් පිරිසක් අද නව සන්ධානයක් පිහිටුවීමට නියමිතයි. මෙම සන්ධානය නිර්මාණය කරනු ලබන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පල කිරීම සදහා එක්වූ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසින් . එහි මහා ලේකම් ධූරය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාට හිමි වනු ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සදහන් කළේ . මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සදහා දේශපාලන පක්ෂ 27ක් ගිවිසුම් ගත වී තිබෙනවා සමගි ජන සන්ධානය සමග මෙලෙස ගිවිසුම් ගතවී ඇත්තේ මානුෂිය ජනතා සන්ධානය නියෝජනය කරන එක්සත් ලංකා පොදුජන පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය සහ ජාතික පෙරමුණ…

තව කියවන්​න

ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද මධ්‍යහන 12 න් අවසන් වීමට නියමිතයි. මේ වන විටත් ජනාධිපතිවරණ මැතිවරණය සදහා අපේක්ෂකයින් 36 දෙදෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. මෙලෙස ඊයේ දිනයේදී ඇප තැන්පත් කල අපේක්ෂකයින් සංඛ්‍යාව 04 ක්. පිළිගත් දේශපාලන පක්ෂ 19 ක් , වෙනත් කාණ්ඩය යටතේ එක් දේශපාලන පක්ෂයක් සහ ස්වාධින අපේක්ෂකයින් 16 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබුණා. 2024 ජනාධිපතිවරණය සදහා ඇප මුදල් තැන්පත් කිරීම ආරම්භ කෙරුනේ පසුගිය ජුලි මස 26 වනිදායි. එමෙන්ම ජනාධිපතිවරණය සදහා නාමයෝජනා භාර ගැනීම හෙට දිනයේ සිදු කිරීමට නියමිතයි. මෙහි ආරක්ෂාව සදහා පොලිස් නිලධාරින් දහසක් අනුයුක්ත කර ඇති බව පොලිස් වැඩබලන මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය…

තව කියවන්​න

මාලඹේ ප්‍රදේශයේ නිවසක් තුළ විෂ වායුවක් ආඝ්‍රාහණය වීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 65 සහ 45 යන වියේ පසුවූ පුද්ගලයන් දෙදෙනෙක්. මෙම සිදුවීම මාලඹේ කහන්තොට පාර, ජයන්ති මාවතේ පිහිටි නිවසකින් වාර්තා වුණා. මිය පුද්ගලයින් දෙදෙනා යම්කිසි රසායන ද්‍රව්‍ය කිහිපයක් මිශ්‍ර කිරීමට යාමේදී මෙම විෂ වායුව ආඝ්‍රාණ වී තිබෙනවා. එහිදී ඇතිවූ හුස්ම ගැනීමේ අපහසුතාවය හේතුවෙන් ඔවුන්ව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර පොලීසිය සඳහන් කළේ එම පුද්ගලයන් දෙදෙනා එහිදී මියගොස් ඇති බවයි.

තව කියවන්​න

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි අතර වයඹ පළාතෙත් අම්පාර, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තතුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

තව කියවන්​න

වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1,700 දක්වා ඉහළ නැවීමට පඩි පාලක සභාවේ සභාපති ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. තේ වතු කම්කරුවකුගේ දෛනික වැටුප 1,350 ලෙස එහි සඳහන් වන අතර, එම වැටුප සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල් ගෙවීම්වලට යටත්ව සිදුකළ යුතු බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වෙනවා. ඊට අමතරව ඵලදායිතාව මත පදනම් වූ දිරි දීමානාවක් ලෙස රුපියල් 350ක මුදලක්ද ගෙවිය යුතු බව එම ගැසට් නිවේදනයේ තවදුරටත් සඳහන්. එමෙන්ම රබර් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ද රුපියල් 1,700 දක්වා ඉහළ නැංවිය යුතු බවටද අදාළ ගැසට් නිවේදනයෙන් දැක්වෙනවා.

තව කියවන්​න

රුපියල් ලක්ෂ 13ක් වටිනා වලම්පුරියක් අලෙවි කිරීමට සුදානම්ව සිටින බවට දිවුලපිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ඊයේ දිනයේ කාලයේ සිදු කල වැටලීමේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුලට ගත් සැකකරු වයස අවුරුදු 42 ක්ව න දෙහිඕවිට ප්‍රෙදේශයේ පදිංචිකරුවෙක්. දිවුලපිටිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

තව කියවන්​න

ජල ගාස්තු අඩු කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් දැනට පවතින ජල ගාස්තු 2023-08-01 දින සිට ක්‍රියාත්මක කරනු ලැබේ. එම ගාස්තු සමාලෝචනද කිරීම සඳහා ගාස්තු ප්‍රතිපත්තිය සහ සූත්‍රය ක්‍රියාත්මක කිරීම පිණිස 2024-07-15 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති අතර 2024-07-16 දින සිට ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තු අඩු කරනු ලැබ ඇති බැවින් සහ ඉන්ධන, රසායනික ද්‍රව්‍ය හා පොලී පිරිවැය යනාදියෙහි පිරිවැය අඩු වීම සැලකිල්ලට ගනිමින් ජල ගාස්තු යම්ප්‍රතිශතයකින් අඩු කිරීමේ හැකියාව පවතින බව රජය පවසනවා. ඒ අනුව සමෘද්ධිලාභීන් සහ නාගරික වතු ජනාවාස හැරුණු කොට ගෘහස්ථ කාණ්ඩය සඳහා සියයට හතකින් ද…

තව කියවන්​න