Author: Kesara Athipola

නාවික හමුදා ගංවතුර සහන කණ්ඩායමක් කළුතර, පරගොඩ ප්‍රදේශයේ ස්ථානගත කර තිබෙනවා. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්, කළුතර දිස්ත්‍රික්කයේ පරගොඩ ප්‍රදේශය වෙත නාවික හමුදා ගංවතුර ආපදා සහන කණ්ඩායමක් ස්ථානගත කිරීමට ඊයේ දින නාවික හමුදාව කටයුතු කළා. ඒ අනුව, අධික වැසි හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රදේශයේ ඇති වී ඇති සුළු ගං වතුර තත්වය හමුවේ පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම වෙනුවෙන්, බුලත්සිංහල පරගොඩ ප්‍රදේශය වෙත මෙලෙස ගංවතුර ආපදා සහන කණ්ඩායමක් ස්ථානගත කෙරුණා. අවශ්‍යතාවය මත ස්ථානගත කිරීම සඳහා අමතර ආපදා සහන කණ්ඩායම් සුදානම් කර ඇති බව නාවික හමුදාව පවසනවා.

තව කියවන්​න

වෙනිසියුලාවෙ පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට විරෝධතා දක්වමින් එරට ජනතාව තවදුරටත් විරෝධතා පවත්වනවා එරට කරාකස් අගනුවර සංවිධාන කල විරෝධතා වෙනුවෙන් විශාල පිරිසක් එක්ව සිටි බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. විරෝධතාව සදහා එරට විපක්ෂ නායිකා මාරියා කොරිනා ද සහභාගි වන අතර විපක්ක්ෂය විසින් මෙම විරෝධතා සංවිධාන කර ඇති බව සදහන් විපක්ෂය චෝදනා කරන්නේ පසුගිය මාසයේ පැවති වෙනිසියුලා ජනාධිපතිවරණයෙන් නිකොලොස් මදුරෝ ලබාගත් 52% ක ඡන්ද ප්‍රතිශතය නිවැරදි නොවන බවයි . විපක්ෂය නියෝජනය කළ අපේක්ෂකයා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ බව ද ඔවුන් පවසනවා. ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වු දිනයේ සිට මේ දක්වා එරට විරෝධතා ක්‍රියාත්මකයි.

තව කියවන්​න

කොංගෝ ජනරජයේ වඳුරු උණ රෝගය වැළඳීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 548 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම රෝගය ආසාදිතයින්ගේ සංඛ්‍යාව ද 15,664ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එඅරට සෞඛ්‍ය අංශ සදහන් කලේ. ආසාදිතයින් බොහෝ පිරිසක් ප්‍රතිකාර ගැනීම වෙනුවට රෝග සුවවීම සඳහා යාඥා කිරීමට පල්ලි වෙත යාම සිදු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. කෙසේ වෙතත් මේ හේතුවෙන් රෝගය පැතිරීම ඉහළ යමින් පවතින බවයි එරට සෞඛ්‍ය අංශ සදහන් කලේ.

තව කියවන්​න

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 15ක ජයක් වාර්තා කිරීමට අයර්ලන්ත කාන්තා කණ්ඩායම සමත් වුනා. බෙල්ෆාස්ට් හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තය කඩුලු 5 ක් දැවී රැස් කල ලකුණු සංඛ්‍යාව 255 ක්. ලෙහ් පාවුල් ලකුණු 81 ක් රැස් කළ අතර, ඇමී හන්ට්නර් ලකුණු 66 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී අචිනි කුලසූරිය හා කවීෂා දිල්හාරි කඩුලු 2 බැගින් දවා ගැනීමටයි සමත් වුනේ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට පන්දුවාර 48 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 240 ක් පමණයි. චමරි අතපත්තු ලකුණු 22 කට දැවී ගිය අතර හර්ෂිතා සමරවික්‍රම…

තව කියවන්​න

පවතින වැසි තත්ත්වය අද දිනයේදීත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව,දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං…

තව කියවන්​න

මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද විථී සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. මේ අනුව දළදා විදීය, ඩී එස් සේනානායක විදීය, කොළඹ විදීය, යටිනුවර විදීය, රජ විදීය, කොටුගොඩ ඇල්ල විදීය, හරස් විදීය ඔස්සේ ගමන් කර පෙරහැර දළදා මාලිගාව වෙත ගොඩවැදීමට නියමිතයි. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ උපදෙස් පරිදි පෙරහැර සංවිධානය කර තිබෙනවා.

තව කියවන්​න

ජනතාව ආරක්ෂා කරමින් මානුෂිය සමාජයක් ජාතික ජනබලවේගයේ නායකත්වයෙන් ආරම්භ කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිණි අමරසූරිය මහත්මිය පවසනවා. ආර්ථික වශයෙන් රට බිදවැටීමට සියලු නායකන් වගකිවයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. එළබෙන ජනාධිපතිවරණයෙන් නියත වශයෙන්ම සජිත් ප්‍රේමදාස මහතා ජයගනු ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. අසීරු අවස්ථාවේ සියලු දෙනා රට අතහැර පලාගිය විට අභියෝග මැද ජනතාව දැඩි පීඩනයෙන් මුදාගත් එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.

තව කියවන්​න

තිහගොඩ පොලිස් වසමේ හක්මන – මාතර ප්‍රධාන මාර්ගයේ පුහුල්වැල්ල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඊයේ පස්වරුවේ හක්මන සිට මාතර දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරලී ගොස් විරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් මගීන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා මාතර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් පුද්ගලයකු ජිවිතක්ෂයට පත් වුනා. මියගොස් ඇත්තේ අවුරුදු 54ක් වන තිහගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අනතුර සම්බන්ධව තිහගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

තව කියවන්​න

බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මාලබේ, කහන්තොට මාර්ගයේ කුලී නිවසක් තුල සිදුකල වැටලීමකදී කුෂ් මත්ද්‍රව්‍ය ඇසුරුම් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිවසේ කළ පරීක්ෂා කිරීම්වලදී වායුසමනය කළ කාමර තුනක තිබී පැළ 50කට අධික කුෂ් වගාවක් ද සොයා ගැණුනා. පොලිස් භාරයට ගත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 10කට අධික වනවා. ජාවාරමේ ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

තව කියවන්​න

වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 34,906 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තාවනවා. එම සංඛ්‍යාව 14,248ක් බව සඳහන් වන අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ඩෙංගු රෝගීන් 8452 දෙනෙකු වාර්තා වී තිබෙනවා. එමෙන්ම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු හේතුවෙන් පුද්ගලයින් 16 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තව කියවන්​න