Author: Kesara Athipola

අයහපත් කාලගුණය නිසා බංග්ලා­දේ­ශයේ නැඟෙ­න­හිර පළා­තේ මරණ 13ක් සිදුව තිබෙනවා. එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එරට දිස්ත්‍රික්ක අටක ලක්ෂ 45කට අධික ජන­තාව අව­තැන් වී ඇති බවයි. වසර 30කට පසුවයි බංග්ලා­දේ­ශ­යට මෙවැනි දරුණු ගංව­තු­රක් බලපා ඇත්තේ.

තව කියවන්​න

ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ලබන මාසයේ සිට සිට මෙරට ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, ඔවුන් ඉන්ධන පිරවුම්හල් 150ක් හරහා ඉන්ධන බෙදාහැරීම් සිදුකිරීමට නියමිතයි. මෙරට ඉන්ධන වෙළඳපොලට පැමිණි සිව්වන විදේශීය සමාගමක් ලෙස යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගමට .මෙරට ඉන්ධන බෙදාහැරීමේ අවසරය හිමිව තිබෙනවා.

තව කියවන්​න

බෙල්ලන්විල ඇසළ මහ පෙරහර වීථි සංචාරය කිරීම හේතුවෙන් අද සහ හෙට බොරලැස්ගමුව අවට විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා. ඒ අනුව, අද රාත්‍රි අටේ සිට හෙට අලුයම එක දක්වා බොරලැස්ගමුව – බෙල්ලන්තොට මාර්ගය භාවිත කරන ජනතාව සහ රියදුරන් විකල්ප මාර්ග භාවිත කළ යුතුයි. එමෙන්ම රන්දෝලි මහ පෙරහර වීථි සංචාරය කිරීම හේතුවෙන් හෙට රාත්‍රී අටේ සිට අනිද්දා අලුයම 3 දක්වා බොරලැස්ගමුව – නැදිමාල හන්දිය මාර්ගය, රත්මලාන, බෙල්ලන්තොට – අත්තිඩිය මාර්ගය හා පැපිලියාන මංසන්ධියේ සිට දෙහිවල මාර්ගය භාවිත කරන ජනතාව විකල්ප මාර්ග භාවිත කළ යුතු බවයි පොලිසිය දැනුම් දෙන්නේ.

තව කියවන්​න

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රකාශ පිළිබද අවධානයෙන් පසුවන බව දෙමල ජාතික සන්ධානය පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ සුමන්තිරන් මහතා පැවසුවේ මෙතෙක් සහය දක්වන අපේක්ෂකයෙකු පිළිබද තීරණයක් ගෙන නොමැති බවයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම්.ඒ සුමන්තිරන් මහතා මේ බව ප්‍රකාශ කළා.

තව කියවන්​න

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා නාමයෝජනා ලබා දුන් අයිඩෘස් මොහමදු ඉල්යාස් මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා. ඔහු පුත්තලම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ මෙලෙස මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. 78 හැවිරිදි මොහමදු ඉල්යාස් මහතාට ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් මිට දින දෙකකට පෙර රෝහල් ගත කර තිබුණා. ඒ මහතා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ පාලන සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ද කටයුතු කල අයෙක්. මෙවර ජනාධිපතිවරණය සඳහා එන්නත් සිරින්ජය ලකුණෙන් ඔහු තරග කිරීමට නියමිතව සිටියා.

තව කියවන්​න

ජාතික ප්‍රතිපත්තියක් මත පොදු සම්මුතියක් ගොඩනගා ගැනීමට තවදුරටත් අවස්ථාව පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රි පුජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. නිවහල් බිමක් – සුවපත් රටක් තේමාව යටතේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අතුරලියේ රතන හිමියන් මේ බව ප්‍රකාශ කළා. සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතිපත්තිගුරුක නායකයෙකු බව හිටපු අමාත්‍ය සුජිව සේනසිංහ මහතා පවසනවා. ප්‍රතිපත්තිගරුක දේශපාලනය අත්විදීමට නම් ජාතික ජන බලවේගය සමග එක්වන ලෙස එහි විධායක සභික නිලන්ති කොට්ටහච්චි මහත්මිය පවසනවා. නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සුදුසු කාලය මෙය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී දිසානායක මහතා පවසනවා.

තව කියවන්​න

රියදුරු බලපත්‍රවල වලංගු කාලය සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කරුණු පැහැදිලි කර තිබෙනවා. එහි කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසුවේ 2009ට පෙර ලබා ගන්නා ලද රියදුරු බලපත්‍ර ඉදිරි මාස තුන තුළ අවලංගු කිරීමක් පිළිබද තීරණයක් රජය විසින් ගෙන නොමැති බවයි. ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පළවන වාර්තා අසත්‍ය බව ද ඔහු අවධාරණය කළා. කෙසේවෙතත් මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සලකා රියදුරු බලපත්‍රයට අසාදු ලකුණු ලබා දීමේ ක්‍රමයක් ක්‍රියාවට නැංවීමට පියවර ගන්නා බවයි අනුරුද්ධ වීරසිංහ මහතා සදහන් කළේ.

තව කියවන්​න

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද සිහින් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකියි එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30 ත් 40 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවද සඳහන්. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

තව කියවන්​න

ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. මෙම නව ජල ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක අගෝස්තු මස 21 වනදා සිට බලාත්මක බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. සමෘද්ධිලාභීන් සහ වතු නිවාස හැර ගෘහස්ථ කාණ්ඩය 7%කින්, රජයේ අනුමත පුණ්‍යායතන 6.3% සහ රජයේ රෝහල් 4.5% ක් ඇතුළුව තවත් කාන්ඩ කිහිපයක් යටතේ නව ජල ගාස්තු සංශෝධනය කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම ජල ගාස්තු සංශෝධනය යටතේ මාසික සේවා ගාස්තුවේ කිසිදු සංශෝධනයක් සිදු කර නොමැති බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ප්‍රවේශපත් වෙන්කර ගැනීම සදහා වූ ”Pravesh” වෙබ් අඩවිය ඊයේ එළිදක්වා තිබෙනවා. අද දින සිට www.pravesh.lk වෙබ් අඩවිය මගින් අන්තර්ජාලය ඔස්සේ මගී ජනතාවට මෙම දුම්රිය ප්‍රවේශ පත්‍රයන් මිලදී ගැනීමට මෙමඟින් අවස්ථාව ලැබෙනවා. දැනට දුම්රිය ධාවනයවන ඕනෑම දුම්රිය ස්ථාන දෙකක් අතර ගමන් කිරීමට අවශ්‍ය 02 වන හා 03 වන පන්තියේ ප්‍රවේශ පත්‍ර ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පතක් මගින් මුදල් ගෙවා මිලදී ගත හැකිවන අතර, මුදල් ගෙවූ පසු කෙටි පණිවිඩයක් මගින් හෝ ඊමේල් පණිවිඩයකින් මුදල් ගෙවන්නාගේ ජංගම දුරකථනය වෙත ප්‍රවේශපතෙ QR කේතය එවනු ලබයි.

තව කියවන්​න