- වසර 27කට පසු දිල්ලියේ බලය මෝදිගේ පක්ෂයට
- නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- මුල් දින 05 තුල සංචාරකයින් 44,000ක් දිවයිනට
- පාරිභෝගික අධිකාරියෙන් මේ වන විට සහල් වැටලීම් 2,000 ක්
- විදුලි බිල පනත සංශෝධනයට අදාලව මහජන අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කෙරේ
- කලාපීය ආරක්ෂාව ගැන ඉන්දියාවෙන් ලංකාවට සහතිකයක්
- ඇලස්කාවේ අතුරුදන් වූ ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- පාරිභෝගික අධිකාරියේ සහල් වැටලීම් අඛණ්ඩව
Author: Kesara Athipola
විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදයට ක්‍රියාත්මක කළ දිනයක් සහ වේලාවක් වෙන් කරගැනීමේ ක්‍රමය අද සිට අත්හිටුවා තිබෙනවා. මේ අනුව නැවතත් පැමිණෙන පිළිවෙල අනුව සේවා සැපයීම සිදු කෙරෙනු ඇති. කෙසේ වෙතත් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා බත්තරමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට පැමිණි ජනතාව පසුගිය දින කිහිපය පුරාවටම දැඩි අසීරුතාවකට පත්වන ආකාරය දක්නට ලැබුනා. කෙසේ වෙතත් නිවේදනයක් නිකුත් කරමින් ආගමන හා විගමන පාලක ජනරාල්වරයා ප්‍රකාශ කළේ මේ වනවිට බලපත්‍ර නිකුත් කිරීම සීමා කර ඇති බවයි. හදිසි අවශ්‍යතා සඳහා පමණක් විදේශ ගමන් බලපත්‍ර ඉල්ලුම් කරන ලෙස ආගමන විගමන පාලකවරයා ප්‍රකාශ කළා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපතිවරයා ලෙස ඉන්දීය ජාතික ජේ ෂා නිතරගයෙන් තේරී පත්ව තිබෙනවා. ඔහු වාර්තා අතරට එක්ව ඇත්තේජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට පත් ලාබාලතම පුද්ගලයා ලෙසයි. 35 හැවිරිදි ඔහු දෙසැම්බර් 01 වනදා සිට අදාළ ධුරයේ කටයුතු කරනු ඇති. මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස නවසීලන්ත ජාතික ග්රෙග් බාර්ක්ලේ කටයුතු කරනු ලබනවා. අයි.සී .සී යේ නව සභාපති ජේ ශා , ඉන්දීය ක්‍රිකට් පාලක මණඩලයේ වත්මන් ලේකම් වරයා ද වනවා.
මැතිවරණ කොමිසම අද දිනයේදී රැස්වීමට නියමිතයි. එහිදී පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සිදු කෙරෙනු ඇති. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ ප්‍රධාන වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි . සාකච්චාවෙන් අනතුරුව පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවද සභාපතිවරයා ප්‍රකාශ කළා. මේ අතර මෙවර ජනාධිපතිවරණයට අදාලව පසුගිය පැය 24 තුලදී පැමිණිලි 95 ක් වාර්තා වු බව මැතිවරණ කොමිසම පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සදහන් කලේ ජනාධිපතිපතිවරණයට අදාලව මේ දක්වා සමස්ථ පැමිණිලි 1 155 ක් වාර්තා වී ඇති බවයි.
ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකත්වය භාරගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා සිය පක්ෂ සාමාජිකත්වයෙන් සහ තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ එම පක්ෂයේ ලේකම් වාසුදේව නානායක්කාර මහතා වෙත ලිපියක් යොමු කරමින්. ඔහු පෙන්වා දෙන්නේ වර්තමාන දේශපාලන තත්ත්වය තුළ සාකච්ඡා කරගත් පරිදි ඉලක්ක සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමට පක්ෂයේ සෙසු පිරිස දක්වන ප්‍රතිචාරය තමාගේ මෙම තීරණය ගැනීමට හේතුවූ බවයි.
ඩුබායි රාජ්‍යයේ සැගව සිටි මෙරට මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික්ගේ පුත් නදීන් බාසික් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුට විරුද්ධව චෝදනා 02ක් එල්ලවන අතර ඩුබායි රාජ්‍යයේ විදේශගතව සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි අවස්ථාවේ දී වැල්ලවත්ත පොලිස් ස්ථානය මගින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2024 ජනාධිපතිවරණයට අදාළ සමස්ථ පැමිණිලි සංඛ්‍යාව 1052 දක්වා ඉහල ගොස් තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කලේ ගතවූ පැය 24 තුල පමණක් ප්‍රචණ්ඩ ක්‍රියා 03 ක් ඇතුළුව සමස්ත පැමිණිලි 127 ක් ලැබී ඇති බවයි. මේ අතර මැතිවරණ නීති උල්ලංඝනය කරමින් දැන්වීම් ඇලවීමේ කටයුතු වල නිරතව සිටි පුද්ගලයින් දෙදෙනෙකුට රුපියල් තුන් දහසක දඩ නියම කර තිබෙනවා. එම නියෝගය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසිනුයි ලබා දී ඇත්තේ . එම පුද්ගලයින් දෙදෙනා කොළඹ කෞතුකාගාරය ඉදිරිපිට මාර්ගයේ පහන් කණුවල මැතිවරණ දැන්වීම් අලවමින් සිටියදි කුරුඳුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුනා. ඒ මැතිවරණ කොමිසමේ නිලධාරියකු විසින් සිදු කල කළ පැමිණිල්ලකට අනුවයි. අදාළ පුද්ගලයින් නාරාහේන්පිට හා…
වී ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය ඉහළ නැංවීමට රජය තීරණය කර තිබෙනවා. ඉදිරි කන්නයේ සිට මෙම පොහොර සහනාධාරය ඉහළ නැංවීමට තීරණය කර ඇති අතර ඒ අනුව හෙක්ටයාරයකට රුපියල් 15,000ක් වූ පොහොර සහනාධාරය රුපියල් 25,000ස දක්වා ඉහළ නැංවීමට නියමිතයි. ඊට අදාළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී තිබෙනවා.
අද දිනයේ සිට රජය විසින් වී මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වී අලෙවි මණ්ඩලය පවසනවා. එහි මූලික අදියර වශයෙන් මහාභාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 500ක මුදලක් ලබාදී ඇති බව සදහන්. ඒ අනුව සම්බා වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 115කට සහ කීරි සම්බා වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 130ක මිලකට මිලදී ගැනීමට කටයුතු කරන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා සඳහන් කලා.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. සෙසු ප්‍රදේශවලට වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ. කෙසේ නමුත් බදුල්ල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපර්තමෙන්තුව පවසන්නේ.
ජාතික ජන බලවේගය පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වූවා. ”පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන්න මොවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තේමාවයි. ශ්‍රී ජයවර්ධනපුර පිහිටි පෞද්ගලික හෝටල් පරිශ්‍රයක පැවති උත්සවයකදීයි මෙය එළිදක්වා ඇත්තේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222