- වසර 27කට පසු දිල්ලියේ බලය මෝදිගේ පක්ෂයට
- නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- මුල් දින 05 තුල සංචාරකයින් 44,000ක් දිවයිනට
- පාරිභෝගික අධිකාරියෙන් මේ වන විට සහල් වැටලීම් 2,000 ක්
- විදුලි බිල පනත සංශෝධනයට අදාලව මහජන අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කෙරේ
- කලාපීය ආරක්ෂාව ගැන ඉන්දියාවෙන් ලංකාවට සහතිකයක්
- ඇලස්කාවේ අතුරුදන් වූ ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- පාරිභෝගික අධිකාරියේ සහල් වැටලීම් අඛණ්ඩව
Author: Kesara Athipola
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක රජය විසින් ජනතාව වෙත සහනාධාර ලබාදීම පිළිගත නොහැකි බව පැෆ්රල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම දැනුම්වත් කිරීමට කටයුතු කර ඇති බවයි. මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ ඡන්ද ලබාගැනීමේ අරමුණින් ජනතාවට මෙම සහන ලබාදී නොමැති බවයි. ජනතාවගේ ආර්ථික ගැටලු විසඳීමට සහනාධාර ලබාදීමට අවශ්‍යව තිබුණේ නම් එම කටයුතු ජනාධිපතිවරණයෙන් පසු සිදු කිරීමට හැකි බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවා.
ඉරානයේ හිටපු ජනපති ඊබ්‍රාහිම් රයිසි ගමන්ගත් හෙලිකොප්ටරය පසුගිය මැයි මාසයේදී කඩන් වැටීමට හේතුව ඉරානයේ පුවත් ඒජන්සියක් විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. එහි හේතු දෙකක් සඳහන් වන අතර, අයහපත් කාලගුණික තත්ත්වය සහ මගීන්ගේ බර පාලනය කිරීමට හෙලිකොප්ටරයට ඇති නොහැකියාව අනතුරට හේතු වූ එම කරුණු දෙක බවයි එම ඒජන්සිය පවසන්නේ. එමෙන්ම හෙලිකොප්ටරය අනතුරට පත්වන විට නිර්දේශිත ධාරිතාව ඉක්මවා මගීන් දෙදෙනෙකු රැගෙන යමින් සිට ඇති බවද එම වාර්තාව පෙන්වා දෙනවා. කෙසේ වෙතත් මෙම වාර්තාවෙන් පසුව, ඉරාන සන්නද්ධ හමුදාවේ සාමාන්‍ය කාර්ය මණ්ඩලය මෙම කරුණු දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇති අතර හෙලිකොප්ටරය එහි ධාරිතාවට වඩා වැඩි පිරිසක් ප්‍රවාහනය කළ බවට කරන ප්‍රකාශය “මූලික වශයෙන් අසත්‍ය” බවද…
2024 ජනාධිපතිවරණය සඳහා අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රකා බෙදා හැරීමේ කටයුතු සැප්තැම්බර් 3 වනදා ආරම්භ කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසනවා. ඒ මහතා පැවසුවේ එම කටයුතු සඳහා විශේෂිත දිනය ලෙස සැප්තැම්බර් මස 08 වනදා නම් කර ඇති බවයි. රජයේ නිවාඩු දිනයක් වන ඉරිදා දිනයේ පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා මෙම බෙදාහැරීම සිදු කරන බව ඒ මහතා පවසන අතර එය භාර ගැනීම සඳහා එම දිනයේ දී නිවැසියන් ට නිවෙස්වල රැදී සිටින ලෙසද ඒ මහතා ඉල්ලීමක් කරමින් පවසනවා.
