- මේ රජයට කිසිම වැඩක් හරියට කර ගන්න බැහැ
- අණ නොතකා ධාවනය කළ යතුරු පැදියකට පොලිසියෙන් වෙඩි
- හය මසට රේගුවේ ආදායම ට්‍රිලියනය පනියි
- ග්‍රීසියේ ලැව් ගිනි
- ජපාන ටොරෝකා දූපත් වලට සති දෙකක් තුල භූ කම්පන 900 ක්
- හැටන් පොලිසියේ නිලධාරීන් පිරිසකට ස්ථාන මාරු
- ජුනි මාසය අවසන් වන විට සංචාරකයින් 1,168,044 දෙනෙකු දිවයිනට
- බසයක් පෙරළී 9ක් රෝහලට
Author: Kesara Athipola
වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරියකට කාන්තා රැඳවියක් විසින් මරණීය තර්ජන එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. අදාළ සිදුවීම පිලිබදව මෙලෙස විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ එම ජේලර්වරිය විසින් බොරැල්ල පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුවයි. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ බොරැල්ල පොලීසියට නියෝග කලා.
උතුරු,උතුරු මැද, නැගෙනහිර, වයඹ, සහ බස්නාහිර පළාත්වල අද දිනයේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලි මීටර 75 ක පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැකියි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කලේ.
ෆෙස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් යෙදවුම්වල සිදුවු බිඳවැටීම් මේ වනවිට යථාතත්ත්වයට පත් කර ඇති බව මෙටා සමාගම පවසනවා. තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් අදාළ යෙදුම් සඳහා ප්‍රවේශ වීමට බාධා එල්ලවී තිබු බවයි අදාළ සමාගම දැනුම්දෙන්නේ. බි්‍රතාන්‍ය, යුරෝපය, ඕස්ට්‍රේලියාව, ආසියාව, දකුණු අමෙරිකාව සහ අමෙරිකාව යන රටවල මෙම බිඳවැටීම සිදුව තිබුණා.
පෞද්ගලික ආනයනකරුවන් විසින් ආනයනය කරන ලද සහල් තොග වෙළෙඳපොළට නිකුත් කර තිබෙනවා. මෙරටට ආනයනය කරන ලද පළමු සහල් තොගය රේගුවෙන් මුදාහැරීමට ඊයේ දිනයේ කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ. රට තුළ පවතින සහල් හිඟයට පිළියමක් වශයෙන් පෞද්ගලික ආනයනකරුවන්ට සහල් ආනයන කිරීම සඳහා රජය විසින් පසුගියදා අවසර ලබාදුන්නා.
වාද්දුව පොතුපිටියේ නිවසක හටගත් ගින්නකින් එම නිවස මුළුමනින්ම විනාශ වී ඇති බව වාද්දුව පොලිසිය පවසනවා. මෙසේ ගිනිගෙන ඇත්තේ වාද්දුව,පොතුපිටිය කරදගහ පාරේ පිහිටි නිවසක්. ගින්න යාබද නිවාස වලටද පැතිර යමින් තිබූ අතර ,ප්‍රදේශයේ පිරිසක් එක්ව එය පාලනය කර තිබෙනවා.
කොළඹ කොටස් වෙළෙඳපොළ් කොටස් මිල ඉහළ ගොස් තිබෙනවා. සියලු කොටස් මිල දර්ශකය ඒකක 56.21 කින් ඉහළ ගොස් ඒකක 13, 774.96 ක් ලෙස සටහන් වූ අතර, එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 22.5 කින් ඉහළ ගොස් සටහන් වූයේ ඒකක 4113.42ක් ලෙසයි. දිනය අවසානයේ සමස්ත වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 4.3ක්.
වැල්ලවාය සහ ඇල්ල පොලිස් බල ප්‍රදේශ අතර පිහිටි කරදගොල්ල රක්ෂිතයේ දින දෙකක් පුරා පැතිර ගිය ගින්න මේ වන විට පාලනය වී තිබෙනවා. ප්‍රදේශයට ඇදහැලුණු වර්ෂාපතනයත් සමගයි මෙලෙස ගින්න පාලනය වී ඇත්තේ. ගින්න නිසා රක්ෂිතයේ අක්කර දහයකට වඩා වැඩි භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.
පාලන මිලට වඩා වැඩිමිලකට සහල් අළෙවි කළ වෙළෙඳුන් පනස් දෙනෙකුට ආසන්න පිරිසකට විරුද්ධව නඩු පැවරීමට පියවර ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. නියම කර තිබෙන පාලන මිල ඉක්මවා සහල් අලෙවි කිරීමේදී මෙම වෙළෙන්දූන් නීතියේ රැහැනට හසුකර ගත් බවයි එම අධිකාරිය සදහන් කළේ. පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළෙඳුන් සොයා සිදු කරන වැටලීම් අද සිට පුළුල් කරන බවද පාරිභෝගික අධිකාරිය වැඩිදුරටත් පවසනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ලංකා ටී ටෙන් සුපර් ලීග් තරගාවලිය අද සිට ආරම්භ වනවා. පන්දුවාර 10කට පමණක් සීමා වුණු ටී ටෙන් තරගාවලියක් ශ්‍රී ලංකාව තුළ දී සංවිධානය වන්නේ පළමු වරටයි. මෙම තරගාවලිය හෙට සිට දෙසැම්බර් මස 19 වැනි දා තෙක් පැවැත්වෙනවා. තරගාවලිය සදහා කණ්ඩායම් 06ක් තරග වදිනු ඇති. තරගාවලිය සදහා ජැෆ්නා ටයිටන්ස්, හම්බන්තොට බංග්ලා ටයිගර්ස්, නුවරඑළිය කින්ග්ස්, කළම්බු ජගුවර්ස්, කැන්ඩි බෝල්ට්ස් සහ ගෝල් මාර්වල්ස් යන කණ්ඩායම් තරග වැදීමට නියමිතයි. මෙහි පළමු තරගය පවත්වෙන්නේ ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායම සහ හම්බන්තොට බංග්ලා ටයිගර්ස් යන කණ්ඩායම් අතරයි. මෙම තරගය අද පස්වරු 04ට මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දි පැවැත්වීමට කටයුතු…
සිරියාවේ අන්තර්වාර අගමැතිවරයා ලෙස මොහොමඩ් අල්-බෂීර් ව පත්කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කලේ ඔහුගේ පත්වීම 2025 වසරේ මාර්තු මස 01 වනදා තෙක් ක්‍රියාත්මක බවයි. කැරලිකරුවන් විසින් පාලනය කළ රජයේ ප්‍රධානියා ලෙසද ඔහු මිට පෙර කටයුතු කළා. පසුගිය ඉරිදා සිරියාවේ ජනාධිපති ලෙස කටයුතු කළ බෂාර් අල්-අසාද් සිය ධුරයෙන් ඉවත්වී පලා යාමට සමත් වුණා . ඔහු මේ වනවිට රුසියාවේ රැකවරණය සහිතව සිටින බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222