Author: Kesara Athipola

මෙවර මැතිවරණයට ඉදිරිපත්වන ජනපති අපේක්ෂකයකුගේ විද්වත් හමුවක් යැයි පැවසෙන අවස්ථාවක් අනුරාධපුර ප්‍රධාන පෙළේ හෝටලයක ඊයේ (25) සංවිධානය කර තිබුණා. කෙසේ වෙතත් එයට සහභාගි වූ ආරාධිතයන් සඳහා සූදානම් කොට තිබූ රාත්‍රී භෝජන සංග්‍රහය මැතිවරණ කොමිෂන් සභාවේ අනුරාධපුර සහකාර කොමසාරිස්වරයා විසින් තහනම් ක‍ර තිබෙනවා. එහිදී අනුරාධපුර හෝටලයක රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන බවට අනුරාධපුර සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලයට ලද පැමිණිලක් ලැබී තිබුණා. ඒ අනුව එම කාර්යාලයේ නිලධාරීන් පිරිසක් පොලිස් නිලධාරීන් සමග පැමිණ, ආරාධිතයන් සඳහා ලබා දීමට තිබූ පිසූ ආහාර සඳහා මුද්‍රා තබන ලද අතර, ආරාධිතයන් සඳහා ලබා දීමට තිබූ මත්පැන් බෝතල් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙම හමුවට ආරාධිතයෝ 150ක් පමණ පැමිණ ඇති…

තව කියවන්​න

රටේ පැවති සියලුම ව්‍යසනයන් මගින් අතිශයෙන් පීඩාවට පත් වුයේ කනතාවන් බව ජාතික ජනබලවේගයේ නායක අනුරකුමාර දිසානායක මහතා පවසනවා. ඒ මහතා මේ බව කියාසිටියේ කොළොඹ පැවති ජනරැලියකට එක්වෙමින්. ශ්‍රී ලංකා පොදුජනපෙරමුණ විසින් රටේ ජනතාව දිවිහිමියෙන් රැකගැනීමට කටයුතු කරන බව ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා. දුප්පත්කම තුරන් කරමින් නව ව්‍යවසායන් රට තුල ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ වෙනුවෙන් තමන් දැඩිව වෙහසවන බවයි ජන රැලියකට එක්වෙමින් ඒ මහතා කියාසිටියේ. තමන් දිවි පරදුවට තබා ජනතාවත් රටත් බේරාගැනීමට කටයුතු කල බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

තව කියවන්​න

මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා ඇකඩමියේ පර්යේෂණ වාර්තාව මගින් මෙය තහවුරු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව මිනිසාගේ ලිංගිකත්වය නිර්ණය කරනවයි නම් වර්ණදේහය පසුගිය වසර මිලියන ගණනක් තුළ වෙනස්කම් රැසකට ලක් වී ඇති බව සඳහන්. පසුගිය වසර මිලියන 166 තුළ වයි නම් වර්ණදේහයට එහි ජානවලින් වැඩි ප්‍රමාණයක් අහිමිවී ඇති බවයි අදාළ පර්යේෂණයෙන් අනාවරණ වී ඇත්තේ. එය වසර මිලියනයකට ජාන 10ක අහිමි වීමේ අනුපාතයක් වනවා. ඒ අනුව වසර මිලියන 4.5ක් තුළදී අදාළ වර්ණදේහය සම්පූර්ණයෙන්ම නැතිවී යාමේ සම්භාවිතාවක් පවතිනවා. මෙම වර්ණදේහ නැතිවී ගියහොත්, උපදින සියලු දෙනා ගැහැනු ජීවින් වනු…

තව කියවන්​න

2024 ජනාධිපතිවරණයට අදාල පැමිණිලි සංඛ්‍යාව 925ක් දක්වා ඉහල ගොස් තිබෙනවා . මැතිවරණ කොමිෂන් සභාව සදහන් කලේ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 465ක් බවයි. ජාතික මැතිවරණ කළමනාකරණ මධ්‍යස්ථානයට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 460ක්. මේ අනුව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 901ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම සදහන් කළා. එමෙන්ම මැතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි 28ක් පොලිසියට ද ලැබී තිබෙනවා.