ඉන්දියාවේ මුම්බායි සිට පැමිණි එයා(ර්) ඉන්දියා ගුවන් යානයකට බෝම්බ තර්ජනයක් එල්ල වීමත් සමඟ තිරුවන්ත පුරම් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පූර්ණ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. මගීන් 135 දෙනෙකු සමඟ ගුවන් යානය අද පෙරවරු 8ට පමණ ආරක්ෂිතව ගොඩ බස්වා ඇති අතර, පෙ ව 8.44 වනවිට සියලුම මගීන් ආරක්ෂිතව ගුවන් යානයෙන් ඉවත් කළ බවයි එරට ගුවන් තොටුපල ආරංචි මාර්ග පවසන්නේ. මේ හේතුවෙන් ජීවිතවලට කිසිඳු බලපෑමක් සිදු වී නොමැති අතර , ගුවන් තොටුපළ මෙහෙයුම් කටයුතු බාධාවකින් තොරව සිදුවන බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.
සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද පැවැත්වීමට නියමිත විරෝධතාවක් සම්බන්ධයෙන් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා. මරදාන පොලීසියේ , ස්ථානාධිපති කළ ඉල්ලීමක් අනුවයි එම නියෝගය නිකුත් කර ඇත්තේ. විරෝධතාවය සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මගින් සංවිධානය කිරීමට නියමිතව තිබු බව පොලීසිය පවසනවා. ඒ අනුව අද දින පෙරවරු 10 සිට රාත්‍රී 9 දක්වා සෞඛ්‍ය අමාත්‍යංශය අවට ඒකරාශී වී අවට ඇති මහා මාර්ගය, පදික වේදිකා භාවිත කළ නොහැකි ලෙස අවහිර කරමින් සිදුකරන උද්ඝෝෂණ සහ සෞඛ්‍ය අමාත්‍යංශය ට ඇතුළු වීම වළක්වාලමින් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත්කර තිබෙනවා.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඊයේ ආරම්භ වුණා. මැන්චෙස්ටර්හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කිසිදු කඩුල්ලක් නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 22 ක්. බෙන් ඩකට් නොදැවී ලකුණු 13 ක් හා ඩෑන් ලෝරන්ස් නොදැවී ලකුණු 9 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කල ලකුණු සංඛ්‍යාව 236 ක්. නායක ධනංජය ද සිල්වා සිය 15 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 74…
ජනාධිපති ධුර අපේක්ෂකයින් විසින් ලබාදී ඇති ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශවල පිටපත් ජනතා ප්‍රවේශය සඳහා මුදා හැර තිබෙනවා. ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්. එම කොමිසම දැනුම්දෙන්නේ සිය නිල වෙබ් අඩවිය හරහා එම පිටපත් ප්‍රසිද්ධ කිරීමට කටයුතු කර ඇති බවයි.
පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වන දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඊයේ ගම්පොල පැවති ජන හමුවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළා. පාස්කු ප්‍රහාරයට වගකිව යුතු සියලු දෙනා නීතිය හමුවට ගෙන එන බව සමගි ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ඊයේ කටුනායක පැවැති ජන හමුවකට එක්වෙමින්. කෘෂි නවීකරණය තුළින් රට ඉදිරියට ගෙන යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා. අනුරාධපුරයේ පැවති සිය මංගල ජන රැළියට එක්වෙමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළා.
ධීවරයින් සහ තේ වගාකරුවන් සදහා සහන ලබා දීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දීම තිබෙනවා. ඒ අනුව ධීවරයි සදහා ඩීසල් සහ භූමිතෙල් සදහා රුපියල් 25ක සහනාධාරයක් හිමිවනු ඇති. එමෙන්ම තේ වගාකරුවන් සදහා රුපියල් 4000ක පොහොර සහනාධාරයක් ලබා දීමට ද කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා. මෙම සහනාධාර අද සිට ක්‍රියාත්මක වන පරිදි ලබා දීමට නියමිතයි.
පළාත් පාලන මැතිවරණය නියමිත දිනයට පැවැත්වීමට අපොහොසත් වීමට අදාළව ගොණුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. අදාළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේදී විභාගයට ගනු ලැබුවා. ඒ අනුව ඊට අදාළ තීන්දුව එම පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. මැතිවරණ කොමිෂන් සභාව විසින් නියමිත පරිදි 2023 වසරේ මාර්තු 09 වනදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු නොකිරීමට එරෙහිව මෙම පෙත්සම් ගොණුකර තිබුණා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222