Author: Kesara Athipola
එළඹෙන ජනාධිපතිවරණයේදී එක් ඡන්දදායකයෙකු වෙනුවෙන් අපේක්ෂකයෙකු හට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් අවසන් තීරණයක් අද දිනයේ ගනු ඇති බව පැෆ්රල් සංවිධානය පවසනව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කර සිටියේ, මැතිවරණ කොමිෂන් සභාව සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර අද පැවැත්වෙන සාකච්ඡාවකදී මෙම තීරණය ගනු ඇති බවයි.
2024 ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීම සඳහා එක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව, පක්ෂයේ තීරණවලට එරෙහි වූ මන්ත්‍රීවරුන්ට විනය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් වන ලිපි කඩිනමින් යොමුකිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙකු සඳහන් කලා. විනය ක්‍රියාමාර්ග ගැනීමෙන් අනතුරුව පක්ෂයේ තීරණයට එරෙහි වූ මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි වනු ඇති බවද සඳහන් වනවා.
දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 1,250,000 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් 1,271,432 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවත් ඉන් වැඩි දෙනෙකු ඉන්දීය සංචාරකයින් වන අතර එම සංඛ්‍යාව 237,649 ක් බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළා.
ජලභීතිකාව හේතුවෙන් මේ වසරේ ගත වු කාලය තුළ පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වසංගත රෝග විද්‍යායතනය පවසනවා. එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා සඳහන් කළේ, ජලභීතිකාව පිළිබඳ ජනතාවගේ නොදැනුවත්භාවය හේතුවෙන් මෙලෙස මරණ වාර්තා වන බවයි.
තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වූ සිද්ධියකට අදාළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හංවැල්ල පොලිස් වසමේ තුම්මෝදර ප්‍රදේශයේදී පසුගිය 06 වැනිදා මෙම ඝාතනය සිදුව තිබුනා. බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අපරාධය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුව ඊට අදාළ සැකකරුවන් දෙදෙනා පාදුක්ක- ගාලබැදිහේන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් අවුරුදු 34ක් වන උඩුමුල්ල හා වටරැක ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පැවසුවා සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. ඊයේ රාත්‍රියේදී සිව්වන දිනටත් කුඹල් පෙරහැර වීදි සංචාරය කළා. මේ අතර ලබන 19 වනදා අවසන් රන්දෝලි පෙරහැර පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මනුෂ නානායක්කාර මහතා ඉවත් කිරීමෙන් පසු පුරප්පාඩුව පවතින පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතාගේ නම ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කළා. බණ්ඩාරිගොඩ මහතා පසුගිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ තෙවන ස්ථානයට පත්ව තිබුණා. මේ අතර හරීන් ප්‍රනාන්දු මහතාගේන් පුරප්පාඩු වු මන්ත්‍රි ධුරය සදහා ඉදිරියේදී අයෙකු නම් කිරීමට නියමිතයි. ඒ සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර , සුජීව සේනසිංහ සහ අජිත් පී පෙරේරා මහතාගේ නම යෝජනා වී තිබෙනවා.
ජනාධිපති අපේක්ෂක ජනක රත්නායක මහතාට එක්සත් ලංකා පොදුජන පක්ෂයේ පක්ෂ සමාජිකත්වය ලබා දීමට රුපියල් කෝටි 03ක අල්ලස් ලබා ගත් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ , අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් රාජගිරිය ප්‍රදේශයේ දී කළ වැටලීමකදීයි. කෝටි 03ක මුදල් ලබා ගන්නා අවස්ථාවේ ඔවුන් අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම සඳහන් කළා. අත්අඩංගුවට ගත් පිරිස අතරට එම පක්ෂයේ ලේකම්වරයා ද ඇතුළත්වනවා. ජනක රත්නායක මහතා ඊයේ පෙරවරුවේ මෙම පක්ෂයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා ඇප මුදල් තැන්පත් කර තිබුණා.
බදු ඉහළ දැමීමත් සමඟ නීතිවිරෝධී මත්පැන් ‘කසිප්පු’ පරිභෝජනය 19% සිට 30% දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. එහි කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි මහතා ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ බදු වැඩිකිරීමත් සමඟ නීතිවිරෝධී මත්පැන් වෙළඳපොළට පැමිණීමට සමගාමීව මධ්‍යසාර මිල සීග්‍රයෙන් ඉහළ ගිය බවයි. එමෙන්ම නීතිවිරෝධි මත්පැන් වැටළිම් දිගින් දිගටම සිදු කර ඇති බව ඔහු කියා සිටියා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222