- වසර 27කට පසු දිල්ලියේ බලය මෝදිගේ පක්ෂයට
- නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- මුල් දින 05 තුල සංචාරකයින් 44,000ක් දිවයිනට
- පාරිභෝගික අධිකාරියෙන් මේ වන විට සහල් වැටලීම් 2,000 ක්
- විදුලි බිල පනත සංශෝධනයට අදාලව මහජන අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කෙරේ
- කලාපීය ආරක්ෂාව ගැන ඉන්දියාවෙන් ලංකාවට සහතිකයක්
- ඇලස්කාවේ අතුරුදන් වූ ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- පාරිභෝගික අධිකාරියේ සහල් වැටලීම් අඛණ්ඩව
Author: Kesara Athipola
තායිවානයේ ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබෙනවා . එය රික්ටර් මාපකයේ 5 යි දශම 4ක ප්‍රබලත්වයකින් යුතු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. මෙය තායිවානයේ යිලාන් පළාතේ සිදුව ඇති බව එරට කාලගුණික මධ්‍යස්ථානය පවසනවා. කෙසේ වෙතත් මෙම භූකම්පනය හේතුවෙන් සිදුව ඇති හානිය මෙතෙක් තක්සේරු කර නැහැ.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර පැවැත්වෙන සිව්දින පුහුණු ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි. වොස්ටර් හී දී පැවැත්වෙන තරගය ඊයේ දිනය සදහා ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ලයන්ස් කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 145 ක් ලබා සිටියා. ඊයේ දිනය නිමා වන විට ඔවුන් සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 324 ක්. එංගලන්ත ලයන්ස් කණ්ඩායම වෙනුවෙන් හම්සා ෂයික් රැස් කළ ලකුණු සංඛ්‍යාව 91 ක්. පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය ලකුණු 102 කට කඩුලු 5 ක් දවා ගත්තා. කසුන් රාජිත කඩුලු 2 ක් බිද හෙලූ අතර, ලහිරු කුමාර හා මිලාන් රත්නායක කඩුල්ල බැගින්…
2024 වර්ෂයේ රජයේ සහ හා රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරය අදින් අවසන් වනවා. ඒ අනුව තෙවන පාසල් වාරයේ පළමු අදියර මේ මස 26වන සඳුදා දින ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය මේ බව සදහන් කළා.
2024 ජනාධිපතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 437ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසනවා. මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කළ දිනයේ සිට මේ දක්වා කාලය තුළයි මෙම පැමිණිලි සංඛ්‍යාව ලැබී ඇත්තේ. මෙවර වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ මැතිවරණ නීති උල්ලංගනය කිරීම සම්බන්ධයෙනුයි. එමෙන්ම මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ද එක් පැමිණිල්ලක් වාර්තා වන මැතිවරණ කොමිසම සදහන් කළා.
ඉදිරි සතියේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය සදහන් කළේ පාර්ලිමේන්තුව ලබන 21 වනදා පමණක් රැස්වන බවයි. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වු පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව විසිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ. ඒ අනුව ලබන 21 වනදා පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.
ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීමේ පනත ඇති නීතිමය ප්‍රතිපාදන අද සිට ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා පැවසුවේ අදාළ නීති ක්‍රියාත්මක කිරීමේ පොලිසියට සහය වන ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බවයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර ඓතිහාසික දළදා මාළිගාවට පැමිණ ආශිර්වාද ලබා ගෙන තිබෙනවා. ජනාධිපතිවරණයට නාමයෝජනා භාර දීමෙන් පසුව දළදා මාලිගාවට පැමිණි ජනාධිපතිවරයාව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබුවා. දළදා සමිදුන් වැදපුදා ගැනීමේ පසුව රනිල් වික්‍රමසිංහ මහතා දළදා මාලිගාවට පැමිණ සිටි බැතිමතුන් සමග සුහද කතා බහකද නිරත වුණා. අනතුරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහ නා හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගෙන තිබෙනවා.
ජනාධිපතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු අද සිට ආරම්භ කරන බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය පවසනවා. නාමයෝජනා බාර දීමේ කටයුතු ඊයේ අවසන් වීමත් සමග මැතිවරණ කොමිෂන් සභාව විසිනු මුද්‍රණ කටයුතු සදහා අනුමැතිය ලබා දෙනු ඇති බවයි ඇය සදහන් කළේ. ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සංඛ්‍යාව ඉහළ ගියද මැතිවරණ පත්‍රිකාවේ වෙනසක් සිදු නොවන බවයි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය සදහන් කළේ. එමෙන්ම 2019 වසරේ භාවිතා කළ මැතිවරණ පත්‍රිකාවට සාපේක්ෂව මෙවර ජනාධිපතිවරණයේදී එහි සැලකිය යුතු වෙනසක් සිදු නොවන බව ද ගංගානි කල්පනා ලියනගේ මහත්මිය වැඩිදුරටත් සදහන් කළා.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අද සහ හෙට දිනවලදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර 100 ට වැඩි තද වැසි ඇති වන බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
අද අලුයම සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලීසිය පවසනවා. එම වෙඩිතැබීම සිදුකර තිබුණේ ශ්‍රී පුර පොලිස් වසමේ ගැමුණුපුර පුල්ලෙයාර් හන්දියේදී ය. යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති අතර වෙඩිතැබීමෙන් තුවාල ලද 26 හැවිරිදි පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා . ඔහු කාවන්තිස්ස පුර, ශ්‍රී පුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා. වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් සොයා පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222