Author: Kesara Athipola

මැතිවරණ ආරවුල් පිළිබද දැනුම් දීම සදහා ආරවුල් නිරාකරණ මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ දිවයිනම ආවරණය වන පරිදි එම මධ්‍යස්ථාන පිහිටුවා ඇති බවයි. සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යල තුළයි මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථාන පිහිටුවීමට පියවර ගෙන ඇත්තේ. මේ අතර ජනාධිපතිවරණයට අදාළව මේ දක්වා ලැබී ඇති මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 717ක් දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ අතරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ මැතිවරණ නීති උල්ලංගනය කිරීම් සම්බන්ධවයි. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා එකක් සහ වෙනත් පැමිණිලි 23ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළා.

තව කියවන්​න

වීසා රහිතව ශ්‍රී ලංකාවට ඇතුළු වීමට රටවල් 35කට අවසර ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මෙම අවසරය මාස 06ක කාලයක් සඳහා පමණක් ලබාදීමටයි තීරණය කර ඇත්තේ. ඒ අනුව, වීසා රහිතව ශ්‍රී ලංකාවට ඇතුළු වීමට ඔක්තෝම්බර් මස 01 වැනිදා සිට අවසර හිමිවෙනවා.

තව කියවන්​න

පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද දිනයේ සිට බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.නමුත් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකියි. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පෙනවා දෙන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

තව කියවන්​න

2024 වසරේ ගත වූ කාලය තුල සමස්ථ දිවයිනෙන් ඩෙංගු රෝගීන් 31,273 ක් වාර්තා වී තිබෙනවා . එමෙන්ම පසුගිය මාසයේ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 966 ක්. ඩෙංගු රෝගය වසංගත තත්ත්වයක් ලෙස ව්‍යාප්තවීමේ අවධානමක් රත්නපුර දිස්ත්‍රික්කය තුළ පවතින බව සෞඛ්‍ය අංශ විසින් අනතුරු ඇඟවීම් සිදුකර තිබෙනවා. මෙම වසරේ ගතවූ කාලය තුල රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2 198 ක්. ඒ අනුව එම දිස්ත්‍රික්කය තුල විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ලබන 28 වනදා පැවැත්වීමට නියමිතයි. රාජ්‍ය නිලධාරීන්ගේ සහ ප්‍රජාව සහභාගීත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනු ඇති.

තව කියවන්​න

පවතින කාලගුණික තත්වය මත ‘ළමා හතිය‘ ඉහළ ගොස් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා. මෙම තත්ත්වයට වර්ෂාපතනයත් සමග රාත්‍රී සහ උදෑසන කාලයේ පවත්නා පහල උණුසුම් තත්වය හේතුවන බවයි ඔහු පෙන්වා දෙන්නේ. මේ අනුව දරුවන් පිළිබඳව ඉහල සැලකිල්ලක් දක්වන ලෙසත්, ළමා හතිය වැළඳීමෙන් දරුවන්ව ආරක්ෂා කරගන්නා ලෙසත් විශේෂඥ වෛද්‍යවරයා සදහන් කළා. ඔහු පෙන්වා දෙන්නේ ළමුන් අතර කැස්ස, හුස්ම ගැනීමේ අපහසුව සහ රාත්‍රී කාලයේ පවතින කැස්ස වැනි ලක්ෂණ දිගටම පවතින්නේ නම් එය ළමා හතිය වශයෙන් හඳුනාගත හැකි බවයි . එමෙන්ම පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් වෛරස් උණ රෝගය පැතිර යාමේ අවධානමක් පවතින බවද විශේෂඥ වෛද්‍ය…

තව කියවන්​න

මෙරටට බොරතෙල් ගෙන්වීමේදී ඇමරිකන් ඩොලර් මිලියනය ඉක්මවන පාඩුවක් දැරීමට රජයට සිදුවී ඇති බව වාර්තා වනවා. ඒ, වාණිජ බුද්ධි ඒකකයක් ලෙසින් පිහිටුවා ඇති තෙල් සංස්ථාවේ ඒකකයක නිලධාරීන්ගේ වැරදි අනාවැකියක් හේතුවෙන් බව සඳහන්. අගෝස්තු මාසයේදී ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යනු ඇති බවට පුරෝකතන කළද ජූලි මාසයේදී ඩොලර් 83 යි දශම 93ක් වූ බොරතෙල් බැරලය අගෝස්තු මාසයේදී ඩොලර් 82 යි දශම 52 දක්වා පහළ බැස තිබෙනවා. ඒ, අනුව අගෝස්තු මාසයේදී බොරතෙල් මිල ඉහළ යනු ඇතැයි අපේක්ෂාවෙන් බොරතෙල් නැවක් ගෙන්වීම හේතුවෙන් මෙම අලාභය සිදුව තිබුනා.

තව කියවන්​න

ජනාධිපතිවරණය අවසන්වී දින විසි එකක් ඇතුළත සිය මැතිවරණ වියදම් වාර්තා බාර දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සියළුම අපේක්ෂකයන්ට දැනුම්දී තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව සදහන් කලේ එම තොරතුරු නියමිත කාලයට පෙර ඉදිරිපත් කිරීමට යම් අපේක්ෂකයකු අසමත් වූවහොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි. එමෙන්ම වැරදි තොරතුරු ඉදිරිපත් කිරීම, පමණ ඉක්මවා වියදම් කිරීම සදහාද දැඩි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි. මෙහිදී යම් අපේක්ෂකයෙකු වරදකරුවෙකු වුවහොත් රුපියල් ලක්ෂයක දඩයක් නියමවීම , ධූරය අහිමිවීම, වසර තුනක් සඳහා ඡන්දය භාවිතා කිරීමේ අයිතිය නැතිවීම හෝ අපේක්ෂකයකු වීමේ අයිතිය අහිමිවීම සිදුවනු ඇති. එමෙන්ම අපේක්ෂකයින්ට ආධාර කළ පුද්ගලයන් පිළිබඳවද තොරතුරු ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇති බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

2024 ජනාධිපතිවරණයට අදාළව වාර්තා වන පැමිණිලි සංඛ්‍යාව 666ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගතවූ පැය 24 ක කාලය තුල වාර්තා වී ඇති මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 35ක්. එම සියලු පැමිණිලි මැතිවරණ නීති රීති උල්ලංඝණය කිරීම් බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. මේ අතරින් පැමිණිලි 03ක් ජාතික මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථානයට සහ අනෙක් පැමිණිලි 32ක දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථාන වෙත ලැබී තිබුණා. මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කලේ සමස්ත පැමිණිලි අතරින් 642ක් මැතිවරණ නීති රීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් වාර්තා වන බවයි.

තව කියවන්​න

ලොව දීර්ඝතම මුද්දරය ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කලේ එම මුද්දරය දිග මිලි මීටර් 205ක් වන බවයි. මෙම මුද්දරයේ ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර මුද්‍රණය කර තිබෙනවා. ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙම මුද්දරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රධානය කරනු ලැබුවා.

තව කියවන්​න

බංග්ලාදේශය තුළ පැවැත්වීමට සූදානම් කර තිබූ විස්සයි 20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. මෙවර විස්සයි 20 කාන්තා ලෝක කුසලානය එළඹෙන ඔක්තෝබර් මස 03 වනදා සිට පැවැත්විමට නියමිතයි. බංග්ලාදේශය තුළ පවතින දේශපාලනය අස්ථාවරත්වය හේතුවෙන් එම තරගාවලිය වෙනත් රටක පැවැත්වීම කෙරෙහි තීරණය පසුගියදා රැස් වූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ගනු ලැබුවා.

තව කියවන්​න