තව කියවන්​න

අයි.එන්.එස්. මුම්බායි යුද නෞකාව අද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. සුහද සංචාරයක් සදහා දින තුනකට පැමිණෙන මෙම නෞකාව එළඹෙන 29 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති බවයි නාවික හමුදාව සදහන් කළේ. අයි.එන්.එස්. මුම්බායි යුද නෞකාව ශ්‍රී ලංකා වරායකට පැමිණෙන පළමු අවස්ථාව මෙය වනවා.

තව කියවන්​න

බදු පිළිබඳ සියලු තොරතුරු අද දිනයේදී හෙළිදරව් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අමාත්‍යවරයා පවසන්නේ මෙම වකවානුව තුළ හිඟ බදු අය කරගනිමින් රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට කටයුතු කළ බවයි. හිඟ බදු අය කරගැනීම සඳහා බැංකු ගිණුම් 900ක් පමණ මේ වනවිට නවත්වා ඇති අතර එම හිඟ බදු මුදල් අය කරගැනීමට පියවර ගනිමින් සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා. ඒ අනුව අද දිනයේදී බදු පිළිබඳ සියලු තොරතුරු මාධ්‍ය වෙත හෙළි කිරීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් කියාසිටියා.

තව කියවන්​න

එළබෙන සැප්තැම්බර් මස 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දදායකයින් සඳහා යැවෙන ලියාපදිංචි තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටුව භාර ගැනීමේ කටයුතු අද දිනයේ සිදු කිරීමට නියමිතයි. එමෙන්ම ඡන්ද කාඩ්පත් බෙදාහැරීමේ කටයුතු සැප්තැම්බර් 03 වනදා ඇරඹෙන අතර සැප්තැම්බර් 08 විශේෂ දිනයක් සේ සලකා එම බෙදාහැරීම් කටයුතු සිදු කෙරෙනු ඇති. මෙම කටයුතු හේතුවෙන් ජනාධිපතිවරණය අවසන් වන තෙක් තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම සේවකයින්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වනපරිදි අවලංගු කෙරෙන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළා. එහිදී අසනීප තත්ත්වයක් හෝ විශේෂ අවස්ථාවක් සඳහා පමණක් පළාත් නියෝජ්‍ය තැපැල්පතිවරයාගේ අනුමැතිය යටතේ නිවාඩු ලබා ගත හැකි බවයි නියෝජ්‍ය තැපැල්පතිවරයා පැවසුවේ.

තව කියවන්​න

ගාසා හී පවතින යුද ගැටුම් සම්බන්ධයෙන් අමෙරිකාව ගෙන ආ සටන් විරාම කොන්දේසි හමාස් සංවිධානය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් කටාර් හි දින දෙකක සාකච්ඡා වටයක් පත්වා තිබු අතර එහිදී එදිරිපත් වු යෝජනා හමාස් සංවිධානය ප්‍රතික්ෂේප කල අතර මාස 10කට අධික කාලයක් පවතින යුධමය තත්ත්වය පාලනය කිරීමේ කටයුතු සදහා අමෙරිකාව ප්‍රමුඛ රටවල් කිහිපයක් මෙම සාකච්ඡා සඳහා එක් වූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

තව කියවන්​න

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා ඊට අමතරව බදුල්ල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.

තව කියවන්​න

ඊයේ දහවල් කාලයේදී බෝගමුව පොලිස් වසමේ පේරගහ්වත්ත ප්‍රදේශයේ පදිංචි මවක් සහ ඇගේ පුතුන් දෙදෙනා සමග නිවාස ආසන්නයේ ඇති දැදුරු ඔයේ දිය නෑමට ගොස් සිටියදී එක් දරුවෙකු දියේ ගිලි ජිවිතක්ෂට පත් ව තිබෙනවා. එමෙන්ම අනිත් පිරිමි දැරුවාද දියේගිලි අතුරුදන් තිබෙනවා. අතුරුදන්වූ එම දෙදෙනා අද අලුයම කාලයේදී සොයාගෙන ඇති අතර ඒ වන විටත් ඔහුන් මියගොස් සිට ඇති බවයි බෝගමුව පොලීස පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ බෝගමුව පොලිසිය විසින් සිදුකරනු ලබනවා.

තව කියවන්​න