Author: Kesara Athipola

ලෝක බොරතෙල් මිලේ සුළු අඩු වීමක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන්ව ඇත්තේ ඩොලර් 79 ක් ලෙසයි. එමෙන්ම ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 76 යි දශම 2යි 8 ක් ලෙස දැක්වුණා. චීනය තුල බොරතෙල් සදහා ඇති මන්දගාමී ඉල්ලුම හේතුවෙන් මෙලෙස මිල පහල ගොස් ඇති බවයි වාර්තා වන්නේ . කෙසේ වෙතත් සතියකට පසු වාර්තා වන අවම බොරතෙල් මිල ඊයේ දිනයේ සටහන් වුණා.

තව කියවන්​න

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර හෙට ආරම්භ වන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයට ක්‍රීඩා කරන එංගලන්ත සංචිතය ඊයේ පස්වරුවේ නිවේදනය කළේය. ඒ අනුව ආබාධයකට ලක්ව සිටින නිත්‍ය ටෙස්ට් නායක බෙන් ස්ටෝක්ස්ගේ ස්ථානයට වෙනුවට තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වන මැතිව් පොට්ස් කැඳවා තිබෙනවා . 2022 වසරේදී නවසීලන්තයට එරෙහිව ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනාගත් පොට්ස්, තරග 06කට ක්‍රීඩාකර කඩුලු 23ක් බිඳහෙළා සිටීනවා. ආබාධයකට ලක්ව සිටින බෙන් ස්ටොක්ස්ට පළමු ටෙස්ට් තරගය අහිමිවන අතර, ඒ හේතුවෙන් එංගලන්ත වැඩබලන ටෙස්ට් නායකයා ලෙස ඔලී පෝප් කටයුතු කරනු ලබනවා.

තව කියවන්​න

බස්නාහිර, සබරගමුව සහ වයබ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට අද දිනයේ මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. මේ අතර නැගෙනහිර, ඌව සහ උතරුමැද පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ…

තව කියවන්​න

පාකිස්තානයේ හිටපු අග්‍රමාත්‍ය ඉම්රාන් ඛාන් කීර්තිමත් විශ්වවිද්‍යාලයක් ලෙස සැලකෙන බි්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මීළඟ කුලපතිවරයා වීම සඳහා අයදුම්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ බව ඉම්රාන් ඛාන්ගේ දේශපාලන පක්ෂය වන PTI පක්ෂය සිය X ගිණුමෙන්ද තහවුරු කර තිබෙනවා. ඒ අනුව ඔහු කුලපති ධුරයට පත් වුවහොත් එම විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට පත්වන ආසියානු සම්භවයක් ඇති පළමු පුද්ගලයා ද ඔහු වනු බවයි විදෙස් මදය වාර්තා කරන්නේ. වත්මන් කුලපති වන ක්‍රිස් පැටන් එළැඹෙන පෙබරවාරි මාසයේදී සිය තනතුරෙන් ඉල්ලා අස්වන බව පසුගියදා නිවේදනය කර තිබෙනවා.

තව කියවන්​න

පෑලියගොඩ, නාරම්මිණිය ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ සිටි පුද්ගලයෙකුට පොල්ලකින් හා තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. පසුගිය 18 වනදා එම පහරදීම සිදුකර ඇති අතර අදාළ පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදි මියගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ, නාරම්මිණිය පාර, කැලණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පුද්ගලයෙක්. පුද්ගලික ආරවුලක් හේතුවෙන් මරණකරුට පිරිසක් විසින් පහරදී එම ඝාතනය සිදුකර ඇත බව පොලීසිය පවසනවා. සිද්ධිය සම්බන්ධයෙන් 24 හැවිරිදි කොට්ටුකච්චිය ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු අපරාධ සඳහා භාවිතා කළ පිහියක්ද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

තව කියවන්​න

හිමාල කඳු මුදුනේ අඩි 18,753ක් උසක සිට පැරෂුටයකින් බිමට පැන ලෝක වාර්තාවක් පිහිටුවීමට බි්‍රතාන්‍ය ජාතිකයෙක් සමත්ව තිබෙනවා. 34 හැවිරිදි ජෝෂුවා බ්‍රෙග්මන්, මීටර් 5,716 උසින් පිහිටි කඳු මුදුනක සිට ලොව උසම පැනීම මෙසේ සිදු කර තිබෙනවා. 2019 දී ප්‍රංශ ක්‍රීඩක මැතියස් ගිරාඩ් විසින් පිහිටුවන ලද මීටර 4,359 වාර්තාව ඔහු අභිබවා ගොස් තිබුණා.

තව කියවන්​න

දිවයිනේ සිටින වෙළඳුන් ලියාපදිංචි කිරීම සඳහා දත්ත ගබඩාවක් නිර්මාණය කිරීමට මෘදුකාංගයක් සකස් කිරීමට පියවර ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතේ 27 වන වගන්තියට අනුව සියලුම වෙළඳුන් පාරිභෝගික සේවා අධිකාරියේ ලියාපදිංචි විය යුතු වනවා. එහෙත් පසුගිය දශක දෙක තුළ එය නිසි ආකාරයෙන් බලාත්මක කර නොමැති බවයි එම අධිකාරිය සඳහන් කළේ.

තව කියවන්​න

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කළු ගඟේ, කුඩා ගඟ උප ද්‍රෝණියේ පහත් බිම් ප්‍රදේශවල සුළු ගං වතුර තත්ත්වයක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය පවසනවා එබැවින් ඒ ආශ්‍රිත මාර්ග භාවිත කරන රියදුරන් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව එම අංශයේ වාරිමාර්ග ඉංජිනේරු ජී.ඩබ්ලිව්.ඒ සකුරා දිල්තාරා මහත්මිය පැවසුවා.

තව කියවන්​න

මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජාතික කොඩිය හෝ ආගමික ලකුණු යොදා නොගන්නා ලෙස මැතිවරණ කොමිසම නිවේදනය කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ ජාතික කොඩිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සදහා භාවිත කරන පාර්ශ්ව සඳහා දැඩි ක්‍රියා මාර්ග ගැනීමට සිදුවන බවයි. මැතිවරණ කාර්යාල සකස් කිරීමට අදාළ ව නිකුත් කර ඇති චක්‍රලේඛයේ ද මේ සම්බන්ධයෙන් දැනුම්වත් කර තිබෙනවා. එමෙන්ම ප්‍රචාරක කටයුතු සඳහා ආගමික සංකේත භාවිත කිරීම ද තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

තව කියවන්​න

ටෝකියෝ නගරයට ඊසාන දෙසින් පිහිටි ජපන් ප්‍රාන්තයේ ඉබරාකි ප්‍රදේශයෙන් රික්ටර් මාපකයේ 5.1 ක මූලික ප්‍රබලත්වයෙන් යුත් භූමි කම්පාවක් ඇති වූ බව එරට කාලගුණ ඒජන්සිය පවසනවා. මෙරට වේලාවෙන් අද අලුයම 5ට මෙම කම්පනය සිදුව තිබෙනවා. ජපානය මෑතකදී සිදුවිය හැකි ”මෙගා කම්පනයක්” පිලිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබුනද, සතියකට පසුව, එම අනතුරු ඇගවීම ඉවත් කළා. අගෝස්තු 8 වන දින එරට දකුණු ප්‍රදේශයට බලපෑ රිච්ටර් මාපකයේ 7.1 ක භූමිකම්පාවෙන් පසුව මෙම අනතුරු ඇඟවීම සිදුකරනු ලැබුවා.

තව කියවන්​න